මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Friday, October 5, 2018

අහස් ගව්ව යොදුනක් වී ලෝකෙම එක යායයි…කවි ....අනුරුද්ධ වැලිගමගේ


Image result for girl in flower garden

Image result for parents & kids



සදට තරුට මල් පෙත්තට
 කවි ලිව්වා ඉවරයි
මුහුණු පොතේ ලෝකෙ පුරා
ගමන හරිම කදිමයි

ගහ කොල ගැන , දිය ඇලි ගැන
 ගී පද අද නෑසෙයි
රොකට් එකෙන් හදට ගිහින්
 හිනා වෙන්න දවසයි

ආදරයට සුවද කවා ලිව්ව
 හසුන් කටුගෙයි
අපේ ළමයි පුදුම වෙලා
පෙම් කල හැටි අහමින්

අහස් ගව්ව යොදුනක් වී
ලෝකෙම එක යායයි
 අනේ අපොයි නොම කියමින්
 බලනා අය අරුමයි ..........


අනුරුද්ධ වැලිගමගේ

* සේයාරූ - අන්තර්ජාලයෙන් Google images

Image result for man looking horizon


Image result for rocket in space

11 comments:

  1. Harima lassanai :)

    ReplyDelete
    Replies
    1. ඔබේ ගොඩ වැදීමටත් අගය කිරීමටත් ස්තුතියි .

      Delete
  2. අහම්බෙන් මේක නෙත ගැටුනේ

    ReplyDelete
    Replies
    1. ඔබේ ගොඩ වැදීමටත් අගය කිරීමටත් ස්තුතියි .

      Delete
    2. නවක බ්ලොග් කරුවන්ට නිරන්තරයෙන් අත දෙන ඔබ මගේ බ්ලොග් අඩවියට ගොඩවීම ගෞරවයක්.

      Delete
  3. ඔන්න අපිත් ‌ෙගොඩ වැදුණා බ්ලොග් රස විඳින්න

    ReplyDelete
    Replies
    1. නලීන් ඔබේ ගොඩ වැදීමටත් අගය කිරීමටත් ස්තුතියි .

      Delete
  4. ඔබේ සටහන දැකලා ගොඩ වුනාම තමා මතක් වුනේ ඉකොනොමැට්ටාත් ඔබේ අඩවිය නිර්දේශ කරලා තිබුනා කියලා.. ඔන්න මගේ බ්ලොග් රෝලටත් ඇඩ් කරගත්තා.. දැන් ඉතින් කියවන්න තමා ඕනා... :D

    බොහොමයක් පරණ බ්ලොග් කාරියෝ/කාරයෝ නිහඬ වෙලා ඉන්න නිසා අලුත් අයගේ පැමිණීම හරි වටිනවා...

    ජය !

    ReplyDelete
    Replies
    1. සෙන්නා ඔබේ දිරි ගැන්වීමටත් , ප්‍රචාරයටත් ස්තුතියි . ඉඩ ලැබෙන විදිහට බලලා අඩුපාඩු කියන්න . හෙමින් හොද ගමනක් යන්නයි මගේ අදහස .

      Delete
  5. ඔබව මා දුටුවේද අහම්බෙන්. එබේ නිර්මාණ තුළ පෙනෙන ප්‍රතිභාව කදිමයි. ඉදිරියටත් ලියන්න. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔබේ දිරිගැන්වීම හයියක් . ඔබේ නිර්මාණ දිවියටත් ජය . දිගටම කියවන්න . අඩුපාඩු ලියන්න .

      Delete