මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 20, 2018

සුදෝ නුබේ හිත ඉල්ලන් නෑගම් එන්නම්...........



Related image


තරු එළියට සෙවණ සදන
අඩසද මම නම්
සේපාලිකා සුවද දිගේ
ඔබ වෙත එන්නම් .........


හිනා කිකිණි හඩ මැද්දේ
තෙපලන එවදන්
අහන් ඉන්න මල්පාරේ
යන්නට එන්නම් ........


නිල් දෑසේ කොනේ රැදුණු
බැල්මට මනරම්
සුදෝ නුබේ හිත ඉල්ලන්
නෑගම් එන්නම් .......


අනුරුද්ධ වැලිගමගේ 

Image result for couple walking in trees with flowers


දසුන්  - අන්තර්ජාලයෙන් ..... Google Images

2 comments:

  1. අම්බලමට ඇවිත් යන්න. https://ambalamaa.blogspot.com

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ආරාධනාවට ... ඔන්න ගොඩවුණා . සීමා මායිම්, ආකල්ප , මතවාද වලට බය නොවී යථාර්තය ගැන ලිවීම සතුටුයි . දිගටම නොබියව ලියන්න . ඔබට ජය .

      Delete