මේ කෙටිකතාවක් අහන කාලයයි. අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...
පාව ගිය සදවතිය.....
අද කතාව....... පාව ගිය සදවතිය ..... සවනට රචනා කලේ අනුරුද්ධ වැලිගමගේ
කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි.
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට
කතාවට පාදක වූ කෙටිකතාව
සේයාරූ - අන්තර්ජාලයෙන් -
Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
" අදුනන්න පුළුවන්ද? අපි දැන් ගාල්ලෙ ඉන්නෙ. මම ආවා ඉසුරුපායට ඇවිල්ල යන්න ".
" අපොයි මොකද බැරි. හිතුවද එහෙමත් අමතක වෙනව කියල "
" හරි. හරි ... ඔයත් එක්ක වාද කරලා දිනන්න මට බැහැනෙ. ඉතින් අනු .... කොහොමද ජීවිතේ ..." චන්දිමා අපහසුවෙන් මෙන් වචන ගැලපුවාය.
" හිතත් එක්කම පිරුණා කාලෙකට පස්සෙ හරි ඔයා දැකල. කෝච්චිය එනව මම යන්නම් එහෙනම් " මාතර බලා යන රුහුණු කුමාරි යන රුහුණු කුමාරි දුම්රිය පැමිණියෙන් දගකාර කෙල්ලක මෙන් අතවනා චන්දිමා දුම්රියට නැගුනාය.
අද කතාව....... පාව ගිය සදවතිය ..... සවනට රචනා කලේ අනුරුද්ධ වැලිගමගේ
කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි.
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට
කතාවට පාදක වූ කෙටිකතාව
පාව ගිය සදවතිය .....
මම
කවුළුවෙන් ඈත අනන්තය දෙස බලා සිටිමි. ඇසට අසුවන මානයේ දිස්වන්නේ මිහිදුම් වලා කැටි සමග තෙරපෙමින් පෙම්බස් දොඩන කදු මුදුන්ය. එන්ජිමේ ගොරහැඩි හද වැඩි වුයෙන් එය මහත් අසීරුවෙන් කන්ද අදින සෙයක් දැනේ.
ජීවිතය
දිනෙන් දින අත්දැකීම් නම් දැනුම් සමුදාය එක්කරන තක්සලාවක් වැන්න. මම කොළබ පැවැත්වුණු සේවාස්ථ වැඩමුළුවකට සහභාගීව පෙරලා ගම්පොල බලා යමි. මේ මගෙහි මා දුම්රියෙන් ගමන් ගත් වාර ගණන මෙතෙකැයි ගණන් කල නොහේ. රත්මලානේ සිට කලක් පේරාදෙණිය සරසවියටත් අනතුරුව මාතලේ සහ ගම්පොල සේවය කරන විටත් මා දහස්වර මේ මගෙහි ගොස් ඇත්තෙමි. එහෙත් මට අද ගැන දැනෙන්නේ හරිම නුහුරු නුපුරුදු හැගීමකි. අද හවස සිදුවූ
සිදුවීම සිහිපත් වන විට මට දැනෙන්නේ හිස කකියන සුළු බවකි. එහෙත් ඒ සමග යලිත් සිහිගැන්වුනු සුන්දර අතීතය අමතක කර දැමිය හැකිද?
" අනුරාධ
" කොටුව දුම්රිය පොලේදී මගේ නම සිහින් හඩින් යමෙකු කොදුරනු ඇසී මම ආපසු හැරුණෙමි. ඒ මිහිරි හඩත්, පිච්ච මල් සුවදත් මට අමතක කල නොහැකි මිහිරි අතීතයක නටබුන් ඉතිරි කල මතකයන් බැවින් මා ආපසු හැරුණේ නිරායාසයෙනි.
" අදුනන්න
පුළුවන්ද? අපි දැන් ගාල්ලෙ ඉන්නෙ. මම ආවා ඉසුරුපායට ඇවිල්ල යන්න ".
" අපොයි
මොකද බැරි. හිතුවද එහෙමත් අමතක වෙනව කියල "
" හරි.
හරි ... ඔයත් එක්ක වාද කරලා දිනන්න මට බැහැනෙ. ඉතින් අනු .... කොහොමද ජීවිතේ ..." චන්දිමා අපහසුවෙන් මෙන් වචන ගැලපුවාය.
" හිතත්
එක්කම පිරුණා කාලෙකට පස්සෙ හරි ඔයා දැකල. කෝච්චිය එනව මම යන්නම් එහෙනම් " මාතර බලා යන රුහුණු කුමාරි යන රුහුණු කුමාරි දුම්රිය පැමිණියෙන් දගකාර කෙල්ලක මෙන් අතවනා චන්දිමා දුම්රියට නැගුනාය.
මට
එදා සිහිවිය. මම නිවාඩුවට ගෙදර ගොස් නැවත පේරාදෙණි එමින් සිටියෙමි. ප්රියමනාප පෙනුමකින් යුත් මල් වැටුණු ගවුමකින් සැරසුණු යුවතියක් රාගමදී දුම්රියට ගොඩවිය. වේයන්ගොඩදී මා අසල අසුන හිස්වුයෙන් ඇයට ම අසලින්ම වාඩිගන්නට සිදුවූයේ අහම්බෙනි. කොහේදී හෝ ඇය දැක තිබෙන බව මගේ මතකය කියුවත් ඒ කොහේදී දැයි සිහියට නැගුනේම නැත.
දෙතුන්
වරක් මතකයට නගා ගන්නට උත්සාහ කල මම අවසනදී " ඔයා
කොහේදී හරි දැකල තියෙනවා " යි ඇසීමි. මුව පුරා සරසාගත් සිනහවකින් සංග්රහ කල ඇය කිසිත් නොකීවාය. ඇගේ නිහඩතාව බිදිමින් මම යලිත් ඇය ඇමතීමි. " නංගි කොහාටද යන්නෙ "
" පේරාදෙණියට
, මම අය්යව දැකල තියෙනවා රැග් කරවන්න ආපු වෙලාවක. සෙකන්ඩ් යර් එකේ නේද ?.
මම මවිතයට පත්වීමි.ඇයද ගිය වාරයේ සරසවි වරම් ලද සමනලියන් ගොන්නට එකතු වූවෙකි. සිහින් හඩින් පිලිතුරු දුන් ඇගේ සුන්දරත්වය මල් වැටුණු තවත් වැඩිවී ඇතැයි මට සිතේ. සමන් පිච්ච මල් සුවද විලවුන් සුවද අතරින් මම චකිතයෙන් යුතුව කිහිපවරක් ඇගේ මුහුණ බැලුවෙමි. ඇය ඇස් කොනකින් බලා යලිදු සිනාසුණාය. පිරුණු දෙකොපුල්, මුතුවන් දසන් පෙල ඇගේ සිනහව අලංකාරවත් කලේය.
චන්දිමා
ඉන් පසුව සරසවි බිමේදී යලි යලිත් හමුවීම තුලින් අප දෙසිත් යා කරවීය. සැමදා මලින් පිරි සරසවි බිමේ ඇයට මාත්, මට ඇයත් නොදැක සිටින්නට අසීරු වන තරමට අපේ සම්බන්ධය දියුණු වන්නට තෙමසක් ගතවූයේ නැති තරම්ය.
වෙහෙසකර
දිවා දේශනයක් අවසන් වන සැදෑවක ගං ඉවුරේ උණ පදුරක් අපේ නවාතැන වන්නේ නිතැතිනි. ආදරය කොතරම් බොළද දැයි කවුරුන් කෙසේ විග්රහ කළත් අපි සැවොම ඒ පුංචි පුංචි දේ අදටත් සිහි කරමින් සතුටු වන්නෙමු. ඇය නොයෙක් දෑ කියමින් හුරතල් වන්නේ පුංචි දැරිවියක පරිද්දෙනි. අදුර දසතින් නැගෙමින් සදට ඇරයුම් කරද්දී මම මගේ සදවතිය ඇගේ නේවාසිකාගාරය වෙත ඇරලවමි. මුවින් නොකීවත් නවාතැන අසලදී ඇය මා දෙස බලන්නේ " හෙටත් එනවා නේද " වැනි බැල්මක් හෙලමිනි.
විටෙක
චන්දි මහත් පරිත්යාගශීලී ගැහැණියක වුවාය. මා යතුරු පැදියෙන් වැටී ගිලන්ව රෝහලේ ගත කල සමයෙහි ඇගේ කැපවීම මට කිසි දිනෙක අමතක කල නොහැක. උදැසනින්ම මා බලන්නට එන ඇය සියළු සත්කාර කොට සරසවියට යයි. දේශන හමාර වූ පසු යලිත් දිව එන ඇය මගේ අඩුපාඩු සොයා බලා ආපසු යන්නේ රෝහලේ නිලධාරීන් " දැන් ලෙඩ්ඩු බලන්න ආපු අය යන්න" කියා මොරදෙන මොහොතේය. එයිනුත් නොනැවතී ඇය මගේ මිතුරන්ගෙන් සටහන් ඉල්ලාගෙන මට මගහැරුණු දේශන සටහන් සකසා තිබුනේ රෑ නිදි මරමිනි.
" චන්දි
නම් මහා පුදුම කෙල්ලෙක් බං. වෙන එවුන් නම් ඔහොම කරයිද " මගේ මිතුරන් චන්දිමා අගය කරන විට මට මහත් ආඩම්බරයක් දැනෙන්නට විය. සමහරෙකුගේ සරසවි විප්ලවයත්, සරසවි ප්රේමයත් සරසවියෙන් නික්ම යත්ම නැවතීමේ තිත තබතත් අපට එසේ වෙතැයි මා සිතුවේ නැත. දිනෙක සවස මා බැලීමට පැමිණි විටෙක " චන්දි කවදා හරි ඔයා මාව දාල යනවද? " කියා ඇසුනේ නිකමටය. කිසිත් නොදෙඩු ඇය මා වෙත තුරුළු වුවාය. ඇගේ දෙකම්මුල් අතරින් ගලා ආ සිහින් කදුළු බිදු කිහිපයක් මගේ සුරත තෙත් කරනු මට දැනිණි." හරි හරි නිකමටයි කීවෙ. කෙල්ලෙ ඕකට අඩන්න ඕනැය. කෙල්ලො කොල්ලො ආවම නිතරෝම කියන්නෙ ඔයාගෙ මහන්සිය ගැන. මට ඔයා ගැන ලෝබ හිතුණ "
සනීප
වී පැමිණ සුපුරුදු ලෙස අපි අධ්යාපන කටයුතුවල යෙදුණෙමු. මම වසර අවසන් සමත්ව වාණිජ බැංකුවක රැකියාවකට ගියෙමි. ප්රධාන කාර්යාලයෙහි සේවය සදහා තෝරා ගැනුණු බැවින් සති අන්තයේදී ඇය හමුවනු වස් නුවර ඒම පුරුද්දක් කර ගතිමි. සුපුරුදු පරිදි කාලය ගලා ගොස් චන්දිද අවසන් පරීක්ෂණයට ලියා ප්රථිපල බලාපොරොත්තුව නිවසේ උන්නාය.
චන්දිගේ
පියා හදිසි හදවත් රෝගයකින් මියගිය බව දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබුණේ ඒ අතරය. සියළු අමිහිරි සිදුවීම් වල ඇරබුම එතනදැයි මට සිතේ. චන්දිගේ තාත්තාගේ අවමගුල් කටයුතු වලට සරසවියේ බොහෝ දෙනෙක් උදව් උපකාර කලේ තමන්ගේම කටයුත්තක් සේ සලකමිනි. සියල්ල හමාර විය. දෙමසකට පමණ පසු දිනෙක ඇය මා ඇමතුවේ හදිසියේ හමුවිය යුතු බව කියමිනි.
නියමිත
දිනයේ මා ඇය හමුවීමි. " අනුරාධ " ඇය ඉකිබිදියි. " මාත් එක්ක කවදාවත් තරහ වෙන්නෙ නෑ කියන්න "
" මොකක්ද
චන්දි ඔයා කියන්න යන්නෙ. පිං සිද්ද වෙයි කියන දෙයක් කියන්න කෙටියෙන් "
" අපට
මේ සම්බන්ධය නවත්වන්න වෙනවා අනුරාධ, අපට හංගගෙන හිටියත් අය්ය රුසියාවට යවන්නත්, තාත්තගෙ ලෙඩවලට බෙහෙත් ගන්නත් තාත්තා ගනේමුල්ලෙ නැන්දලගෙන් ගොඩක් සල්ලි අරගෙන තියෙනවා. හවුල් දේපල පිටට විකුනන්නෙ නැතුව නැන්දලා ඒවා කරලා තියෙන්නෙ ගිවිසුමක් උඩ. චමල් අය්යට ඒ කියන්නෙ නැන්දගේ පුතාට මාව බන්දලා දෙන පොරොන්දුව පිට"
ඇය මහත් අසීරුවෙන් බිම බලාගෙන වචන ගැට ගැසුවේ එලෙසිනි
මට සියල්ල
උඩු යටිකුරු වන සෙයක් දැනිණි." මාත් එක්ක තරහ නැහැ කියන්න ". චන්දි මගේ
අතින් අදිමින් පැවසුවාය. මට කිසිවක් කීමට තරම් හිතට දිරියක්ද නැත. පෙම්කල සිතට වෛර
කරන්නටද බැරිය. මට කොළබ සිටීමත් එපා විය. ගම්පොල අළුතින් ආරම්භ කරන ශාඛාවට පිරිස් සොයන
බව ආරංචි වී එයට මාරුවක් ගතිමි.
ඒ අමිහිරි
අතීතය අද දුක්බර කදුලක් වුවද මගේ මතකයෙන් බැහැර කරන්නට නුපුළුවන. අළුතින් ආරම්භ වන
ශාඛාවේ වැඩ කටයුතු බහුල වූයෙන් සති අන්තයන්ද ඇතුළුව ජීවිතය වෙනස්කර තිබිණි. හිත නිස්කලංක
වන්නටත්, කොළබ හෝ නුවර එන්නටත් ඉඩකඩ ලැබුනේම නැත.
එහෙත් අද
සවස සිදුවූ අහබු හමුවෙන් අනතුරුව මට යලිදු සදවතිය සිහිවේ. කුඩාවට පායා පුන් පෝදා වන
විට විසල් අහස එළිය කරන සද යලිදු යන්නට යන්නේ ජීවිතයේ සත්‍ය එලි දක්වමිනි. චන්දිද මට
හමුවී මගේ සිත එළිය කර යන්නට ගියේ මෙපරිදිමය.
දුම්රිය
හූ හඩ නගන්නේ ඊළග නැවතුමට සුදානම් වන්න කියමිනි. මතකයන්හි ගැලී සිටී මා ගමනාන්තයට පැමිණ
සිටී. මම මගේ ගමන් මල්ල සකසා ගතිමි.
අනුරුද්ධ
හරිස්චන්ද්‍ර වැලිගමගේ
1997 ජනවාරි 22 දින අරලිය පුවත්පතේ පලවූවකි.
සේයාරූ - අන්තර්ජාලයෙන් -
Google Images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
++++
ReplyDeleteමිතිල ඔබේ කියැවීමටත්, ඇසීමටත් බොහොම ස්තුතියි
Deleteසොඳුරු කතාවක්
ReplyDeleteඅජිත් බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. පරණ කතාවක්.
Delete