සරු ගේය පදවැල් අතුරා
නිති සතුට බෙදමුද මිතුරා
නව නළු රසය ගෙන කලතා
මිහිමඩල .... රඟමඩල ....සරු සාර කල වියතා .....
සරු මහරු පදරුත් ගලපා
සුරු අනගි නිමැවුම් කෙරුවා //
තරු අකුරු මත හිත රඳවා
ගරු නමක් මෙහි පැල කෙරුවා
සරු ගේය පදවැල් අතුරා....
හෙළ ලකුණු මතකය ඔස්සේ
පසුතලය හැඩවී ඇත්තේ //
අප වෙසෙන මේ හිම පියසේ
ලක් මතක වැසි වැටෙනාසේ
සරු ගේය පදවැල් අතුරා....
කෙටිකතා පොත් පිටු අතරේ
මුල් සමයෙ ටෙලිනළු මැද්දේ //
නිති මතුව එන යන සබදේ
අපි පතමු ජය සිරි නිබදේ //
ගී පද - අනුරුද්ධ වැලිගමගේ
සංගීතය - තරිදු ජයතිලක, ගායනය - ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා සහ රිසෙදි රුවන්සා කරුණාරත්න
සටහන - ටොරොන්ටෝ ප්‍රජාවේ කලා කටයුතු වලදී නිරතුරු තම දායකත්වය දක්වන බන්දුල
කුරුවිට ආරච්චි මහතා වෙනුවෙන් පැවති ප්‍රණාම උළෙලේ උපහාර ගීතය
බන්දුල අය්යාට උපහාර පිණිස යම් පිරිසක් උත්සවයක් සංවිධානය කරන බව රූපණ මාධ්‍ය ජාල ප්‍රධානි වීරා ෆොන්සේකා මට කිව්වෙ අගෝස්තු මාසෙ දවසක . " අපි මොනවා හරි කරමු " කියල පටන් ගත් කතාබහට කරුණු කීපයක් එකතු වුනා. ඒ අතරෙ තිබුනු දෙයක් තමයි උපහාර ගීතයක් ලියන එක.
වැඩසටහනේ ආකෘතිය ගැනවත් , ඊට සම්බන්ධ වන සම්පත් දායකයින් ගැනවත් මට තොරතුරු ලැබුනෙ නැහැ. මම ස්වයං වාරණ දෙකක් දාගත්තා. එකක් බන්දුල අය්යාගේ නම නොලියා ඉන්න. දෙවැන්න බොරුවට පේන අගය කරන වචන එකතු නොකර ගන්න. මම දවස් කීපයක් බන්දුල අය්යා කල කී දේවල් ගැන හිතුවා. මුලින්ම ලියැවුනේ " සරු ගේය පදයක අතුරා " කියන පෙල. පස්සෙ සංගීතයට ගැලපෙන්න " සරු ගේය පදවැල් අතුරා" කියල ඒක වෙනස් වුනා.
හැබැයි මට ලැබුනු ප්‍රතිචාර වලින් මට හිතුනෙ මම බන්දුල අය්යාට සාධාරණයක් කලා කියලයි. ඒ සමරු දේශනය සහ වාර්තා වීඩියෝවේ විස්තර කල බන්දුල අය්යාව විනාඩි 3 කින් ආවරණය කරන්නට මට පුළුවන් වුනු හන්ද. අපි කැනඩාවේ සංගීත නිර්මාණ ශිල්පියෙක් ලවා යම් උත්සාහයක යෙදෙන කොට සංවිධායක මණ්ඩලය තරිදු ජයතිලක සම්බන්ධ කරගෙන ලංකාවෙන් සංගීත නිර්මාණය කරගෙන තිබුනා. ඇත්තටම තරිදුගේ නිර්මාණයට මම කැමති වුනා. ඒක හරි ලස්සන වැඩක්.
උත්සවයේදී එය මියුරු ලෙස ගායනා කලේ ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා මිතුරා සහ රිසෙදි රුවන්සා කරුණාරත්න දියණියයි. හැබැයි කවුද ගීය ගායනා කරන්නේ කියල මම කලින් දැනගෙන හිටියෙ නැහැ.
මේ ඒ උත්සවය ගැන මා ලියූ සටහන
බන්දුල අයියාට ටොරොන්ටෝවේදී පිදුනු මල් පොකුර " ආදරණීය සැඳෑවක්"
https://ahasgawwenehalokaya.blogspot.com/2025/10/blog-post_11.html
No comments:
Post a Comment