මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 11, 2020

රූපණ අන්තර්ජාල රූපවාහිනියේ 200 වන පියවර........................

Rupane


කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් සෑම සෙනසුරාදාවකම සිංහල මාධ්‍යයෙන් අන්තර්ජාලයට අළුත් වැඩසටහනක් එක්කරන රූපණ අන්තර්ජාල රූපවාහිනිය අද තම 200 වන වැඩසටහන ඉදිරිපත් කලා. ලංකාවෙන් ඈත පිටරටකදී පූර්ණ කාලීන නොවන රූපවාහිනියක් වැඩසටහන් 200 ක් ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ට කටයුත්තක්.

රූපණ ට අමතරව ටොරොන්ටෝවේ සිංහල ප්‍රජාව අතරේ ක්‍රියාත්මක වන තවත් මාධ්‍යය තිබෙනවා. කේබල් සම්බන්ධතා හරහා සතිපතා විකාශය වන අනෙක් රූපවාහිනී වැඩසටහන කලා කවයයි. දිනපතා අන්තර්ජාලය හරහා විසුරුවා හැරෙන රේඩියෝව  සවන රේඩියෝවයි. දසත සහ යාත්‍රා ටොරොන්ටෝවෙන් මාසිකව එළි දැක්වෙන පුවත්පත් දෙකයි.   

Rupane - Home | Facebook


මුහුණු පොත, වට්ස් ඇප්, වයිබර් වැනි සමාජ ජාලා හින්ද පහුගිය සතියේ නගරයේ සිදුවූ දෙයක් වාර්තා කිරීම පිළුණු වූ දෙයක්. 2016 දී රූපණ පටන් ගන්නා විට නිර්මාතෘ වීරා ෆොන්සේකා ගේ අදහස වුනේ අළුත් යමක් හැම සතියකම නරබන්නන් වෙත ඉදිරිපත් කිරීමයි. ඒ වගේම නියමිත විකාශන වෙලාවක් නොමැතිව කාර්යබහුල ඕනෑම කෙනෙකුට විවේකය ලැබුණු මොහොතක රූපවාහිනියෙන්, පරිගණකයෙන් හෝ ජංගම දුරකථනයෙන් ඕනැම තැනකදී බලන්නට පුළුවන් විනාඩි 30 ක වැඩසටහන් ඉදිරිපත් කිරීමයි. 

Sinhalese Heritage Day in Canada) – Rupane TV – Sri Lanka Canada ...

මේ වනවිට රූපණ අධ්‍යක්ෂක වරයා වන්නේ සංජීව අබේරත්නයි. රූපණ වැඩසටහන් කදිමට ගලපා සංස්කරණය කරන්නේ පුබුදු වනිගසේකරයි.  


Rupane Episode 177 - February 01 2020 in Rupane on Vimeo

රූපණ මේ වනතෙක් නිර්මාණය කල වැඩසටහන් 200 ම මේ දිගුව ඔස්සේ බලන්නට පුළුවන්. 


Rupane on Vimeo


2017 පටන් රූපණ නිර්මාණ අධ්‍යක්ෂක වරයා ලෙස මට යම් ලකුණක් තබන්නට හැකිවුණේ රූපණ විධායක නිෂ්පාදක වීරා ෆොන්සේකාගේ නායකත්වය සහ රූපණ නිර්මාණ කාර්යයට දායක වූ රූපණ කණ්ඩායමේ සැමගේ කැපවීම නිසයි.  

රූපණ 200 වන වැඩසටහනේ දිගුව 



රූපණ වැඩසටහන් අතරින් කිහිපයක් ගැන බ්ලොග් ගත සටහන් 

සංගීත 

නොමැකෙන ගී රස (8)


ලබැදි (4)


සද තරු යාය (6)
සුමියුරු ගී නද (3)

Rupane Episode 182 - March 07 2020 in Rupane on Vimeo


ළමා සහ කාන්තා 

පැංචන්ගේ සාදය ( 10)
කාන්තා හමුව ( 10)

Rupane Episode 175 - January 18 2020 in Rupane on Vimeo

නාට්‍ය 

ජයේ මාමාගෙන් අහන්න (2)
මොනවද මන්දා (2)

Rupane Episode 177 - February 01 2020 in Rupane on Vimeo

විවිධ 

අමයුරු කවි රස (1)
අළුත් අවුරුදු (4)


සිංහල අළුත් අවුරුදු (4)


වෙසක් (4)

පොසොන් (4)
මව් වරුන්ගේ දිනය (4)

පියවරුන්ගේ දිනය (4)

කාන්තා දිනය (4)

Rupane Episode 182 - March 07 2020 in Rupane on Vimeo

වාර්තා 

කැනඩා දිනය 
ශ්‍රී ලංකා තේ 
මහාචාර්ය සිරි ගුණසිංහ 

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් 
ආචාර්ය ජයලත් මනෝරත්න 

Rupane Episode 193 - May 23 2020 in Rupane on Vimeo

ආගමික 
අපේ පුදබිම් - බෞද්ධ (4)
මිඩ්ලන්ඩ් දේවස්ථානය සහ කතෝලික (4)
ඉස්ලාම් (2)
හින්දු (2)

අපේ සියවෙනි වැඩසටහන ගැන කල සටහන


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 Rupane Episode 186 - April 04 2020 in Rupane on Vimeo

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 Rupane Episode 180 - February 22 2020 in Rupane on Vimeo

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

  
 


No comments:

Post a Comment