මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 26, 2020

දේවී ...........අනුරුද්ධ වැලිගමගේ.....කවි.......

කෝච්චිය වැරදිලා

වැරදි පැත්තට ඇදුණු

දාක දුටු මල් ගවුම

හිත කොනක මල් පිපුණු

 

දෙකොන ගිනිගත් රටේ

පැතුම් එක නොවුණු

වාගෙ හරියට එයත්

රේල් පීලි වගෙලු

 

හිනා හඩ පිරිවරා

දකුණ උතුරට යැවුණු

යාල්දේවිය නැතිලු

මගුල් කිංකිණි ගැයුණු

 

හිත් අතර පිපුණු මල්

අකල් පරවී වැටුණු

තාම මතකයේ තියේ

ඉස්ටේසමේ කුළුණු 

 

අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

 
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි

5 comments:

  1. Replies
    1. Thank you for your feedback Ian. Happy Holidays & Healthier new year to you & family. Waiting to see more writing in 2021.

      Delete
  2. Keep up the great work Anuruddha!

    ReplyDelete
  3. හරිම අපූරුයි ඔබේ හැකියාව. සුභ පැතුම් මගෙන් ඔබට.

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

      Delete