මනරම් නයගරා දියඇල්ල අප නෙතට මවන්නේ මහත් චමත්කාරයක්. ඉතිහාසය දෙස බැලීමේදී නයගරාව බිහිවූ භූගෝලීය වෙනස්වීම් සමග ඇතිවූ කලාපයක් ඔන්ටරියෝ පළාතේ දකින්නට පුළුවන්. සොබාදහම මවා ඇති ඒ වෙනස්කම ඔබට, මට සංචාරය කරන්නට අපුරු තැන් රැසක් ඉතිරි කර තිබෙනවා. හොල්ටන් රක්ෂිතය මගින් පාලනය වන උද්‍යාන කිහිපයකම නිස්කලංක,විචිත්‍ර , පහසුකම් සපිරි මේ පරිශ්‍ර ගිම්හානයේ දවසක් ගතකරන්නට කදිමයි.ඇවිදින්නට,බයිසිකල් පදින්නට, හිතවත් පවුල් කිහිපයක් සමග බිත්ති වලින් කොටුවූ ගේදොරින් මිදී සිතල මද පවනක සාමීචියකට මේවා නියම වෙනසක් මවනවා. ටොරොන්ටෝවේ සිට පැයකට අඩු දුරකින් පිහිටි මේවා ඉතා සාධාරණ මුදලකට සේවා සපයනවා. අන්තර්ජාලයෙන් මේ වසරේ විශේෂ වැඩසටහන් දිනදසුන පිරික්සන්නට පුළුවන්.
ගැ රඩියා මුදුන ( Rattlesnake Point)
උස්ව නැගුණු කදු මුදුනක් වන මෙහි සිට ඔබට මේ කලාපයම නිරීක්ෂණය කරන්නට පුළුවන්. බහුලව රාජාලියන් වෙසෙන ඉසව්වක් බැවින් රජාලියෙකු දැකීම ගිම්හානයේදී සුලබ දසුනක්. වනගත බිමක් වන මෙහි නිතර ගැ රඩියන් වැනි විෂ රහිත සර්ප විශේෂ බහුල වීම නිසා මේ නම ලැබෙන්නට ඇති. කඹවලින් එල්ලී කදු නගින අයට ඒ සදහා කොකු සහ මංපෙත් පර්වතයේ සකසා තිබෙනවා. මෙහි ඇති උද්‍යානය විශාල පිරිසකට රැස්වන්නට පහසුකම් සහිතයි. අන්තර්ජාලයෙන් එම පරිශ්‍ර වෙන්කරවා ගන්නටත් පුළුවන්. පාරිසරික සේයාරූ සදහා පසුතල බොහොමයක් මෙහිදී දැකිය හැකියි.
ක්රෝෆොර්ඩ් විල ( Crawford Lake )
අතීතයේදී ඉරකුයිස් (Iroquois) ) ජනාවාස මේ ආශ්‍රිතව පැවති අතර එය ප්‍රතිනිර්මාණය කර මෙහි තනා ඇති අංග සහ කෞතුකාගාරය මහත් අධ්‍යාපනික වටිනාකමකින් යුත් බව කිව යුතුය.අතීතයේදී පැවති ගෝත්‍රික නිවහන සක්‍රිය කරන්නට සේවකයින් කරන පැහැදිලි කිරීම් සහ නිරුපණ විශිෂ්ටයි.ගිනි දල්වා ගත් හැටි ආහාර කල්තබා ගත් හැටි මෙන්ම ඔවුනගේ ක්‍රීඩා අත්හදා බැලීම සදහා මෙහි පහසුකම් සලසා තිබෙනවා. කලක් පවුලේ ගොවිපොලක්ව පැවැති මේ පරිශ්‍රය 1971 දී රක්ෂිතයක් බවට පත්කර තිබෙනවා. කිලෝමීටර 19 ක දුරින් යුතු ඇවිදින මංපෙත් වලින් පිරි විලක් මැදිවූ මෙහි විල වෙත යන මාවත දෙපස ඇති රුක් කැටයම් ඉතා අගනා කලා නිර්මාණ බව ඉදිරිපස හෝ ආසන්නයේ සිට සේයාරූ ගන්නට පොරකන පිරිස් නිසා පැහැදිලියි.
නෙමෝ කන්ද ( Mount Nemo)
පක්ෂීන් පිළිබදව අප නොදන්නා දේ දන්නා දේට වඩා වැඩියි. මෙම පරිශ්‍රයේදී ඔබට කුඩුවල රැදවුණු විවිධ පක්ෂීන් දකින්නටත් කුරුළු සංදර්ශනයක් ( Birds of Prey) අත්විදින්නටත් පුළුවන්. පිරිසක් සමග විවේකය ගත කරන්නටත් ඇති පදම් ඉඩ පහසුකම් මෙහි තිබෙනවා. ගොවිපොල සතුන් ගැන ඇල්මක් දක්වන යට, විශේෂයෙන් කුඩා දරුවන්ට ඒ සදහා මෙහි ඇති ආදර්ශ ගොවිපොලට ගොඩ වැදෙන්නට පුළුවන්.
හිල්ටන් ඇල්ල ( Hilton
Falls)
19 වන සියවසේ ක්‍රියාත්මක වූ අඩි 40 ක් වටප්රමානයෙන් යුතු ජල රෝද මගින් ක්‍රියාත්මක වුණු
ලී මෝල් 2ක් සදහා උදව් වුණු සොබාවික දියඇල්ල ක් සහිත මේ
පරිශ්‍රය ගිම්හානයේදී ඇවිදින්නටත්, බියිසිකල් පදින්නටත්, ශීත කාලයේදී හිම මත ලිස්සා යන්නටත් , චිකඩි (Chickadees)නම් කුඩා කුරුල්ලන් සදහා කෑම කවන්නටත් කදිම තැනක්. මිදුණු දිය ඇල්ලේ සේයාරු ගන්නටත් පුළුවන්. මේ
සදහා මෙහි විවිධ දුරින් යුතු ඇවිදින මංපෙත් කිහිපයක්ම මෙහි තිබෙනවා.මේ පරිශ්‍රය විශාල පිරිසකට එක් රැස් වන්නටත් පුළුවන් තැනක්.
කෙල්සෝ / ග්ලෙන් ඊඩෙන් (
Kelso/ Glen Eden)
ගිම්හානයේදී ඔරු පැදිය හැකි, මසුන් ඇල්ලිය හැකි , පිහිනිය හැකි ජලාශයක් සහිත මෙයත් විශාල පිරිසකට එකට රැස්විය හැකි තැනක්. බයිසිකල් සහ ඇවිදින මංපෙත් සහිත මේ උද්‍යානය පිහිටා ඇත්තේ 401 අධිවේගී මාර්ගයට සමීපවයි.
1880 ඉදිවූ කම්මලක් සහ ගොවිපොළක් ප්‍රතිනිර්මාණය කර සකස් කල හොල්ටන් කෞතුකාගාරය ද මෙහි පිහිටුවා තිබෙනවා. වසර 200 ක් ආපස්සට ගොස් මේ ප්‍රදේශයේ ඉතිහාසය පිරික්සන්නට මෙය කදිම තැනක්. එහි සැකැස්ම සහ ඉදිරිපත් කිරීම් සිත් ගන්නා සුළුයි.
එකම තැන කදු අන්තයට ගිය විට ඔබට ශිත කාලයේදී ක්‍රියාත්මක වන ග්ලෙන් ඊඩෙන් හිදී අවශ්‍ය ආම්පන්න කුලියට ගෙන සුවිසල් කන්ද මුදුනට ගොස් හිම මත ලිස්සා යන්නටත්,
අවශ්‍ය නම් පුහුණු වන්නටත් පුළුවන්. එසේත් නැත්නම් ටියුබයක බැස ලිස්සා එන්නටත් පුළුවන්.
කෘතිමව හිම සකස් කල හැකි මෙහි රථ ගාලේ සිට ඔබව ගෙන යන්නටත් , කදු මුදුනට ඔබව ගෙනයන
විදුලි සෝපාන සහ උපකරණ වලින් මේ පරිශ්‍රය සම්පුර්ණයි. හිමෙන් පිරුණු මෙතැන සිට වටපිට
බලන විට පෙනෙන දසුන ඇටමිදුළු කාගෙන යන සිතල අමතක කර දමන පැහැබර දසුනක්.
ඔබ එක්
උද්‍යානයකට ප්‍රවේශ පතක් ගත්විට එදිනම තවත් පරිශ්රයකට යන්නේ නම් නැවත ප්‍රවේශ පත්
අවශ්‍ය වන්නේ නැහැ. අත ලගින් පිහිටි මේ පරිශ්‍ර වැඩි සුදානමකින් තොර කෙටි ගමනකට කදිමයි.
සටහන අනුරුද්ධ වැලිගමගේ
සේයා රූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට
අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි
හරිම කදිම ස්ථාන. බලන්න යන්නම හිතුනා.
ReplyDeleteබොහොම ස්තුතියි තොරතුරු වලට.
ලියෝනි ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. ඉඩ තියෙන වෙලාවක ගිහින් බලන්න
Deleteඔව්. මේ අමාරු කාලෙ ඉවර උනහම ගිහිල්ලා බලන්න ඕනෙ.
Delete