දගකරන සද එළිය කිතිකවයි මගේ හිත
හිනාවක් දෙකොපොලේ දුවනවා
හිතේ හැංගුණු මතක සිතුම් වැල් පුබුදුවයි
මගෙ හිතම පෙරහැරක් මවනවා
හිමයාය පිස හමන හීත මදනල රොදක්
හෙමි හෙමින් ගත සිසිල ගෙනෙනවා
පොඩි කුඩේ තෙරපිලා මන්දාරම දිගේ
වැහිදාට හිත තාම දුවනවා
අද මගේ ලග නැතත් හිත් විලේ තොටමුණක
පිදුණු පෙම ආදරෙන් තියෙනවා
ලංවෙන්න බැරි දුරක පැතුම් මල් වැල් අතර
ඔබ ඈත තරුවක්ව මැවෙනවා
ඒත් හිත හදාගෙන ඉන්නවා
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
හරිම ලස්සනයි මල්ලි ඔයාගේ කවි පද වැල්. මගේ හිතත් අතීතයට ගියා.
ReplyDeleteඑහෙම බිඳුණු පෙම ගැන සිතුවිල්ලක් මගේ හිතේ නැති උනත් මටත් ඒ හැඟීම ඒ විදියටම දැනුනෙ ඔයා ඒක ලියලා තියෙන අපූර්වත්වය නිසා.
කවියක් ගැන ගුණ දොස් කියන්න මම දන්නෙ නැති උනත් ඒක හරි ලස්සනට හිතේ හැඟීම් මවන කවියක්.
ඔයාගෙ අනිත් පද පේලි වගේම මේකත් හරි ලස්සනයි.ඔයාගෙම අත්දැකීමක් හෝ එහෙම නොවෙන්නත් පුලුවනි.
ඕනම දේකට අනුගත වෙලා යමක් ලිවීමට දක්ෂයකුට හැකියාව තියෙනවානෙ.
ඔයාගේ සියලු හැකියාවන් තව තවත් දිනෙන් දින දියුණු වේවා කියලා සුබ පතන්නම් සුපුරුදු සෙනෙහසින්ම.
රේණුකා අක්කා ඔබේ ප්‍රතිචාරයට සහ කදිම වචන පෙලට ස්තුතියි.
Deleteහරිම ලස්සනයි මේ පද පෙළත්.
ReplyDeleteඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.
Delete