මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 6, 2021

අතීතාවර්ජනය, කවි දෙක තුනක කතාවක් සහ දූපතේ නිවාඩුව ..... හැලපයා ගේ කතාවක් ..... රේඩියෝ කෙටිකතා......


ඒ සද්දෙ නං එච්චර හොඳ එකක් නෙවෙයි....ජුලියස් කියනව,

එතකොටම දොරෙන් එළියට ආපු මම දැක්කෙ ලංකා බැංකු බිල්ඩිමේ(පිට්ටු බම්බුවෙ )උඩම තට්ටුවල

ජනෙල්වල වීදුරු කෑලි එළියට වීසිවෙනව.

බෝම්බයක්ම තමයි.....කට්ටිය කතාවුණා..

අපි කට්ටියම එකවර ඒ පැත්තට යන්න පිටත්වුණා...

වරායෙ ලේඩන් බැස්ටියන් ගේට්ටුවෙන් අපි එළියට එනකොට පාර පිරිල සෙනග,යෝක් වීදියෙන් ජනාධිපති මාවත පැත්තට ඇදෙනව.

අන්තිමට වෙච්චි දේ ආරංචි වුණා...

මහ බැංකුවට බෝම්බ ගහල.....

මගෙ ඇඟ හීතල වෙලා ගියා,බිරිඳ උදේ වැඩට ආව නේද...

අපි අඩිය ඉක්මන් කරල ඒ පැත්තට ගියා,ඔරලෝසු කණුව පහුකරල වැඩිදුරක් යන්න වුණේ නෑ,පාර වහල....

මහ බැංකුවයි ඒ ඉස්සරහ තියෙන සෙලින්කෝ බිල්ඩිමයි හෝ ගාල ගිනි ගන්නව,ගිනි දළු බුර බුරා නැගෙනව.

ගිනි නිවන හමුදාවයි එයාපෝස් හෙලිකොප්ටර් වලිනුයි වතුර ගහනව,

ඇම්බියුලන්ස් රතු එළි පත්තුකරගෙන කෑගහනව,එකම කලබැගෑනියයි.

ඔන්න ඔය වෙලාවෙම වැස්සකුත් ඇදහැලුනා.

අති විශාල කම්පනයක් ඇතිවුණාම එහෙම වැහි වැටෙනව,

කවුරුවක්වත් දන්න කෙනෙක් හොයාගන්න නෑ,ආපහු යමු...අපි කතාවුණා.

ඉස්පිරිතාලෙට ගිහින් බලන්න...තව කවුද කෙනෙක් කිව්වා.

කට්ටියම ආපහු ඔෆිස් එකට ඇවිත් අපේ ලොක්කගෙ පරණ කැබ් එකේ නැගල ඉස්පිරිතාලෙට යන්න පිටත්වුණා.

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ........

අද කතාව    ..........අතීතාවර්ජනය, කවි දෙක තුනක කතාවක් සහ දූපතේ නිවාඩුව ...

සවනට රචනා කලේ හැලප කඩේ බ්ලොග් අඩවියේ රචක  හැලපයා ගේ කතා 3 ක් ..... 


 කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි.




ස්තුතිය - සවන නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට




මින් පෙර අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවිය තුලින් ඔබ අත්විදි  හැලපයාගේ තවත් කතා

                                 හැලපයා ගේ ආගිය කතා..


http://ahasgawwenehalokaya.blogspot.com/2018/09/blog-post_8.html

ලක්ෂ 6 කට වඩා වැඩි පිරිසක් කියැවූ ...ප්‍රවීණ බ්ලොග් රචක හැලපයාගේ සම්පුර්ණ කතා එකතුව සදහා  හැලප කඩේ බ්ලොග් අඩවියට යන්න




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට

 අපහසු වීම ගැන මගේ කණගාටුව



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි



 

 

2 comments:

  1. මට මතකයි ඔය නිව්ස් එක අහනව. අපේ නිවෙස් වල ජනල් හෙල්ලිලා විදුරු කැඩුන කියල අම්ම කීව

    ReplyDelete
    Replies
    1. ඒ දවස්වල මම වැඩකලේ කොටුව මුදලිගේ මාවතේ හින්ද මේ අත්දැකීම හොදටම දැනුනා සහ ගොඩක් දේ ඇහින් දැක්කා . හැලප කඩේ බ්ලොග් එකේ මේක දැක්කම රේඩියෝ කතාවට ගත්තේ ඒ හින්දයි .

      Delete