සාංකාව නිසා සුමනාවතීට එදින රාත‍්‍රියේ නින්ද ගියේ නැත. නෝනා ”වැඩකට එළියට යනවා” කියා ගොස් පැමිණියේ එළිවෙන ජාමයේය. බියගත් මී පැටවෙකු සේ ඇය කාමරයේ ෙදාරගුළු දමාගෙන නිදි වර්ජිතව විල්සන් ගැන සිතමින් සුසුම් හෙළුවාය.
සුමනාවතී නැති අතරවාරයේ විල්සන් අසීරුවෙන් නැගිට තුවාය ඇඳගෙන ලිඳට ගොස් සීතල වතුර බාල්දි කීපක් හිසට වත්කර ගත්තේය. ඉන් අනතුරුව ඔහුට කල්පනා කිරීමට සිහිය ලැබුණි. හිස ගිනිගත්තෙකු සේ සුමනාවතී සොයමින් සිටි ඔහුට සමාගම් කඩෙන් දැනගන්නට ලැබුනේ තමා පහර දීම නිසා නඩුවක් කතා කිරීමට සුමනාවතී කොළඹ ගිය බවය. මෙහි අගක් මුලක් තේරුම් ගැනීමට අපොහෙසත් වී එ් මේ අත දිව යන විට පොලිස් කොස්තාපල් කෙනෙක් පැමිණ විල්සන්ට පොලිස් ස්ථානයට එන ලෙස නියෝග කළේය.
”මගේ පාරෙන් සුමනාවතී මළාවත්ද” යැයි බියක් හා සංතාපයක් විල්සන්ට ඇතිවිය. පශ්චාත්තාපයෙන්ද පෙළුණ විල්සන් වහ වහා පොලිස් ස්ථානය වෙත ගියේය. ඉහින් කනින් දාඩිය දමාගෙන සිටි විල්සන් තමාට කැඳවීමක් ලැබෙන තුරු පොලිස් ස්ථානයේ විශාල මාර ගසකට ඇණ තබා ගෙන සිටියේය. එය අතර වාරයේ නොයෙකුත් බිය ජනක සිතුවිලි ඔහු ගේ මනස වෙලා ගන්නට විය. පොලිස් ස්ථානාධිපතිතමාගේ කමරයට එන ලෙස අණ ලැබූ විල්සන්ගේ දණහිස් වෙව්ලන්නට වූයෙන් ඔහු ඇවිද්දේ අසීරුවෙනි.
”එ්....... උඹ...” වැදගත් සභාවක කිව නොහැකි වචනයකින් විල්සන් පිළිගත් ස්ථාධිපතිවරයා යළිත් වරක් බිරිඳට පහර දුනහොත් ඇටකටු කුඩු කොට කූඩුවට දමන බවට විල්සන්ට තර්ජනය කළේය. ඉක්බිතිව ”දැන් ඉතින් මෙතනින් පලයන්” යැයි පන්නා දැම්මේය.
තැතිගත් විල්සන් ගෙදර ගොස් එල්ලී මැරෙම් දෝ නැතහොත් කෘමිනාශක පානය කරමි දෝයැයි දෙගිඩියාවෙන් සිටින විට දෙමට පිටියේ අක්කා පැමිණ රොසලින් අක්කාගේ උල්පන්දන් දීම නිසා සුමනාවතී පොලිසි ගිය බවත් කොළඹ නෝනා කෙනෙකු නඩු කතා කිරීමට ඇයව තඩි කාර් එකකින් කොළඹට ගෙනගිය බවත් කීවාය. අනතුරුව ඇය වාක්‍ය අවසන් කළේ තමා මේ විත්තිය කී බවක් රොසලින්ගේ කනේ නොතබන ලෙසට ඉල්ලීමක්ද කරමිනි.
එක හුස්මට රොසලින් ගේ නිවසට දිව ගිය විල්සන් හොඳ දෙකක් කථා කිරීමට මුව විවර කළද පොලීසියේ ලොකු මහත්තයාගේ සැල් එක සිහිවීම නිසාදෝ මදක් ඉවසීමෙන් කටයුතු කිරීම ඉටාගත්තේය. ඔහු අසරණ වූ හඬකින් රොසලින් ඇමතීය
”රොසලින් අක්කේ ඇයි උඹ අපේ ගෝරි වලට අත දැම්මේ” විල්සන් ඇසීය.
”හොඳ ගෝරිය උඹ තව පොඞ්ඩෙන් එ්කිව මරණවා” රොසලින් කීවේ කලහ කිරීමට තමාද බිය නොවන බව පෙන්වීමට මෙනි.
මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...
කාන්තා විමුක්තිය
පිය සෙනෙහස .....
https://ahasgawwenehalokaya.blogspot.com/2019/12/blog-post_28.html
සීනි සම්බෝලය .......
ඔය කෙටිකතාව මං හිතන්නෙ සෑහෙන කාලෙකට කලිං දොස්තර මහත්තය ලිව්ව එකක්. මරු..
ReplyDeleteමහේෂ් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔව් ඒ කථාව 2014 දී වෛද්‍ය රුවන් ජයතුංග ට්‍රාන්සිල්වේනියා බ්ලොග් එකට ලියා තිබුණු එකක්. 2019 දී සවන අන්තර්ජාල රේඩියෝවෙන් ප්‍රචාරය වුණා. ඉඩ ලැබෙන විදිහට දින නැති දිනපොත කථා යූ ටියුබ් අවකාශයෙන් අහන්න. තවත් බ්ලොග් රැසක තිබූ කථා ශ්‍රව්‍ය මාධ්‍යයට ගොනු කරන්නට අප උත්සාහ කලා.
Delete