සබද අපි හසු නොවෙමු මෙවරේ
වරින් වර හසු වුනෙමු මිතුරේ
ජනබලය සවිය මැද සොදුරේ
සාමයෙන් නගමු ගොස මෙවරේ
පාන් ගෙඩියට , හාල් ඇටයට රැවටී
බලා හුන්නෙමු ගිලින හැටි උන් දැවටී
කා කොටාගෙන පාට පාටට රැවටී
තරු පෙනෙනකම් හිටිය තබමින් හූ මිටී
දහඩිය වගුරුවා උගුරත් ලේවී
පෙරමුණ අරන් කෑ ගැසුවාය පේවී
ලේ කදුලැලි මතින් ඉහලට පාවී
ගිය උන් හිදියි නැසු කන් සේවී
ජාතිය ආගමෙන් කුලයෙන් වෙන්වී
හිටියා අපිත් හිතමින් මුළු ගැන්වී
යනවිට එකට අන් රටවල් එක්වී
යන්නට බැරිද දැන්වත් අපි එක්වී
සාහිත රසය ඉතිහාසය එලවා
ගුණ නැණ බලය උන් සිද බිද දැමුවා
පරගැති කමට ඔවුනට දත නියවා
දෑ දු පුතුනි එක්වෙමු අපි සැවොමා
අනුරුද්ධ වැලිගමගේ
2022 මැයි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
අපූරු කවි ටික අනුරුද්ධ.... එක්වන්ට කාලේ හරි තමා
ReplyDeleteනමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete