මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 30, 2022

මුහුණු පොතේ කවි එකතු .........

                 

              කවියට ලාංකික ජන සමාජයේ විශාල තැනක් ලැබී තිබුනේ ඈත අතීතයේ පටන්ය. ජනකවි මුඛ පරම්පරාවෙන් පැවත ආ අතර සීගිරි කවි සහ සමහර සෙල්ලිපි තුල කවිය ගල් තුලත්, පැරණි ලිඛිත පත්‍ර වන පුස්කොල පොත් තුලත් කවි ලේඛනගත වූයේ ලංකාවේ යුග වෙනස්වීම් සමගය. මුද්‍රණ ශිල්පය හදුන්වා දීමත් සමග කවි කොල සහ කවි පොත් ලෙසින් ජනතාව අතර ගැවසුණු කවිය පසුකාලීනව ජාතික පුවත්පත් වල කවි පිටු වලට ගොනුවී ජනතා අවධානයට ලක්විය.

            විවිධ හේතු නිසා පුවත්පත් වල කවි පිටු කුඩා වන්නටත්, සමහර සති වලදී ගැලවී යන්නටත් වීම නිසා විශේෂයෙන්ම ආධුනික කවීන්ට තම නිර්මාණ සම්බන්ධයෙන් විචාරයක්, තේරීමක් සහ අගය කිරීමක් සදහා වූ ඉඩ ප්‍රස්ථා අවම වී තිබුණි. මුහුණු පොත භාවිතය සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර ඇතත්, මුහුණු පොත් කවි එකතු සමාජ ජාල ඔස්සේ සිදුවුණු එක් හොද සමාජ මෙහෙයක් ලෙසින් මා දකින්නේ මේ පසුබිම තුලයි.

             කවි පිටු සංස්කාරක වරුන්ට ඇති සීමිත ඉඩත්, මාධ්‍යය ආයතන මගින් පැනවෙන සීමා නිසාත්, ඔවුන්ගේ රස සහ ගුරුකුල සීමාවන් තුලත් පෙරෙන, ගැලවෙන කවි තෙරපී, නැවි , ගුලිවී කුණු බක්කියට යන්නේ කාටත් හොරාය. ඒ වගේම එක් කවියක් හෝ කිහිපයක් පමණක් සදහා ප්‍රතිචාර දක්වන්නට ඔවුනට සිදු වන්නේ ඔවුන් කවි පිටු සංස්කරණය කරන්නේ තවත් වැඩ අතරේ නිසයි.   

      මුහුණු පොත් කවි එකතු එවන් සීමා මායිම් අවම අවකාශයක් වීම නිසා කවියට කැමැති බොහෝ දෙනෙකුට නිදහසේ තම තමන්ගේ නිර්මාණ එළි දක්වන්නට ඉඩක් ලබාදෙයි. කවිය තුල අඩංගු පද පේලි සීමාවන් , ආගමික හෝ දේශපාලන අන්තර්ගත පලකිරීමේ නිදහස වැඩිය. අන්තරජාලයෙන් උපුටා ගත් ලස්සන චිත්‍රයක් හෝ සේයාරුවක් මත හෝ කවිය සමග එවැන්නක් අමුණන්නටද ඉඩ ලැබේ. දිනපතා, මාස්පතා හෝ කලින් කලට විවිධ කවීන්ගේ නිර්මාණ අගය කරමින් කරන ඇගයුම් කවීන්ට තව තවත් නිර්මාණ කරන්නට දිරිය දෙයි.

        මුහුණු පොත් කවි එකතු වල ඉන්නා සාමාජික පිරිස් වරින් වර කවි නිර්මාණ වලට දක්වන ක්ෂණික ප්‍රතිචාර සහ වරින් වර ඒවායේ පලවන කවි නිර්මාණ උපදෙස් මාලා ආධුනික කවීන්ට තම හැකියාවන් දියුණු කර ගැනීමට හොද අත්වැලක් සපයයි. මේ සටහන එවන් කවි එකතු පවත්වා ගෙන යමින් තම කාලය, ශ්‍රමය සහ ධනය වැයකරන කවියට හිතැති ඇඩ්මින් වරුන් සහ ඒවායේ පාලක මණ්ඩල වල පිරිස් සහ ඒවායේ නිත්‍ය සාමාජික පිරිස් දිරිගැන්වීම පිණිසත්, ඔවුනගේ සේවය අගය කරනු පිණිසත් ලියැවුනකි.

පහතින් දැක්වෙන්නේ එවන් මුහුණු පොත් කවි එකතු සදහා දිගු කිහිපයකි. ඔබේ කවි නිර්මාණ ඉදිරිපත් කිරීම සදහාත්, නිර්මාණ රසවිදීම සහ අගය කිරීම් සදහාත් ගොඩවී බැලීම යෙහෙකි.   


පැණි වළලු


https://www.facebook.com/groups/615669288837331

කවි නිසදැස් ගී දැහැ


https://www.facebook.com/groups/2699436846980418

 දැයේ සිහිනය 


                                       https://www.facebook.com/groups/542299645956933

                                                                  හන්තාන අඩවිය



                                     https://www.facebook.com/groups/2025702917711497

                                                                        පහන්වැට


                                         https://www.facebook.com/groups/318432596665365

සේද පලස


                                   https://www.facebook.com/groups/656297548202845

                                                                සෙනෙහසේ කවි අරණ 


https://www.facebook.com/groups/526305921607094

විහඟ ගීතය


                                       https://www.facebook.com/groups/426783548777063

සෙනෙහසේ නවාතැන


                                    https://www.facebook.com/groups/235888544298432

                                                                 ගගන යාත්‍රා 


https://www.facebook.com/groups/514808609406579

                                                                    සෙනෙහසේ පන්හිඳ 


                                   https://www.facebook.com/groups/313712515941029

                                                                    දැහැන


                                      https://www.facebook.com/groups/543757172698207


                                     https://www.facebook.com/groups/414445926221797

                                                            නිසඳැස් අඩවිය

                             https://www.facebook.com/groups/287076231848935



                            https://www.facebook.com/groups/725758264715316

   

  සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.        

4 comments:

  1. මුහුණු පොතේ කවි සංසද, ආධුනිකයන්ට තම නිර්මාණය එළිදැක්වීමට ඇත්තෙන්ම හොඳ තෝතැන්නක්... සමහර එකතුවල පාලක මණ්ඩලේ ඉන්නෙ බොහොම ජේෂ්ඨ කවියන්, කිවිඳියන්

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔව් ඔවුන් නවක කවීන්ට හොද අත්වැලක්.

      Delete
  2. සෑහෙන ගොඩක් තියෙනවනේ. හැබැයි මුහුණු පොතේ ලිවහම බ්ලැක් හෝල් එක වගේ තමයි

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. තවත් ගොඩක් කවි එකතු තියෙනවා. මේ කිහිපයක් විතරයි. මම බ්ලොග් එක පටන් ගන්නත් එක හේතුවක් වුනේ මුහුණු පොතේ දේ ගිලී යාම.

      Delete