මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 29, 2023

ජනප්‍රිය නවකථා කාරිනිය ශමෙල් ජයකොඩි ගේ පොත් 4 ක්.

 



ශමෙල් ජයකොඩි මේ වනවිට ලංකාවේ නවකථා කාරිනියන් අතර සන්නාමයක් වන ජනප්‍රිය වගේම දක්ෂ නිර්මාණ වේදිනියක් . ස්වර්ණ පුස්තක , විද්‍යෝදය , ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල වල වාර්ෂිකව අවසන් වටයට නිර්දේශිත නවකථා පොත් අතරේ ඇගේ පොතක් අනිවාර්යයෙන්ම දකින්නට ලැබෙන දෙයක්.

කැනඩාවේ මිසිසාගා නගරයේ සරල , සාමාන්‍ය ජීවිතයක් ගෙවන අතරේ ලෝකයේ විවිධ තැන්වල කරන සංචාර හරහා ඇය එකතු කරගන්නා අත්දැකීම් ජීවන සිත්තම් විදිහට අපූරුවට අකුරු කරන්නට ඇය දක්වන්නේ පුදුම දස්කමක් . ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍යය වල නිතර දකින්නට නොලැබෙන , අඩුවෙන් කථා කරමින් විශාල නිර්මාණ කාර්යයක් කරන ඇය රූපණ පොත් පිටු අතරට එකතු වුනේ මෙහෙමයි.


ඇගේ පොත් රැස අතුරින් මෑතකදී කථා බහට ලක්වුණු මගේ චිකාගෝ හදවත , කුමර කොබෙයි , වීනස්ගේ උපත වගේම ඇගේ අළුත්ම පොත වන වැනීසියේ බණ්ඩාර ගැන මේ වැඩසටහන තුලින් ඔබට දැනගන්න පුළුවන් . 

2023 අප්‍රේල් 29 වැනිදා වෙබ් ගත වූවකි. 


https://rupane.com/2023/04/29/rupane-episode-345-april-29-2023/

***************************************************************

සම්පත් දායකත්වය -  ජනප්‍රිය නවකථා කාරිනිය ශමෙල් ජයකොඩි 

ඉදිරිපත් කිරීම  -   අනුරුද්ධ වැලිගමගේ

කැමරාකරණය - වීරා ෆොන්සේකා , ගොයුම් එරංග   

සංස්කරණය - කවිදු මදරසිංහ සහ පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග හිදෙල්ල ආරච්චි 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

රූපණ  මැදිරියේ  කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි. 

6 comments:

  1. ඇත්තමට මන් මුල් දවස්වල හිතන් හිටියේ ශාමෙල් ජයකොඩි කියන්නෙ පිරිමි කෙනෙක් කියලයි 😄

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. සම්පූර්ණ වැඩසටහන බලන්න .

      Delete
  2. ශමෙල් ජයකොඩි ජනප්‍රිය ලේඛිකාවක් වගේම නිහතමානී, දයාබර සොයුරියක්... ඇය මුණගැහුණු දුර්ලභ අවස්ථා කිහිපය කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඒ ඇයගේ නිහතමානීකම නිසාමයි. මම ඇගේ ආසම නවකතාව නම් ‘කුමර කොබෙයි‘... ඒ ගැන මගේ බ්ලොග් සටහනකුත් ඇති....

    ReplyDelete
    Replies
    1. තරුරසී ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ බ්ලොග් සටහනත් ආසාවෙන් කියෙව්වා. ශමෙල් ගේ කථා එකිනෙකට වෙනස්. ඇගේ වැනීසියේ බණ්ඩාර පොතත් සමහර විට ඔබේ හිත ගනීවි. ඔබේ පොත් ගැන ලියන සටහන් රසවින්දන මුහුණු පොත් පිටුවේත් බෙදාගන්න.

      Delete
  3. මටත් යාලුවෝ ශමෙල් ගැන කීවා
    සරසවි එකේ දැක්කත්.......පොත් ප්‍රදර්ශනේදි
    ඊලග වතාවේ අනිවාර්යයෙන්ම ගන්න ඕන
    වෙන පොත් ගොඩක් ඔලුවේ තිබුන නිසා මග ඇරුන වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. කුමුදු ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. කියවා බලන්න. ඇගේ පොත් හොයාගන්න එච්චර අමාරු වෙන එකක් නැහැ. ඔබ ආසා කරාවි.

      Delete