මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 15, 2023

මහින්ද කුමාර දළුපොත ප්‍රවීණයා ගෙන් අළුත් අවුරුද්ද ගැන අහමු

  



සිංහල අළුත් අවුරුද්ද එක්ක එහි යටගියාව , සිරිත් විරිත් වගේම වත් පිළිවෙත් ගැනත් කථා කරන්න නිවැරදි දැනුම තියෙන විද්වතුන් ඉන්නේ අතේ ඇගිලි ගණනට විතරයි . 


සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත කියන්නේ ඒ වගේ සම්පතක්. එතුමා මේ වෙනකොට ලංකාවේ ජීවත්වන එවන් මහා දැනුම් ගබඩාවක් වගේම කාගේත් හිතට දැනෙන විදිහට ඒ තොරතුරු ඕනෑම කෙනෙකුට තේරෙන සරල බස් වහරකින් කියන්නට හපන්කම් දක්වන චරිතයක්.

වසංගත සමයේ තරමක විවේකයෙන් හිටපු කාලෙ එතුමාව zoom තාක්ෂණයෙන් සම්බන්ධ කරගෙන වැඩසටහන් 2 ක් කරන්න ඉඩ හදාගත්තේ රූපණ මෙහෙයුම් අධ්‍යක්ෂක එරංග හිදෙල්ල ආරච්චි සොයුරාගේ සම්බන්ධීකරණයෙන්. පහුගිය අවුරුද්දෙ අන්තර්ජාලයේ ඩිජිටල් ගත කල මේ තොරතුරු ඔබත් එක්ක බෙදාගන්න හිතුවෙ ඒ හින්දයි.   

  



2022 අප්‍රේල් මස 9 වන සෙනසුරාදා වෙබ් ගත වුවකි . 

https://rupane.com/2022/04/09/rupane-episode-289-april-09-2022/

*****************************************************************

සම්පත් දායකත්වය -    සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය 

                                       මහින්ද කුමාර දළුපොත 

ඉදිරිපත් කිරීම  -   අනුරුද්ධ වැලිගමගේ සහ කල්ප සමරතුංග

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග  හිදෙල්ල ආරච්චි   

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


ලැබුවාවූ  අළුත් අවුරුද්ද සිංහල බ්ලොග් ලියන ඔබ සැමට නිරෝගීමත් , වාසනාවන්ත  සුබම සුබ නව වසරක් වේවායි සුබපැතුම්.

8 comments:

  1. අනුරුද්ධ සර් ම්න් හිතනව ඔයාගෙ බ්ලොග් එක ටිකක් වෙනස් එකක් කියලා ම්න් ඒක design කිරන්න කමතියි මීටවඩා කියවන අයට ආසවෙන්න බලන්න මගෙ වෙබ් site එක www.trendtrawler.com ම්න් තාම webdesign ඉගෙන ගන්න ගමන් මට අවස්තාවක් දෙනවන්ම් කැමතියි මට සල්ලි එපා කමතින්ම් මෙක මගෙ whatsapp ,number eka +94769656441
    සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තුතියි. මම වෙලාවක කථා කරන්නම් .

      Delete
  2. ඔබටත් සුබ වාසනාවත් නවවසරක් වේවා!
    ලස්සන බතික් ටීසර්ට් එකක් ඇඳන් ඉන්නව පේන්නෙ... පොටෝ කෑල්ලෙ. මෙහෙන් ගත්තුවද, ඔහෙත් ඒවා තියෙනවද දැන්

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබ සදහන් කල කමිසය සහ තවත් අවුරුදු කමිස සහ සරම් ලංකාවෙන් මගේ සහෝදරයා සහ බිරිද එවූ ඒවා සහ ලංකාවට පැමිණි අවස්ථාවලදී ගත ඒවා . ව්‍යාපාරික වශයෙන් බතික් ආනයනය කරන ආයතන වගේම ගෙවල්වල ලංකාවේ කමිස, සරම් සහ සාරි ගෙනැවිත් අලෙවි කරන අයත් ඉන්නවා. ඒ හින්ද අපට ඒවා හොයාගන්න අමාරු නැහැ

      Delete
  3. අහල තිබ්බේ නැහැ, හඳුන්වා දුන්නට ස්තූතියි. ඔබටත් පවුලේ සැමටත් රූපණ කාර්ය මඩුල්ලටත් සුබ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ සුබ පැතුමට ස්තුතියි. මහින්ද කුමාර දළුපොත මහතා දැනුම් ගබඩාවක් වගේම කථා කරනවා අහන් ඉන්න ආසයි. අවුරුදු කාලයට එතුමා බොහෝ නාලිකාවල වැඩසටහන් සදහා සහභාගී වන නිසා හරිම කාර්යබහුලයි. අහල බලන්න මෙවර චරණ රූපවාහිනියේ සජීවී විකාශයේදී හරිම වටිනා අදහස් රැසක් කිව්වා.

      Delete
  4. මහින්ද කුමාර දළුපොත කියන්නෙ ජනශ්‍රැතිය සම්බන්ධ දැනුම් සාගරයක් වගේ සොඳුරු මනුස්සයෙක්... සුබ වේවා හැම වසරක් ම අහස් ගව්වට...

    ReplyDelete
    Replies
    1. තරුරසී ඔබේ ප්‍රතිචාරය ටත් , සුබ පැතුමටත් ස්තුතියි. එතුමා දැනුම් සාගරයක්. එතුමා සමග ජනකවි ආශ්‍රිත ගීත ගැන කල වැඩසටහන ඉදිරියේදී බ්ලොග් එකට ගොනු කරන්නම් .

      Delete