මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 15, 2025

රූපණ මාධ්‍ය ජාලයේ සේවා ඇගයුම



කැනඩාවේ ටොරොන්ටෝ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ප්‍රජා මාධ්‍යය කටයුතුවල යෙදෙන රූපණ මාධ්‍ය ජාලය රූපණ අන්තර්ජාල රූපවාහිනිය, ශ්‍රී ලංකැන් නිව්ස් ඩිජිටල් පුවත්පත සහ සිනමා නිර්මාණ සහ ප්‍රසාංගික අත්දැකීම් ප්‍රජාව වෙත ඉදිරිපත් කරන ශ්‍රී ලංකැන් ඉවෙන්ට්ස් යන ආයතන තුනෙන් සමන්විතයි. 




තම දූත සේවා කාලය නිම කරමින් ශ්‍රී ලංකාවට යාමට නියමිතව සිටින දක්ෂ, පලපුරුදු විදේශ සේවා නිලධාරියෙකු වන තුෂාර රොද්‍රිගෝ මහතා ජාති, ආගම් බේදයකින් තොරව ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ටොරොන්ටෝ කොන්සල් ජනරාල් කාර්යාල බල ප්‍රදේශයේ ශ්‍රී ලාංකික සැමට එක ලෙස සහයෝගයෙන් කටයුතු කල චරිතයක්. ආගමික සහ සංස්කෘතික සංහිදියාව සේම සාමාජීය සහ ප්‍රජා කටයුතුවලදී තම විවේකී සතිඅන්ත වල ඒවාට රජය නියෝජනය කරමින් සහභාගී වූ කෙනෙක්. එසේම ටොරොන්ටෝ කොන්සල් ජනරාල් කාර්යාලයේ සේවා කාර්යක්ෂමතාවය සේම මහජන සේවාවන් වැඩිදියුණු කල කෙනෙක්.  









ඔහු විසින් ටොරොන්ටෝව සහ අවට ශ්‍රී ලාංකික ප්‍රජාවට කල සේවය අගයමින් සම්මානයක් පිරිනැමීම පසුගියදා ඔෂවා නගරයේ රූපණ මැදිරියේදී සිදුවුණා. මේ රූපණ මාධ්‍ය ජාලයේ ප්‍රධානි වීරා ෆොන්සේකා මහතා ටොරොන්ටෝ කොන්සල් ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා වෙත එම සමරු තිළිණය පිරිනැමූ අවස්ථාවයි.  

එම අවස්ථාවේදීම රූපණ මාධ්‍ය ජාලයේ ගමනට අත්වැලක් වූ ප්‍රධාන අනුග්‍රාහක දෙපල වන රියාස් රවුෆ්, ඇන්ටන් ධර්මසීලන් මහත්වරුන්ටත්, රූපණ අන්තර්ජාල රූපවාහිනියේ මෙහෙයුම් අධ්‍යක්ෂක එරංග හිදෙල්ල ආරච්චි ,  ශ්‍රී ලංකැන් නිව්ස් කතෘ මණ්ඩල ප්‍රධානි අනුරුද්ධ වැලිගමගේ, ශ්‍රී ලංකැන් ඉවෙන්ට්ස් සම්බන්ධීකාරක කල්ප සමරතුංග,  නිෂ්පාදක / සන්නිවේදක වරුන් වන සංජීව අබේරත්න, සම්පත් පෙත්තාවඩු, මංජුලා වික්‍රමරත්න, සුනිල් තෙන්නකෝන් , නිරංග විජේසූරිය, අනුෂා කිංග්ස්ලි, දර්ශිකා චන්ද්‍රතිලක , යෙනුලි කොතලාවල යන අයගේ සේවය අගයමින් සම්මාන තිලිණ ප්‍රධානය කෙරුනා. වෙනත් රාජකාරි කටයුතු නිසා සුනිමල් බාලසූරිය, සුශාන්ත විජේසූරිය යන මහත්වරුන් දෙපලට මේ අවස්ථාවට සහභාගී වන්නට ඉඩ ලැබුනේ නැහැ.   

              

   








 




























සේයාරූ -  එරංග හිදෙල්ල ආරච්චි 
                   සමන්ති ගල්පාය 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

No comments:

Post a Comment