මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 17, 2023

හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ !

 



පංච මහා විල් කියල හදුන්වන විල් 5 න් හතරක්ම කැනඩාවේ ඔන්ටාරියෝ පලාතේ ඉන්නා අපට මායිම් වෙනවා .එයින් සුපීරියර් විල තියෙන්නෙ තරමක් දුරින්. ඒත් හියුරන් , ඊරි සහ ඔන්ටාරියෝ විල් ටොරොන්ටෝවේ ඉන්නා අපට පැය 3 ක් හෝ ඊට අඩු කාලයකින් යන්නට පුළුවන් දුරකින් පිහිටා තියෙන හින්ද අපි අද හිතුවා ඒ ගැන කථාකරන්නකියලා. මීට කලින් රූපණ ගමනක මතකය තුලින් ශීත කාලයේ ඔන්ටාරියෝ විල ගැනත්, කැනඩාවේ රොකී කදු කලාපයේ යෝහෝ, ජෑස්පර් සහ බැන්ෆ් වනෝදයාන ගැනත් කථා කරලා තියෙනවා. රූපණ වෙබ් අඩවියට ගිහින් ඔබට ඒ  වැඩසටහන් බලන්න පුළුවන්.



අද අප කථා කරන්න යන්නෙ  ගිම්හානයට හියුරන් විල ආශ්‍රිතව ඔබට යන්නට පුළුවන් තැන් කිහිපයක් ගැන. අඩු මුදලකින් , අඩු මහන්සියකින් ඔබට මේ අවුරුද්දෙ විවේකී දවස්වලට ඒ තැන් වලට යන්න මේ වැඩසටහන උදව්වක් වේවි.



https://rupane.com/2023/06/17/rupane-episode-352-june-17-2023/


මේ වැඩසටහනේ විස්තර සහ දර්ශන යොමුව

ටොබමෝරේ ( Tobermory)

ලෝකයේ ලොකුම මිරිදිය දූපත මැනිටියුලින් දූපත









MS CHI-CHEEMAUN, වාහන සහ මිනිස්සු ගෙනියන පාරුවක්

හියුරන් විල වටේ තියෙන පරිසර සංරක්ෂණ කලාප වල ගිම්හාන කාලයට කදවුරු අත්දැකීමක් ලබන්න ( Camping)

ගිම්හානයේ විවේකී දවසක දවසකට ගිහින් එන්න පුළුවන් වෙරළ තීර කිහිපයක්ම හියුරන් විල වටේ තියෙනවා

Pinery



Grand Bend

Wasaga

Sauble

විශේෂයෙන්ම තරුණ උදවිය ගල් තලාවේ ඉදන් වතුරට පනින එක මෙතැන සුලබ දසුනක් . Killbear Provincial Park

********************************************

ඉදිරිපත් කිරීම  - අනුෂා කිංස්ලි 

සම්පත් දායකත්වය -

අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් රචක අනුරුද්ධ වැලිගමගේ

සංස්කරණය - කවිදු මදරසිංහ සහ පුබුදු වනිගසේකර

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

******************************************************************************

කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට .....


http://ahasgawwenehalokaya.blogspot.com/2022/09/blog-post_10.html

ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .


http://ahasgawwenehalokaya.blogspot.com/2022/10/blog-post.html

කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .


http://ahasgawwenehalokaya.blogspot.com/2022/11/blog-post.html


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි. 

5 comments:

  1. කැනඩාවෙ නම් පරිසරය හොඳට ආරක්ෂා කරගෙනමයි ඔක්කොම කරන්නෙ නේද?
    ඒකට මෙහෙ😑

    ReplyDelete
    Replies
    1. නවීන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . නිසි ක්‍රමවේදයක් සහ දේශපාලකයින් සහ නිලධාරීන් හරියට වැඩ කිරීම ඒකට හේතුව වෙන්න ඇති. ජලාශ , ගංගා, ජල පෝෂක ප්‍රදේශ ජාතික සහ පළාත් උද්‍යාන විදිහට නම් කරලා ඉදිකිරීම් සීමා කරලයි තියෙන්නේ. නගර වල වුණත් නියමිත වන ගහණයක් සහ ප්‍රමාණවත් ගස් සංඛ්‍යාවක් නඩත්තු වෙනවා. ඒ වගේම මංමාවත් දෙපස සහ උද්‍යාන තණකොළ සහ ගස් කප්පාදු කර ලස්සනට තියෙනවා අපෙන් අය කරන බදු වලින් කරන වැඩ අපට පෙනෙන්නට තියෙනවා. ඒ වගේම ගිම්හාන කාලයට මේ වගේ වැඩකරන්නේ උසස් පාසැල් සහ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ හින්ද වක්‍රව ඒවා ඔවුන්ගේ මුදල් ගෙවා කරන උසස් අධ්‍යාපන කටයුතු වලට පාවිච්චි වෙනවා. ඔවුන් හරි උනන්දුවෙන් ඒවා කරනවා වගේම ඊළග පරම්පරාවටත් පරිසරය සුරැකීමේ අගය ඒ තුලින් පුරුදු වෙනවා.

      Delete
    2. ඇත්තටම, පරිසරය නොතකා යන ගමන බොහොම කෙටී. නිරර්ථකයි. මෙහෙ දැන් එන්න එන්න උෂ්ණත්වය හෙම වැඩි... ඉස්සරට වැඩිය. ඔහෙ වගේ නිසි ක්‍රමවේද කවදා මෙහෙ ඇතිවෙයිද කියල හිතෙනව මේ පොස්ට් දකිද්දී.

      Delete