ආයෙමත් පටන්ගෙන පෙර පුරුදු පොරයක්
පිල් බෙදී මඩ ගසයි නැත කිසිම අරුමක්
නිදහසින් පසු ගෙවුණු කලම සත් දශකක්
කවදාද දකින්නේ අපි අලුත් එළියක්
පාට ලකුණුත් සමග ජාති කුල මලයක්
අල්ලගෙන යන්නේම නිමක් නැති වලියක්
නඟන්නට හදන්නට නැත කිසිම දැක්මක්
ඡන්දයෙන් කරන්නේ උන්ගෙ මඩි තරයක්
සුදුසුකම් පලපුරුදු හොයන කොට ජොබ් වලට
කවදාද හොයන්නේ රට කරවන අයට
සැලැස්මක් විනය හා විනිවිදව වගවෙන්ට
හොයන්නේ නැති පවට වෙන්නේ යළි අහුවෙන්ට
හෝද හෝදා දමන පරණ රෙදි මළුවලට
වෙස් මූණු දාගෙනම එන්නේ අපි අන්දන්ට
තෝර බේරා නොගෙන කතිර ගහනා අයට
සිදු වෙන්නේ ආයෙමත් අහුවෙන්න කාලෙකට
අනුරුද්ධ වැලිගමගේ
2024 සැප්තැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
නෑ අනුරුද්ධ! මෙවර ඊට වඩා වෙනස් ප්‍රථිපලයක් ලැබේවි!
ReplyDeleteධනාත්මකව ඉමු. මේ පාර තට්ටුමාරැ ක්‍රමයෙ යම් වෙනසක් වේවි කියා
ReplyDeleteමෙවර වෙනසක් වන බව මට ඊයේ කිව්වා, ජනාධිපති ලේකම් කාර්යාලයේ ම වැඩ කරන කෙනෙක්. තව දින කිහිපයක් තුළ පිල් මාරුවක් නොවුනොත්, එය ස්ථිර බවත් කීවා.
ReplyDeleteහූම්.....කතාවක් තියනවා, කෙනෙක්ගෙ විස්වාසය ගැන වාද කරන්න එපා කියලා. ඒ විස්වාසය සර්ව බලධාරි දෙයියෙක්, උත්තරීතර නායකයෙක් වගේ ඕනම කෙනෙක් වෙන්න ඇහැකි. විස්වාසයේ අර්ථදැක්වීම සාධක නොමැතිව, දෙයක් හරියැයි පිලිගැනීමයි යැයි කියෙව්වා මතකයි.
ReplyDeleteහොඳක් වෙනවනම් රටකට එක වෙන්න ඕනේ
ReplyDelete