මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 17, 2024

එතකං නංගී අවදිව අයියන්ඩියේ






තබවා ඉණි හරි හරියට , සදවා නිසි ලෙස ඉණිවැට

ජීවිතයට පාර කියූ පුංචි සන්දියේ

පුබුදා පැතුමන් පිට පිට , ජීවන ගමනම එළිකොට

සැදූ පහන් තරුව ඔබයි මගේ සුදු අයියන්ඩී


හිත රිදිලා හරි හරියට, ඇදිලා ගිය මහ රැල්ලට

සුනාමියේ දුක රිංගූ පාළු වංගියේ

නොසැලී මහමෙර විලසට, සනසා සිත මා දැඩිකොට

දුන්නු දිරිය තාමත් ඇත මතක මන්ඩියේ


යොදුන යොදුන පියමං කොට, ඉගිල ගියත් දුරු රටකට

සීතල පිණිකැට සුසුමන් දැනෙන වංගියේ

ඈත අහස් කුස පසුකොට, රැහැන් කුළුණු නැග හනිකට

එන ඇමතුම නුබෙ උණුහුම පුරවයි අයියන්ඩියේ


අනුරුද්ධ වැලිගමගේ








2021 සැප්තැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.












විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි

2 comments:

  1. අන්තිම පද පේළියේ "උනුහුම පුරවයි අයියන්ඩියේ" කියන තැන මාත්‍රාවල අවුලක් වගේ දැනුනා. ඒත් "රැහැන් කුළුණු නැග හනිකට එන ඇමතුම" චිත්ත රූප මවන හොඳ යෙදුමක්.

    ReplyDelete