මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 21, 2024

කතන්දර හරහා ළමයින්ට දැනුම බෙදන ආචාර්ය අත්තම්මා

 


පොත් පිටු අතරින්- ළමා අධ්‍යාපනය සදහා කතන්දර


ළමයින්ට කතන්දර කියන එක ලේසි වැඩක් නම් නොවෙයි . ඒක බරපතල රාජකාරියක් . ඒ වගේම ඒ ගැන කියාදෙන එකත් ලේසි වැඩක් නම් වෙන්නේ නැහැ . ඒ බර දරන්නට කල පර්යේෂණ ග්‍රන්ථයක් ගැනයි අද අපි පොත් පිටු අතරින් ඔබට ගෙන එන්නේ.



අපේ කථා නායිකාව ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර මහත්මිය ළමා සාහිත්‍යය වෙනුවෙන් වූ 1989 රාජ්‍ය සාහිත්‍යය සම්මානය ලැබුවේ  ඇය විසින් ප්‍රකාශයට පත්කල සිංහල ළමා සාහිත්‍යය නම් කෘතිය වෙනුවෙන් . පේරාදෙණිය විශ්ව විද්යාලයෙන් සිංහල ගෞරව උපාධිය ලැබූ ඇය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ළමා සාහිත්‍යය වෙනුවෙන් ශාස්ත්රපති උපාධියත් යොවුන් සාහිත්‍යය වෙනුවෙන් දර්ශන විශාරද උපාධියත් ඊට අමතරව සම්මාන අධ්යාපන ඩිප්ලෝමාවත් ලැබූ අධ්යාපන පීඨ කථිකාචාර්යවරියක්.

රූපණ ප්‍රමුඛ සම්පත් ධාරිනියක් වගේම ශ්‍රී ලන්කැන් විද්‍යුත් පුවත්පතේත් කතෘ මණ්ඩල උපදේශිකාව වන ඇය ඔබට නුපුරුදු චරිතයක් නොවෙයි.   

පුවත්පතක් සදහා , රූපවාහිනිය සදහා සේම ගුවන් විදුලිය සදහා ඇය දායක වන සෑම නිර්මාණයක් වෙනුවෙන්ම ඇය මහත් වෙහෙසක් ගන්නවා. මව්බිමෙන් බැහැරව කැනඩාවේ ජීවත්වන ඇය සිංහල භාෂාවෙන් ලියැවුණු පොත් සහ පර්යේෂණ නිබන්ධන අවම තත්වයන් යටතේ සැබෑ නිර්මාණයක් කරන්නට කරන්නේ පුදුම කැපවීමක්. 



2024 සැප්තැම්බර් 21 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය
තුලින් වෙබ් ගත වූවකි.

https://rupane.com/?mc_cid=3f0e43fdae&mc_eid=e941e27557



****************************************************************

සම්පත් දායකත්වය -  සම්මානනීය ගත් කතුවරිය ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර 

ඉදිරිපත් කිරීම  -   අනුරුද්ධ වැලිගමගේ

කැමරාකරණය - වීරා ෆොන්සේකා , ගොයුම් එරංග   

සංස්කරණය - රවිදු කන්නන්ගර  සහ පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග හිදෙල්ල ආරච්චි 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

රූපණ  මැදිරියේ  කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************

හදුන්වා දෙන ළමා ගීතය 

අත්තා මුත්තා  ......

ගේය පද - බන්දුල කුරුවිට ආරච්චි

සංගීතය - දිනිත විතානගේ

ගායනය - විශාරද හසන්තිකා කොඩිතුවක්කු  සංගීත ආශ්‍රමයේ සිසු සිසුවියන් 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.









මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

No comments:

Post a Comment