මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 8, 2025

දෙමෝදරත් දැන් උමතු වෙලා

 




සේල පටක් සේ රූ මවලා 

දුන්හිඳ හිත ළග නතර වුනා 

නමුණුකුලය නව වරක් පුදා 

සීතල සුළගක් සිසිල ගෙනා 


ඔඩිසියේ, කැලිප්සෝ මැදිරි පුරා 

පිරිස් ගලනවා හිත් උතුරා 

පාලම යට පොරකන අය අතරේ 

දෙමෝදරත් දැන් උමතු වෙලා 


රාවණ ඇල්ලට පෙම් බැඳලා 

සීතා කෝවිලේ පොල් ගහලා 

ග්‍රෙගරි වැවට අද හඳ පායනවලු 

මුහුණු පොතේ රූසර මවලා 



අනුරුද්ධ වැලිගමගේ 




                                     2025 මාර්තු මස ලන්ඩන් කවි කලාපයේ පලවිය. 

                  විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                     සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි

4 comments:

  1. ඒකනම් ඇත්ත . අර සෙනග වැඩි වුනාට පස්සේ එතන සුන්දරත්වය තව දුරටත් නැහැ වගේ

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ලංකාවේ සංචාරක ස්ථාන ජනප්‍රිය වෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ. තිරසාර පැවැත්මකට මනා කළමනාකරණයක් වගේම සමහර විට සීමා කිරීම් කරන්න වේවි .

      Delete
    2. අපේ අයගෙ හැදියාවේ හොඳකම තමා. තැනකට ගියොත් එතන විනාස කරලා තමා එන්නෙ

      Delete
    3. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . ඒක ඇත්ත.

      Delete