සේල පටක් සේ රූ මවලා
දුන්හිඳ හිත ළග නතර වුනා
නමුණුකුලය නව වරක් පුදා
සීතල සුළගක් සිසිල ගෙනා
ඔඩිසියේ, කැලිප්සෝ මැදිරි පුරා
පිරිස් ගලනවා හිත් උතුරා
පාලම යට පොරකන අය අතරේ
දෙමෝදරත් දැන් උමතු වෙලා
රාවණ ඇල්ලට පෙම් බැඳලා
සීතා කෝවිලේ පොල් ගහලා
ග්‍රෙගරි වැවට අද හඳ පායනවලු
මුහුණු පොතේ රූසර මවලා
අනුරුද්ධ වැලිගමගේ
2025 මාර්තු මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි
ඒකනම් ඇත්ත . අර සෙනග වැඩි වුනාට පස්සේ එතන සුන්දරත්වය තව දුරටත් නැහැ වගේ
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ලංකාවේ සංචාරක ස්ථාන ජනප්‍රිය වෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ. තිරසාර පැවැත්මකට මනා කළමනාකරණයක් වගේම සමහර විට සීමා කිරීම් කරන්න වේවි .
Deleteඅපේ අයගෙ හැදියාවේ හොඳකම තමා. තැනකට ගියොත් එතන විනාස කරලා තමා එන්නෙ
Deleteනමියා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . ඒක ඇත්ත.
Delete