මිහිදු හිමියන් වැඩියාලු
අඹ පැනයකුත් ඇහුවාලු
ඇත්තමයි හාමුදුරුවනේ
ඒ ඉන්දියන් අධිරාජ්‍යවාදයද ?
හිරුට වැඳ වැඳ හිටි අයට
අළුත් දහමක් දුන්නාලු
ඇත්තමයි හාමුදුරුවනේ
ඒක මොළ සුද්ද කළ වැඩක්ද ?
කාල ඇඳලා යස රඟට
අනියත බව දැන හිටි හැටියට
ඇත්තමයි හාමුදුරුවනේ
එදා හිටි අය මෝඩයෝද ?
දහම් පාසැලේ පොඩි එකෙක්
ඔය ප්‍රශ්න වැල ඇහුවාම
ඇත්තමයි ලොකු හාමුදුරුවනේ
දෙන්න උත්තර නෑ මට
අනුරුද්ධ වැලිගමගේ
2025 ජුනි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
මිහිදු විතරක් නෙවේ සුද්දෙක්වත් මේ රටට පය තිබ්බෙ නැතිනම් අපි අද තනිකරම
ReplyDeleteසුමාත්‍රා පැත්තේ තියනව කියන මිනි මස් කන්නන්ගේ දේශයත් වඩා අන්ත ජාතියක් වෙනවා ( ටිපර් පාකින් අවේයිලබල් ) 🥳🥳🥳
ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි
Deleteමිහිඳු එන්න කලින් පණ්ඩුකාභය ගේ රාජ්‍ය කාලය වී වග කරපු දියුණු එකක් නේ
Deleteඒක මරු කවියක් . ඉන්දියාවේ අශෝක රජ්ජුරුවන්ගේ සොෆ්ට් පවර් ඩිප්ලෝමසි එක තමයි බුද්ධාගම
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . ඔව් ඒක බොහොම සැලසුම් ඇතිව වුනු දෙයක් කියලයි කියන්නෙ. මෙතැන ප්‍රශ්ණය තියෙන්නෙ අපි ඉතිහාසය ඉගෙන ගෙන තියෙන්නෙ එක එක සැලසුම් අනුව ලියැවුනු ලිඛිත මුලාශ්‍ර පදනම් කරගෙන කටපාඩම් කරගෙන මිසක් තොරතුරු ජාත්‍යන්තරය එක්ක සම්බන්ධ කරල තර්කානුකුලව නෙවෙයි. පණ්ඩුකාභය රජ කාලයේ රෝම , පර්සියානු , අරාබි වෙළෙන්දෝ මන්නාරම වරායෙන් , මල්වතු ඔය දිගේ අනුරාධපුරයට ඇවිත් රජ්ජුරුවො හමු වුණාලු .
Delete