මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 14, 2025

ගැහැණු ළමයි සමඟ කෑන්ස් රතු පලසට ගිය අපේ අජිත් අය්යා

 




එක්දහස් නමසිය හැට හය වසරේ දී ලංකාවේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනාගත්තේ කරුණාසේන  ජයලත් රචනා කළ ගැහැණු ළමයි නිර්මාණය විසින්. කුසුම් ලියනගේ චරිතය කේන්ද්‍ර  කර ගනිමින් ශ්‍රී ලාංකික සමාජයේ  පැතිකඩක් නිරූපණය කරන අගනා කෘතියක් විදියට ගැහැණු ළමයි පොත හඳුන්වන්නට පුළුවන්. 60 දශකයේ සම්ප්‍රදායික තරුණ දැරියක වන කුසුම් සහ යොවුන් තරුණයෙකු වන නිමල් සතරසිංහ සමග ඇතිවන ප්‍රේම සම්බන්ධතාවක් මැද්දේ ජීවිතයේ විවිධ හැලහැප්පිළි මැද මේ කතාව ඉදිරියට යනවා. 1977 දී ආචාර්ය සුමිත්‍රා පීරිස් තමන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය විදියට තෝරාගත් නිර්මාණය වන්නේ ගැහැණු ළමයි කතාවයි. ඒ කතාවේ  නිමල් සතර සිංහගේ චරිතය  ඉතා අගනා ලෙස නිරූපණය කළේ ටොරොන්ටෝවේ  ඔබ අප  සමග ජීවත්වන ප්‍රවීණ රංගධර අජිත් ජිනදාස විසින්. අපට හුරු පුරුදු අජිත් අයියා පහුගිය මැයි මාසයේ ප්‍රංශයේ  කෑන්ස් අන්තර්ජාතික සිනමා උළෙලීදී  ගැහැණු ළමයි චිත්‍රපටිය  සංරක්ෂණය කරමින් පැවති උත්සවයේදී විශේෂ ඇගයීමට  ලක්වුණා.  සිංහල සිනමාවට, එහි නිර්මාණ ශිල්පීන්ට ගරු සරු දක්වමින් කෑන්ස් රතු පලසේ ඇවිද ගිය අජිත් අයියා අද රූපණ  මැදිරියේදී අපත් එක්ක එකතු වෙනවා.


කොහේද ගැහැණු ළමයි  චිත්‍රපටය රූගත කළේ

ඒ දර්ශන තලයේ  මතක

1976 දී තිරගත වුනු  ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ මඩොල් දුව චිත්‍රපටයේ උපාලි ගිනිවැල්ලේගේ චරිතය රඟපෑවේ අජිත් අයියා. ඒ චිත්‍රපටියේ සංස්කරණ ශිල්පිනිය වුණේ සුමිත්‍රා පීරිස් මැතිනිය.  ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙන් සොයාගත් නවක නිළිය වසන්ති ඩොරීන් පීටර්සන් සමග ගැහැණු ළමයි චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට තෝරගත්තේ ඔබව. සුමිත්‍රා පීරිස් මැතිනිය අධ්‍යක්ෂකවරියක් විදියට ඔබට දැනුනේ කොහොමද? වසන්ති සහ සෙසු නළු නිළියන් සමග කළ රඟපෑම් ඔබට දැනුණු විදිහ

ගැහැණු ළමයි චිත්‍රපටය සංරක්ෂණය වුනු හැටි. මේ විශාල  කර්තව්‍යයට උරදුන්නේ Film Heritage Foundation  කියන ආයතනයයි.
ඒ චිත්‍රපට සංරක්ෂණ කටයුතු සිද්ධ වුණේ කොහොමද ?



කෑන්ස් චිත්‍රපට උළෙලේදී  ඔබ සහ ගැහැණු ළමයි කණ්ඩායමට ලැබුණු අගය

කිරීම

විශේෂයෙන්ම ඒ කෑන්ස් රතු පලස මතින් ඇවිදගෙන යද්දී දැනුණු හැගීම




ගැන දැනගන්න

මේ දිගුවෙන් රූපණ වෙබ් අඩවියට පිවිසෙන්න.


https://rupane.com/2025/06/14/rupane-episode-456-june-14-2025/

2025 ජූනි  14 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි.

**************************************************

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ සම්පත් දායකත්වය - ප්‍රවීණ රංගධර අජිත් ජිනදාස සංස්කරණය - පුබුදු වනිගසේකර , රවිදු කන්නන්ගර සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ අධ්‍යක්ෂණය - ගොයුම් එරංග විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

**************************************************

මේ ශ්‍රී ලන්කැන් වෙබ් පුවත්පතේ පලවූ සටහන   

ගැහැණු ළමයි සමඟ කෑන්ස් රතු පලසට ගිය ටොරොන්ටෝවේ අජිත් අය්යා

https://srilancan.ca/2025/05/18/%e0%b6%9c%e0%b7%90%e0%b7%84%e0%b7%90%e0%b6%ab%e0%b7%94-%e0%b7%85%e0%b6%b8%e0%b6%ba%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-%e0%b6%9a%e0%b7%91%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%bb%e0%b6%ad/


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

8 comments:

  1. ගැහැණු ළමයි කියන්නේ අපේ හදවත ගලවගත්තු කතාවක් වගේ. මේ ළඟදිත් මම පොත් තුනම කියවල ඉවර කළා. අනුරුද්ධ අමනාප නැත්නම් පොඩී නිවැරදි කිරීමක් කරන්නද....කුසුම් අඩු කුලේක බවක් කොහේදිවත් කියවුනේ නැහැ මට මතක විදියට නම්. කුසුම්ගේ දුප්පත් කම සහ කඩේ නැන්දා ඉතාම දහිරියෙන් ලබා ගත්තු තැන, පුතා හරහා එයා බලාපොරොත්තු වුන ඉහල තත්වය තමයි ඒ ආදරයට තිත තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. කුමුදු ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඒ වගේම ඔබේ නිවැරදි කිරීමටත් ස්තූතියි. මම ගැහැණු ළමයි මුද්‍රිත පොත කියවලා නැහැ. අන්තර්ජාලයේ pdf. එක තමයි කියෙව්වේ . ඒ වගේම ඒ තොරතුරැ ගත්තෙ විකිපීඩියා චිත්‍රපට අදහස තුලින්. අවාසනාවට සම්පුර්ණ චිත්‍රපටය තාම බලන්න ලැබුණෙත් නැහැ . ඉදිරියේදී අජිත් අය්යට ලැබුණම බලන්න හිතාගෙන ඉන්නවා. නිකම්ම අජිත් අය්යට ලැබුණු අවස්ථාව ගැන සංවාදයක් කරනවා වෙනුවට හරවත් යමක් කරන්නයි උත්සාහ කලේ . හැබැයි මේ ගැන කල සංවාද වලදී අජිත් අය්යා ඒක මතුකලෙත් නැහැ . සමහර විට ඔහුටත් එය මඟ හැරෙන්නට ඇති. https://en.wikipedia.org/wiki/Gehenu_Lamai
      https://www.scribd.com/doc/272245657/Gahanu-Lamai

      Delete
  2. ස්තුතියි අනුරුද්ධ, ඔයා article එකත් වෙනස් කරයි කියල ඇත්තටම මම හිතුවේ නැහැ. කුසුම්, නිමල්, පද්මිණී, රෝහණලා අපේ නෑදෑයො සහෝදරයො වගේ ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. කුමුදු මම එය වෙනස් කලේ වැරදි අදහසක් කාට වුනත් ඇතිවෙන එක වලක්වන්නයි . අජිත් අය්යාට ඔබ සහ අජිත් ධර්මකීර්ති ගැන කිව්වා. ඉදිරියේදී මෙල්බර්න් සහ ලංකාවේදී ඔහු ප්‍රේක්ෂක පිරිස් හමුවන්නට සුදානම් කියලයි ආරංචි.

      Delete
  3. ඒ දවස් වල අසාවෙන් කියවපු නවකතා. මඩොල්දුව ආසාවෙන් බලපු ෆිල්ම් එකක් . ගැහැණු ළමයිනුත් එක්කම . සුභ පැතුම් අජිත් ජිනදාස මහත්මයට

    ReplyDelete
    Replies
    1. අජිත් අය්යාට ඔබ ගැනත් ඔබේ සුබ පැතුම ගැනත් කිව්වා. ඉදිරියේදී රටවල් කිහිපයකදී සහ ලංකාවේදී ඔහුට ප්‍රේක්ෂක පිරිස් හමුවන්නට හමු සංවිධානය වන බවක් පේනවා.

      Delete
  4. අජිත් ජිනදාස කියල නළුවෙක් හිටියද කියලත් අමතක වෙලා තිබුනේ .. ඔහුගේ ෆොටෝ දැක්කම තමා මතක් උනේ .. ගැහැණු ළමයි නම් කියවලාවත් , ෆිල්ම් එක බලල වත් නැහැ .. නමුත් මඩොල්දුව කියවල තියෙනවා

    ReplyDelete
    Replies
    1. පැතුම් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි

      Delete