මන්දාරම් නුවරට වැහි වහින්නට ළඟයි
හීන පිරුණු ආකාසය හරිම කළුවරයි
පැයූ ඉදු දුනු සැව්වේ පැහැය දුක්බරයි
අද නම් ඔබ හමුවන්නේ නැතිම නැති හැඩයි
දුම්බර කදු යාය මත්තෙ කෝච්චිය හැඩයි
අපේ හිතත් යාකෙරුවේ මැණිකෙලා තමයි
හීත සුළං පොද දැනුනම තුරුළ උණුහුමයි
තාමත් හිත රිදුම් දෙන්නෙ ඒ හාද්දමයි
මීදුම් තිර කඩා වැසෙන කදුත් දුක්බරයි
නිම්න සානු මිටියාවත් හරි හැගුම්බරයි
පැතුම් පොකුරු පිරෙන හිදෙන මසිත චංචලයි
හිනා පිරුණු ඔබ දකින්න ගතම කලබලයි
අනුරුද්ධ වැලිගමගේ
2026 මැයි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.
https://londonkavi.com/poem/27323/
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
සේයාරූ - අන්තර්ජාලයෙන් Pixabay Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.





වික්ටර් රත්නායකගේ සිංදුව මතක් උනා. 'හීන පිරුනු ආකාසය' අරුත් දනවන යෙදුමක්. සිත කලබලයි නොකියා 'ඔබ දකින්න ගතම කලබලයි' කිව්වේ ශෘංගාරාත්මක යෙදුමක් ලෙස ද කියලා හිතුනා.
ReplyDeleteලිට්සීකර් ඔබේ ප්රතිචාරයට ස්තූතියි. මම එහෙම විශේෂයෙන් හිතුවෙ නැහැ . නමුත් අන්තර්ගතය අනුව ඒ යෙදුම ලස්සනයි කියල දැන් හිතෙනවා.
Deleteලස්සන කවක්
ReplyDeleteඅජිත් ඔබේ ප්රතිචාරයට ස්තූතියි
Delete