මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Monday, July 27, 2020

අම්මා ....... අනුරුද්ධ වැලිගමගේ ....කවි.....

Healing herbs for new moms

දස මාසේ කුස තියාන

රැයක් දවාලක් නැතිවම

අම්මේ නුබ විදි දුක ගැන

කියන්න මට වචන කොහෙද

කීයට ගෙදරට ආවත්

කන්න යමක් හදල දුන්න

ඔබ කවදාවත් කිව්වද

අනේ කඩෙන් කාල එන්න

අපේ පුතා ඉපදුණ දා

කිව්ව වචන මතක නැද්ද

අම්මේ නුබ කිව්වේ මට

සතුටයි ඔබ මගෙන් වින්ද

මූදු හතක් එහා ඉදන්

ඉදහිට ඔබ බලන්න එන

දාකට ආපහු යනකොට

බලන්න බැහැ ඔබේ මුණ

අනුරුද්ධ වැලිගමගේ 

Mother Silhouette Images, Stock Photos & Vectors | Shutterstock

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Sunday, July 26, 2020

හීන වලට පාට දෙන්න.... අනුරුද්ධ වැලිගමගේ ......කවි.....

Group of Happy Young Men and Women Dancing and Singing, Students ...

හීන වලට පාට දෙන්න

දේදුන්නක නැගල එන්න

ලස්සන සිතුවම් මවන්න

එක රෑනේ ඉගිල එන්න

පාට පාට මල් පොකුරක්

වාගේ එකමිට බැදෙන්න

වෙනසම ලස්සන කරලා

හිත් යායේ පුබුදුවන්න

තරු කැට ඉහෙනා අහසේ

නෙක නෙක හැඩතල මවන්න

මුතු ඇමිණු මාලය වී

එකමුතු වී නිති හිදින්න

අනුරුද්ධ වැලිගමගේ

Songs for Best Friends

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, July 25, 2020

කවි හිතට පෙම් බැන්ද......අනුරුද්ධ වැලිගමගේ .....කවි....

girl standing in moonlight | Fantasy art, Art, Fantasy

කවි හිතට පෙම් බැන්ද

මිහිරි සිහිනය වැන්න

එකින් එක පද බැදුණු

ගෙලේ පැලදුණු මුතුහරයි මේ

සුසුදු මතකය රැදුණ ....

තරු මලින් එළි කෙරුණ

පිරුණු පුරහද වැන්න

එකට පද එක් කෙරුණ

නිමා නොමවන සිතුවමයි මේ

හදින් හද යා කෙරුණ ......

එදා හැමතින් ඇහුණ

දෙව් වදන් පෙල වැන්න

තාලයට නිති ගැයුණ

කාලයක් නැති මතක සුවදයි

සදා මගෙ සිත නිවන .......

අනුරුද්ධ වැලිගමගේ 

Regency Woman By Moonlight Photograph by Lee Avison

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Friday, July 24, 2020

බබරිදු නුබ මා දකිනු නැති…........අනුරුද්ධ වැලිගමගේ........කවි....

woman pushing wall, Silhouette of a man with a beer bottle, drunk ...

පිනි කදුළැලි වැටුණා මතකයි ....

හීතල හිමිදිරියේ

දෙපා දොවන්නට සියුමැලි පෙති මත

 නුබ මෙහි එන මොහොතේ

අදත් වැටෙනවා සීතල පිනිබිදු

 ඊයේ දින වාගේ

ඒත් එපා බබරුනි අද එන්නට

 මේ හිමිදිරි යාමේ

පෙති පැහැ දරලා මධු මී පිරිලා

 රොන්ගන සැදිලා සුවද දිදී

නුබ වෙනුවෙන් සුපුරුදු මා පිපුණත්

බබරිදු නුබ මා දකිනු නැති

දහසක් නෙතු දස අතින් දිලෙනවා

රකුසු උකුසු ගති පිරුණු සිතින්

මධුවිත බදුනට වැඩි සෙනෙහස පෑ

 පිලිගනු කෙලෙසක ඔබ හිතකින්

අනුරුද්ධ  වැලිගමගේ

Maine Woman Talks About Drunk Man Who Tried To Break Into Her Hom