මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 21, 2020

නයගරා ඇල්ල මගහැර නැව් යන හැටි බලා වරෙන් ...... කැනේඩියානු සංචාරයක මතකය


 කැනඩාවත් , ඇමෙරිකා එක්සත් ජනපදයත් අතර මායිමේ පිහිටි නයගරා දියඇල්ල ලොව වැඩි සංචාරක පිරිසක් නරබන අතිශය ජනප්‍රිය සංචාරක ඉසව්වක්. ටොරොන්ටෝවට නුදුරින් ජීවත් වන බොහෝ දෙනා සෑම ගිම්හානයකටම දවසක් හෝ මේ ඉසව්වට යන බව රහසක් නොවෙයි . සොබාදහමේ මහගු දායාදයක් වන නයගරා ඇල්ල ආශ්‍රිත සංචාරක බල ප්‍රදේශයට යනෙන සංචාරකයින්ට කරන්නට ඇති පදම් දේ තිබෙනවා . එහෙත් ඒ ඉසව්වට යන අයගෙන් කීයෙන් කී දෙනෙක් ඇල්ල බලනවා ඇරෙන්නට  අසල ඇති තවත් වැදගත් තැන් මග හරිමින් කාලය නාස්ති කරනවාද ? . මේ මතකයන්ගේ අරමුණ ඊලග වතාවේ ඔබ නයගරා බලන්නට යනවිට ඒ තැන් වලටත් යන්නට අවස්ථාව උදා කර දීමයි .

පංච මහා විල් හරහා එකතුවන ජලය කැනඩාවේ ශාන්ත ලෝරන්ස් ගංගාව හරහා කිලෝමීටර 3769 ක් දුර ගෙවා අත්ලාන්තික් සයුරට එක්වෙනවා . අනුපිළිවෙලින් සුපිරියර් , මිචිගන් , හියුරන් , ඊරි විල් කරා එන ඒ මහා දියකඳ  නයගරා ඇල්ල හරහා ගොස් ඔන්ටාරියෝ විලට එක්වෙනවා . ශාන්ත ලෝරන්ස් ගඟ ඇරබෙන්නේ ඔන්ටරියෝ විලෙන් . මේ  මාර්ගය ප්‍රමුඛ නැව් මාර්ගයක් . වාණිජ නැව් මෙන්ම පෞද්ගලික යාත්‍රා ගමනා ගමනයේදී තිබු ප්‍රධානතම බාදකය වුයේ නයගරා ඇල්ල තරණය කිරීමයි .

කලක් තිස්සේ මිනිසුන්ට වදදුන් ඒ ගැටළුව විසදුණේ ඊරි විලත් ඔන්ටාරියෝ විලත් යාකරමින් තැනුණු කිලෝමීටර 43 ක් දිග වෙලන්ඩ් ඇල (Welland Canal) මගින් . 1824, 1839,1887 දී තැනුණු ඇලමාර්ග වැඩි දියුණු කරමින් අද භාවිතා වන වෙලන්ඩ් ඇල ඉදිකෙරුණේ 1913 දී . මිනිසුන් පඩිපෙලක් බසිනවා මෙන් තටාකයෙන් තටාකයට නැව්  ඇතුල් කරමින් තැන් (Locks) 8 කදී එකී යාත්‍රා උස් පහත් කිරීම විදුලි සෝපානයක ක්‍රියාවලියට සමානයි .

වෙලන්ඩ් ඇල මධ්‍යස්ථානය සහ ගේට්ටු අංක 3 (Welland Canal Centre & Lock 3)

එලිසබත් රැජින අධිවේගී මාවත දිගේ ශාන්ත කැතරින් (St. Catherines) නගරය පසුකරද්දී හමුවන අහස් මංපෙත (Garden City Skyway  ) මතදී ඔබ සමහරවිට මේ පරිශ්‍රය ඈතින් දැක ඇති . අංක 3 දරණ ගේට්ටුව හරහා නැව් ගමන් කරන වෙලාව අන්තර්ජාලයේ ඇති නිසා ඔබට පහසුවෙන් ගමන සැලසුම් කරගන්නට පුළුවන් . ජල තටාකයට නැව් ඇතුළුකරන  පිටකරන අයුරු , අනතුරු වලකන ආරක්ෂක උපක්‍රම , ළග ඇති පාලම් උස් පහත් කරන අයුරු මෙන්ම මෙහිදී සුවිසල් නැව් ඇලේ උස වෙනස්කම් අනුව විදුලි සෝපානයක මෙන් උස් පහත් කරන අයුරු පියවරෙන් පියවර කැමරාවට නගා ගන්නට හෝ වීඩියෝ ගත කරන්නට මෙහි ඇති නැරබුම් අටල්ල කදිම තැනක් .

ශාන්ත කැතරින් කෞතුකාගාරය ( St. Catherines Museum)

සංචාරය සදහා බොහෝ මුදල් වැයවන බව බහුතරයක් පිරිස සිතන මිත්‍යා මතයක් . සංචාරයේදී වැදගත් වන්නේ කලබලයෙන් යාම නොව තොරතුරු සොයාගෙන යාමයි . වෙබ් අඩවි කිහිපයකින් තොරතුරු සහ සංචාරක අත්දැකීම් වර්ගීකරණය කර ඇති ආකාරය බැලීමෙන් ඔබට මෙය පහසුවෙන් ම කල හැකියි . ඉතා වටිනා දැනුම් ගබඩාවක් වන මෙයට ඇතුළුවන්නට කිසිදු මුදලක් අය කරන්නේ නැහැ . නමුත් ඔබට කැමති නම් ඔවුන්ගේ සේවය වෙනුවෙන් ඔබට යම් මුදල් පරිත්‍යාගයක් කල හැකියි . වෙලන්ඩ් ඇලේ සහ  ඒ ප්‍රදේශයේ ඉතිහාසය , ලාක්රෝස් (lacrosse).  නමැති පාරම්පරික ක්‍රීඩාව පිළිබද බොහෝ තොරතුරු මෙහිදී දැනගත හැකියි . මෙහි තිරගත වන වෙලන්ඩ් ඇල පිළිබද වාර්තා චිත්රපටය මිල කල නොහැකි අත්දැකීමක් . නොමිලයේ වාහන නවතා තැබිය හැකි සියළු  පහසුකම් පිරි මේ පරිශ්‍රයේ කුඩා දරුවන්ට විනෝද වන්නට බොහෝ දෑ තිබෙනවා .



වෙලන්ඩ් බිත්ති චිත්‍ර ( Weland Murals)

වෙලන්ඩ් ඇල සහ ආශ්‍රිත සංවර්ධනය විසින් බිහිවූ වෙලන්ඩ් නගරය කැනඩාව පුරා විසිරුණු චිත්‍ර ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් 1986 දී අරඹා ඇති ව්‍යාපෘතියක් මගින් නගරයේ තැනින් තැන සුවිශාල බිත්ති චිත්‍ර ඇද තිබෙනවා . දැනට එහි ඇති චිත්‍ර ගණන 29 ක්. අන්තරජාලයෙන් ඔබට එම චිත්‍ර 29 පිහිටා ඇති තැන් පැහැදිලිව දැන ගන්නට පුළුවන් . ඔබ චිත්‍රවලට ආසා කරන්නෙක් නම් ඔබ මෙයට ලොබ බදිවී . හැබැයි මෙය තරමක් කල්ගත වන තැනින් තැනට යා යුතු වැඩක් . කුඩා දරුවන් සමග පහසු වන දෙයක් නොවෙයි . කලින් කලට අළුතින් චිත්‍ර එකතුවන තිබෙන චිත්‍ර සංරක්ෂණය වන මේ ව්‍යාපෘතිය දිනෙන් දින අළුත් වන දෙයක් .

අප වෙලන්ඩ් නගරයේ සිට නයගරා ඇල්ල වෙත යන මග වැටී තිබුණේ  වෙලන්ඩ් ඇල යටින් යන උමගක් ඔස්සේ . වෙලන්ඩ් ඇලේ විශාල නැවක් ගමන් ගන්නා මොහොතක දුම්රිය මාර්ග බාධකයට නැවතී හුන් අප දුටු දසුන ජීවිතයේ තවත් අමතක නොවන අත්දැකීමක් . වාහන ගමන් කරන මාර්ගයට අමතරව අප ඉඩ සලසා දුන් දුම්රිය මාර්ගයද මේ උමග තුලින් දිවෙනවා .

 

නයගරා විල මත ( Niagara On the Lake)

නිසි ජලය , නිසි දේශගුණය නිසා ඉතා සශ්‍රික ප්‍රදේශයක් හැදින්වෙන්නේ මේ නමින් . එහි සරු පසේ වැවෙන මිදී , චෙරි , බෙරි වර්ග , මල් වර්ග බලන්නටත් ගිම්හානයේදී ඔබට  පුළුවන්. නිස්කලංක විවේකයක් සදහා නවාතැන් පොල රැසක් මේ ප්‍රදේශයේ තිබෙනවා .



මිදි සහ වයින් ( Grapes & Wine )

රසයෙන් වැඩි වයින් නිෂ්පාදනය සදහා සුදුසු මිදි මේ ප්‍රදේශයේ තිබෙනවා . ලෝ පතල කැනේඩියන් අයිස් වයින් ( Canadian Ice Wine) විශේෂ බොහොමයක් මේ ප්‍රදේශයේදී නිපදවෙනවා . මිදි වත්තක් , මිදි වලින් වයින් නිපදවෙන හැටි , වයින් ගබඩා කර ඇති සැටි මෙන්ම අගනා වයින් බිදක රස බලන්නටත් මේ ඉසව්වේ සරන ඔබට කිසිදු මුදලක් වැය වන්නේ නැහැ .


චෙරි සහ බෙරි නෙලන්නට ( Cherry & Berry Picking)


නයගරාවට නුදුරු ලින්කන් (Lincoln) නගරය චෙරි වගාවට ප්‍රකටයි . කහට පිරෙන්නට විවිධ ගස්වලින් විවිධ රස චෙරි  ගස්වලට නැග ගෙඩි කඩා කන්නට පුළුවන්. අන්තර්ජාලයෙන් එම ගොවිපොල මහජනතාව සදහා අරඹන දින වකවානු දැනගන්නට පුළුවන් . අපේ අත්දැකීම් වලට අනුව වඩාත් වැදගත් වන්නේ පුළුවන් තරම් උදයෙන් එම ස්ථානවලට යාමයි . එවිට තදබදයෙන් තොරව රිසි සේ හොද අස්වැන්නක් නෙලා ගන්නත් , පවුල් කිහිපයක් එකට එක්වන අවස්ථාවක් කර ගන්නටත් පුළුවන් .

බ්ලු බෙරි , ස්ට්‍රෝ බෙරි ඇතුළු බෙරි වර්ග රැසක් රස බලන්නට් හැකි ගොවිපොල රැසක්   Lincoln, Grimsby, Pelham, St. Catherines, Welland  වැනි නගරවල තිබෙනවා . ලංකාවෙන් , වෙනත් රටවලින් එන නෑදෑ හිතවතුන් මෙන්ම හිත මිතුරන් සමග දිනක ගමනකට මෙය කදිමයි .

ලැව න් ඩ රා  මල් ගොවිපොල  ( Lavendar Farms )

බොහෝ සුවද විලවුන් සදහා ගන්නා ලැව න් ඩ රා  මල් වතු මවන්නේ මහත් අසිරියක් . ගිම්හාන කාලයේදී ඒ ගොවිපොල පරිශ්‍රයන්හිදී විවිධ ප්‍රදර්ශණ පැවැත් වෙනවා . මේ  ගොවිපොල චාරිකා සදහා යම් මුදලක් ගෙවිය යුතු වෙනවා . ඒ  ඇතුළුවීමේ ගාස්තු හෝ  යම් අවම ගාස්තුවක් ලෙසින් .


සටහන   - අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017  මැයි කලාපයේ පලවිය .


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

Canadian Minority Media Database | Dasatha


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි





Saturday, November 14, 2020

වාර්තා චිත්‍රපට තුලින් කාලය තරණය කරමුද ? ...... චිත්‍රපට තුලින් ලෝකය දකිමු 11.

The Crown season 2: How historically accurate is the Netflix drama ...

ඔබට මේ මොහොතේදී සියවස් කිහිපයක් පසුපසට යන්නට පුළුවන්ද ? අඩුම තරමේ විනාඩියක්වත් ගෙවුණු කාලය යලිත් ගත නොහැකි අයුරින් සිදුවීම් ඉතිහාසයට එකතු වන්නේ විදුලි වේගයෙනි. පොත්පත් රැසක ඇති මුලාශ්‍ර , ගවේෂණාත්මක තොරතුරු පුරාවිද්‍යාත්මක කාරණා සමග ගලපා ඒ ඉතිහාසය මවන්නට වාර්තා චිත්‍රපට නිෂ්පාදකයින් දක්වා ඇත්තේ මහත් කුසලතාවයකි. ත්‍රිමාණ රූප, සිද්ධි නිරූපණ චරිත සහ විෂය ප්‍රවීණ විද්වතුන්ගේ අදහස් සහ මතවාද අපට ඒ ඉතිහාසය සජීවී කරවයි. මා බැලු එවන් වාර්තා චිත්‍රපට අතරින් කිහිපයක් මේ.   

The Crown season 3 cast: How does Olivia Colman compare to Claire ...

File:Documentary film clapperboard icon.svg - Wikipedia

The Crown season 4: When's it released on Netflix? What's going to ...

The crown

55 Things You Didn't Know About The Crown - The Crown Facts

වර්තමාන බ්‍රිතාන්‍ය රජ කිරුළ හොබවන එලිසබත් රැජිණගේ ජීවිත කතාව ඇසුරින් නිර්මිත මේ කථා මාලාව වැඩසටහන් 50 කින් සමන්විතය. 2016 දී විකාශනය ඇරබුණු මෙහි වැඩසටහන් 30ක් මේ වනවිට නෙට්ෆ්ලික්ස් නාලිකාව හරහා රසවිදිය හැකිය. තරුණ වියේ පටන් විවිධ ගැටළු මැද රැජිණගේ ජීවිතය ගලා යන ආකාරය මේ තුලින් දැකිය හැකිය. ලෝ පුරා සම්මාන උළෙල රැසකදී සම්මාන සදහා යෝජනා වුණු සහ සම්මාන හිමි කර ගත් මේ වැඩසටහනේ ඉදිරියේදී නිකුත් වීමට නියමිත 4 වන කථා මාලාවෙන් මාග්‍රට් තැචර් අගමැතිනිය සහ ඩයනා කුමරිය ගැන බලන්නට අසාවෙන් සිටිමි .  

 The Crown Season 3: How Do the New Royals Stack Up? | Vanity Fair

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/The_Crown_(TV_series)

Trailer  යු ටියුබ් දිගුව 


The Crown (Netflix Series) | MacRumors Forums

File:Documentary film clapperboard icon.svg - Wikipedia

HIST 2600A: History of Russia - Department of History

History of Russia

History of Russia: From Peter the Great to Gorbachev Prof ...


රුසියානු ඉතිහාසය ගැන කියැවෙන වැඩසටහන් 5 කින් යුතු කථා මාලාවකි .ක්‍රිස්තු පුර්ව 2000 සිට 1917 රුසියානු විප්ලවය දක්වා රුසියාවේ ඉතිහාසය කැටිකල මෙය තුලින් ඉතිහාසය හාරා අවුස්සන්නට හොද දොරටුවක් විවර කරගත හැකිය. රුසියාවේ ඉතිහාසය ගැන තවත් උන්නදු නම් රුසියානු විප්ලවය සහ ඉන් ඔබ්බට කෙරුණු තවත් වාර්තා චිත්‍රපට රැසක් තිබේ .

යු ටියුබ් දිගුව 


Wedaneus 🇬🇷 on Twitter: "Battle between Ottoman Janissaries and ...

 File:Documentary film clapperboard icon.svg - Wikipedia

Britain's Slave Trade Documentary | Timeline – TOWARDS LIFE-KNOWLEDGE

Gold, Silver & Slaves

Gold, Silver and Slaves – WorkLizard

වහල් වෙළදාම අතීතයේදී ඉතාමත් ජයට කෙරුණු මුදල් උපයන මාර්ගයකි . රන් රිදී සේම වහලුන් විශේෂයෙන්ම අප්‍රිකානු රටවලින් බ්‍රිතාන්‍ය පාලන සමයේදී ගෙනා දුක්මුසු කථාවෙන් බිදක් මෙහි එකතුවී තිබේ . වහල් වෙළදාම ගැන කෙරුණු වාර්තා චිත්‍රපට අතරින් මෙයට මම වඩාත් කැමතිය .

Unfinished Business | Timeline



An Entirely New Form of Christian Slavery" - Professor Alec Ryrie ...

 File:Documentary film clapperboard icon.svg - Wikipedia

Lea KING HENRY VIII Secrets OF THE 6 Wives en línea | Prueba ...

Secrets of the  six wives

Secrets Of The Six Wives (DVD) – SimplyHE

බැලූ බැල්මට එංගලන්තයේ 8 වන හෙන්රි රජු බහු භාර්යා සේවනයේ යෙදුණු සල්ලාලයෙකු ලෙසින් පෙනුණත් බලය සහ බලයේ මීළග උරුමය පිළිබද සැගවුණු ඉතිහාස කතාවක් මෙයින් කියැවේ.  මේ සම්බන්ධයෙන් නිමැවුණු වාර්තා වැඩසටහන් රැසක් ඇතත් මා ප්‍රිය කරන්නේ   BBC රූපවාහිනී නාලිකාවේ Lucy Worsley කල ඉදිරිපත් කිරීමටයි.

SECRETS OF THE SIX WIVES | KPBS

වැඩි විස්තර සදහා යොමුව  …..

https://www.bbc.co.uk/programmes/b0853mvq

Trailer  යු ටියුබ් දිගුව


Secrets of the Six Wives | PBS Programs | PBS | Tudor fashion ...

File:Documentary film clapperboard icon.svg - Wikipedia






Charcoal train Sri Lanka - Sri Lanka Travel Partner

By Train across Sri Lanka

Class M2 - Sri Lanka Railway Forum

ලංකාවේ දුම්රිය ගමනාගමනයේ සුවිශේෂතාවය විදහා දක්වන කොළබ කොටුවේ සිට බදුල්ල දක්වා කරන චාරිකාවක් ලෙසින් නිර්මාණය වුනු මේ වාර්තා චිත්‍රපටය තුල ලංකාව පිළිබද බොහෝ තොරතුරු ඇතුලත් වෙනවා



https://www.youtube.com/watch?v=s8VNJ88AFWw


Demodara Nine Arch Bridge | Well Known Places

File:Documentary film clapperboard icon.svg - Wikipedia

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 Class M4 - Sri Lanka Railway Forum

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

 Where do you go to study Russian history? Russia, of course ...

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



Saturday, November 7, 2020

හීන වලට පාට දෙන්න ...එක රෑනේ ඉගිල එන්න...

 



හීන වලට පාට දෙන්න

දේදුන්නක නැගල එන්න

ලස්සන සිතුවම් මවන්න

එක රෑනේ ඉගිල එන්න

එකමුතු වී සොයුරු දමින්

එක රෑනේ ඉගිල එන්න

 

පාට පාට මල් පොකුරක්

වාගේ එකවිට බැදෙන්න

වෙනසම ලස්සන කරලා

හිත් යායේ පුබුදුවන්න

මල් පොකුරක් වගේ එකට

නොමියෙන මිතු දම් පුරන්න

 

තරු කැට දිලෙනා අහසේ

නෙක නෙක හැඩතල මවන්න

මුතු ඇමිනු මාලය වී

මුතුහර විලසින් දිලෙන්න

එකමුතු වී දස්කම් පා

ගුණ දම් සුවදින් පිරෙන්න

 

අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි