මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 12, 2020

සරුංගලයක් සේ .......ෆ්‍රීඩා විල්ලවරායන්.......රේඩියෝ කෙටිකතා......


තාත්ති තාත්ති.... තව ...තව...... උඩ අරින්න.... 

අන්න.... අන්න .... ඒක කුරුල්ලන්ටත් වැඩිය උඩ යනවා  


පුරුදු කටහඩ ආයෙමත් ඇහුණා.

සුරනිමල ගෙ හිත සන්තෝෂෙන් පිරිලා ගියා. 

චූටි දුව අත්පුඩි ගහන්න පටන් ගත්තා 

සුරනිමල ආයෙමත් උඩට යන සරුංගලේ දිහාවෙ බලාගෙන හිතන්න පටන් ගත්තා 

ඇත්තටම කොච්චර අපූරුද සරුංගල් යවන එක.

  

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ........

අද කතාව    ..........සරුංගලයක් සේ ...

සවනට රචනා කලේ ෆ්‍රීඩා විල්ලවරායන්  


කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි.

ස්තුතිය - සවන නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට





සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.





Saturday, December 5, 2020

අමයුරු කවි රස 3. සිංහල කවියේ සදැස් ලකුණ


අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.


ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    


මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව   


අද අපි කථා කරන්නේ  සිංහල කවියේ සදැස් ලකුණ ගැන . කවි උදාහරණ ගනිමින් අප මේ වැඩසටහනින් කථාකරන්නේ සාගර පලන්සුරිය ( කේයස් ) , ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සහ එච් එම් කුඩලිගම යන කවීන් තිදෙනා ගැන. 


  සාගර පලන්සුරිය ( කේයස් )  

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ   

එච් එම් කුඩලිගම

මේ වැඩසටහනින් අප කතා කලේ  සිංහල කවියේ සදැස් ලකුණ......


කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 

**********************************************

http://rupane.com/vimeo-video/rupane-episode-210-september-19-2020/

පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - රාජ්‍ය සම්මානලාභී ලේඛිකා ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර 


කවි ගායනා - සරත් කුමාරසිංහ සහ චන්දි දහනායක  


ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 


සංස්කරණය - පුබුදු වනිගසේකර 


සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 


විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 


Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි. 


අපේ පළමු වැඩසටහන - ජනකවියේ චමත්කාරය  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html

අපේ දෙවන වැඩසටහන -  කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images


               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.




Sunday, November 29, 2020

සවනට මී බිදක් වන සවන අන්තර්ජාල රේඩියෝව ..........සටහන....




කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් වෙබ් ගත වන සවන අන්තර්ජාල රේඩියෝව වෙබ්ගත වීමේ  3  වන සංවත්සරය සමරන්නේ අදයි. ( 2020 නොවැම්බර් වන 29 දිනයි )

ගීත වලට අමතරව වෙනස් විෂය ක්ෂේත්ර සහ තේමාවන් යටතේ නිමැවුණු වැඩසටහන් මෙන්ම කාලීන මාතෘකා යටතේ සකස්වුණු වැඩසටහන් පෙලකින් සැරසුණු සවන රේඩියෝව මව්බිමෙන් පිටත දුර ශීත රටක ජීවත්වන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ප්‍රබල වේදිකාවක් තනා තිබෙනවා .    

 http://www.sawana.ca/   වෙබ් ලිපිනයෙන් 

ජංගම දුරකථනයේ රේඩියෝ ගාඩන් ඇප් එක

 http://radio.garden/listen/sawana-radio/VAywleA7

සහ Tune in 

https://tunein.com    ඇප් එක හරහා

ලෝකයේ ඕනෑම කොනක ඉදගෙන ඔබට සවනට කන් දෙන්න පුළුවන් .

සවන රේඩියෝවේ සතියේ වැඩසටහන් පෙලගැස්වී තිබෙන්නේ පහත සදහන් විදිහටයි.


කිසිදු වෙළද දැන්වීමක් ප්රචාරය නොවන මෙහි කිසිදු දේශපාලන හෝ ආගමික දර්ශනයකට ගැති නොවූ නිදහස් මාධ්ය භාවිතාවක් තිබෙනවා. මෙම ගුවන් විදුලියේ නඩත්තු වියදම් දරන්නේ ප්‍රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ගේ පෞද්ගලික මුදලින්.   

ඉතිහාසය කෙටියෙන් .......

සවන රේඩියෝව මුලින් ප්රචාරය වුනේ 2006 සැප්තැම්බර් 6 වැනිදා එෆ් එම් 105.5 තරංග මාලාව ඔස්සේ උදෑසන  9 සිට 10 දක්වා ශ්‍රී ලාංකික අනන්‍යතාවය පෙන්වන වැඩසටහනක් ලෙසින්. කැනඩාවේ ටොරොන්ටෝවේ යෝර්ක් විශ්ව විද්යාලය මගින් පවත්වා ගෙන ගිය  CHRY ප්‍රජා   ගුවන් විදුලිය හරහා සෑම බදාදාවකම පැයක ගුවන් කාලයක් එය සදහා වෙන්වුණා. 2015 දී CHRY ප්‍රජා ගුවන් විදුලිය නවතා දමන තුරුම එම සජීවී පැය ක්රියාත්මක කලේ වසන්ත ලංකාතිලක මහතා විසින්.  


වසන්ත රිසි ලංකාතිලක 

 ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වර්ණමය යුගයේ වටිනා නිමැවුමක් වන වසන්ත ලංකාතිලකයන් එහි සේවයට එක්වුණේ 1971 දී සහකාර වැඩසටහන්   සම්පාදක වරයෙකු ලෙසයි . කෘතහස්ත රේඩියෝ මාධ්යවේදීන් වන බ්රිතාන්ය ගුවන් විදුලියේ (BBC  ) Stuwart Wevall , ශ්‍රී  ලංකා ගුවන් විදුලියේ ප්රබල ගුවන්  විදුලි මාධ්යවේදීන් සහ ප්‍රවීණයන්  යටතේ පුහුණුව ලැබූ වසන්ත ලංකාතිලක තරුණයා බොහෝ කලක් ජනප්රිය ගුවන් විදුලි මාධ්යවේදී ප්රේමකීර්ති ද අල්විස්  සමග එකට වැඩකල අයෙක් .

මැලේසියාවේ ආසියා පැසිෆික් ගුවන් විදුලි ආයතනයේ , සිංගප්පුරුවේ ජන සන්නිවේදන සහ පර්යේෂණ සහ තොරතුරු මධ්යස්ථානයේ  රේඩියෝ වැඩසටහන් නිෂ්පාදනය සහ කළමනාකරණය පිළිබද විදේශ පාඨමාලා සහ ශ්රී ලංකා රූපවාහිනී අභ්යාස ආයතනයේ පාඨමාලා රැසක් සම්පුර්ණ කල ඔහු නිෂ්පාදකවරයෙකු  සහ මෙහෙයුම්  පාලකවරයෙකු ලෙස ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශාල මෙහෙවරක යෙදුනා .

1996 දී ලක්හඩ ගුවන් විදුලිය ආරම්භයේදී එහි කළමනාකරුවෙකු ලෙස මාධ්ය මෙහෙවරක යෙදුණු ඔහු 2005 දී කැනඩාවට පැමිණෙන තුරුම ඒ තනතුරේ කටයුතු කලා. රේඩියෝ මාධ්යයට තිබෙන ඇල්ම නිසාම ප්රජා ගුවන් විදුලිය නැවැත්වීමෙන් කෙටි නිහැඩියාවකට පසු වසන්ත ලංකාතිලකයන් ශ්‍රී ලාංකික රේඩියෝවකට ආදරය කරන තවත් පිරිසක් එකතු කර ගනිමින් 2017 දී සවන අන්තර්ජාල රේඩියෝව ආරම්භ කලා. 




සවන අන්තර්ජාල රේඩියෝ කණ්ඩායම

වත්මන් සවන නිෂ්පාදන කණ්ඩායම සමන්විත වන්නේ පුජ්‍යපාද උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමියන් , ආචාර්ය ජගත් රූපසිංහ,  ආචාර්ය සරත් චන්ද්‍රසේකර , ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර , පූසති විජේසේකර, සුනිමල් බාලසුරිය, චම්පා ගොඩකන්දආරච්චි, දීපා හෙට්ටිගේ සහ අනුරුද්ධ වැලිගමගේ යන කැනඩාවේ සිටින පිරිසගෙන්. ලංකාවේ සිට ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදීන් වන පාලිත පෙරේරා, අශෝක තිලකරත්න සහ හේමසිරි කුලරත්න සමබන්ධ වෙනවා. පරිගණක දැනුම බෙදාදෙමින් වැඩසටහන් එක් කරන්නේ සවන වෙබ් රේඩියෝවේ පරිගණක කටයුතු මෙහෙයවන මහින්ද ජයසුන්දරයි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෛද්‍ය උපදෙස් ලබාදෙන්නේ වෛද්‍ය ඕවිද විපුලගුණ යි . මෙල්බර්න් නුවර සිටශනිදා සාදය රැගෙන සවන එක්ක එකතු වන්නේ ජගත් එදිරිසිංහ සහ තේජා කටුගම්පලයි.         



සෙනසුරාදා
සවන වැඩසටහන් පෙල

මධුරයාමේ - සිංහල සිනමා ගීතය සහ සිනමා ඉතිහාසය ගැන කෙරෙන පර්යේෂණාත්මක ඉදිරිපත් කිරීමක්

( ආචාර්ය ජගත් රූපසිංහ )



ටොරොන්ටෝ ලියුම - කාලීන තොරතුරැ සහ සමාජ දේශපාලන විග්‍රහයක් ඇසුරින් පිට රටක ඉන්නා පුතෙකු ලංකාවේ නැන්දාට යවන ලියුමක්

( ආචාර්ය සරත් චන්ද්‍රසේකර  )


මියුලැසිය - කාන්තාවන් ගැන කාන්තාවක් විසින් කෙරෙන සාර සංග්‍රහය

( පූසති විජේසේකර )

මෙල්බර්න් ශනිදා සාදය - ඕස්ට්‍රේලියාවේ සිට එක්වන සෙනසුරාදා සොදුරු පැය

( ජගත් එදිරිසිංහ සමග තේජා කටුගම්පල )

දම් සභා මණ්ඩපය - ජීවිතය සුවපත් කරන අමා දහම් විමසුම

(පුජයපාද උඩුපිහිල්ලේ විමලබුද්ධි හිමියන් ) 

කවි මිණි ආර - කවිය ආ මග, කවිමුතු නවක කවි නිර්මාණ සමග අන්තර්ජාතික කවි සමග කවියේ රසතැන් සොයා යන හෝරාව

( අනුරුද්ධ වැලිගමගේ )

සිහින සතක් - ජීවිතයේ මතක සමග ආරාධිතයෙකු ගී තෝරන මතක හෝරාව

( විවිධ ක්ෂේත්‍ර වල ආරාධිත පිරිස් )

අගනුවරින් පැයක් - කැනඩාවේ අගනුවර වන  ඔටාවා නුවරින් එක්වන සමාජ කතිකාව

( දීපා හෙට්ටිගේ )



ඉරිදා සවන වැඩසටහන් පෙල 

තාක්ෂණයේ හාස්කම් - සරල සිංහලෙන් පරිගණක දෘඩාංග සහ මෘදුකාංග ගැන කෙරෙන තාක්ෂණික වැඩසටහන 

( මහින්ද ජයසුන්දර )

හෝපලු හෙවණ -  ගුවන් විදුලියේ සොදුරු මතක උදාහරණ සමගින් 

( ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී අශෝක තිලකරත්න )

වෛද්ය ඔවදන - පොදුවේ සැමගේ සුව සහනය සදහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට නොමිලයේ ලැබෙන වෛද්ය උපදෙස් 

( වෛද්‍ය ඕවිද විපුලගුණ )

හුරුබුහුටිගේ චාරිකා - ලොව වටා රස පිරුණු තොරතුරු රැගත් අපූරු චාරිකා පෙල  

( චම්පා ගොඩකන්ද ආරච්චි )

 සක්මන් මළුව - මතකයන් දිගේ ආරාධිතයෙකුගේ හිත කියවන හෝරාව 

  ( සුනිමල් බාලසූරිය )*

  විශ්ව කාන්තා සාහිත්යය - ලෝකයේ දස දිගින් හමුවන කාන්තා සාහිත්යය පෙරා මිටකට ගෙනෙන සාර සංග්රහය 

  ( ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර  ) *

* වැඩසටහන් පිටපත් වලින් කොටසක් යු ටියුබ් තුලින් බලන්නට පුළුවන් 

 



මේ වනවිට විකාශය නිම වූ වැඩසටහන් 

දින නැති දිනපොත - ජීවන ගමනේ සිත කියැවෙන තැන් ඇතුලත් රේඩියෝ කෙටිකතාව 
( අනුරුද්ධ වැලිගමගේ ) *  වැඩසටහන් 50 ක් යු ටියුබ් තුලින් බලන්නට පුළුවන් 

රනුක සමග 168 ( 168 with Ranuka )- සතියේ පැය 168 ක් තුල කෙරෙන තරුණ කැලගේ නිර්මාණ හා කුසලතා දොරට වඩින පැය 
(රනුක ප්රභාෂිත )

නුග සෙවණ - පරිසර සහ රේඩියෝ අත්දැකීම් බෙදා ගන්නා මාධ්යවේදියෙකුගේ කථාව 
( හේමසිරි කුලරත්න ) 

සුරගන අරණ - සිගිත්තන් සමග ළමා ලොවේ මිහිර විදින නැන්දා ගේ වැඩසටහන 
( චම්පා ගොඩකන්ද ආරච්චි )  

තඹරවිල -  කැනඩාවේ ජෙඨයින්ගේ දිවියේ දුක සැප ගැන ඇල්බර්ටා ප්‍රාන්තයේ සිට ගෙනා අත්දැකීම් 
               (ඉන්දිකා ප්‍රියංවදා සල්ගාදු )

කැදැල්ල - ගෘහ නිර්මාණ සහ වාස්තු විද්‍යාවේ මූලධර්ම කැනඩාවේදී භාවිතා කරන අයුරු 
               ( මහාචාර්ය හර්ෂ මුණසිංහ )

සුව පහසු දිවිමග - එදිනෙදා ජීවිතය පහසුවෙන් සහ සනීපයෙන් ගත කරන්නට සෞඛ්‍යමය උපදෙස් එකතු කල හෝරාව .

               ( චාන්දනී මුණසිංහ )  


නියම සිංහල මුල් ගීත සමග අර්ථවත් වැඩසටහන් ශ්‍රාවකයින්ට තිලිණ කරන්නට සවන නියමු වසන්ත ලංකාතිලක නිතරම උත්සාහ ගන්නවා. ඒ වගේම ටොරොන්ටෝව සහ අවට සිටින දක්ෂ නිර්මාණ කරුවන්ට තම දක්ෂතා දක්වන්නට සවන හොද වේදිකාවක් වෙනවා .

ඔබත් සවන අහන්න . ඔබේ ප්‍රතිචාර ලියන්න . සවන අමතන්න. ඔබටම වෙනස වටහා ගන්න පුළුවන් වේවි .

සවන කණ්ඩායමට දිගු ගමනකට පැතුම් එක්කරනවා .  

සේයාරූ - අන්තර්ජාලයෙන් -

                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි


Saturday, November 28, 2020

කමලා නැන්දා ගේ පැතුම 3 .......ආචාර්ය සරත් චන්ද්‍රසේකර .....රේඩියෝ කෙටිකතා

 

අනේ ඉතින් මගේ ජීවිතෙත් හැටි. වෙනදාට සිගිතියි , පුතයි එක්ක ගම්පහ යන මම කොහෙද ?


බබාට ඕන  නම් පින්තූර ටිකක් ගන්න පුතාටයි නංගිටයි යවන්න .


මොහොතින් මොහොත රමණිගේ මනස තැම්පත් වූ බවක් ඇයට දැනිණ. 

අනාගතය පිළිබද බලාපොරොත්තුවක් ටිකෙන් ටික සිත තුල ජනනය වන බව 

ඇයට තේරුම් ගියේය .


සුරංජන්  අය්යේ ,.... නෑ රත්තරං .... හරි අමුතු පැත්තකට යනවා කියල දැනෙනවා ..


මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

අද කතාව  ආචාර්ය සරත් චන්ද්‍රසේකර ගේ    කමලා නැන්දා ගේ පැතුම 3.....


මේ කතාවේ පළමු කොටස සදහා මේ යොමුව බලන්න

http://ahasgawwenehalokaya.blogspot.com/2018/06/blog-post_21.html

මේ කතාවේ දෙවන  කොටස සදහා මේ යොමුව බලන්න

http://ahasgawwenehalokaya.blogspot.com/2020/05/2.html




කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

http://sawana.ca/

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට


සේයාරූ - අන්තර්ජාලයෙන් -

                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි




මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි