මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 11, 2021

ශල්‍ය වෛද්‍යවරයා සහ රෝගියා .....රේඩියෝ කෙටිකතා.....වෛද්‍ය රුවන් එම් ජයතුංග.....

  

" මේ උන්නැහේ˜ ශල්‍ය වෛද්‍යවරයා රෝගියා ඇමතුවේ පොලිස් නිළධාරියෙක් අත් අඩංගුවට ගත් සැකකරුවෙකුට විධාන දෙන ලෙසටය. — තමුසේ කකුලට පත්තු බැඳලා කකුල වණ කරගත්තානම් පත්තු බැඳපු වෙදාටම​කියලා සනීප කර ගන්නවා. විෂ බීජ ඔඩු දුවලා දැන් පරක්කු වැඩියි "

රෝගියා විශාල වරදක් කළ චූදිතයෙකු මෙන් වෛද්‍යවරයා දෙස බැලීය. ඔහුගේ ඇස් දෙක ළිං කුහර දෙකක් වැනිය​. ඔහු මලානික හඬින් කථා කළේය. 

"අනේ මහත්තයෝ මම ජීවත් උනේ මේසන් වැඩ කරලා. කලවේ විසප්පුවක් ආවා. ඒකට අත් ඛෙහෙත් කරලා සනීප වුන නැති නිසා තමයි මුදියන්සේ  වෙද​රාළ ලඟට ගියේ. උන්දෑ පත්තුවක් බැන්දා. මගෙ හිතේ පත්තුවේ සැරට කකුලේ හම පිච්චුනා..."

" මෝඩ හරක් ..." වෛද්‍ය පරාක්‍රම වල්ගම්පාය කනිෂ්ඨ වෛද්‍යවරුන් දෙස බලා පැවසීය. 

අද වාට්ටු දිනය නිසා ඔහු කනිෂ්ඨ වෛද්‍යවරුන් හා හෙදියන් පිරිවරාගෙන වාට්ටුවේ සිටින රෝගීන්  සිය​ළු දෙනාම බලයි. ශල්‍යකර්මවලට ලක් කළ යුතු රෝගීන්ට ශල්‍යකර්ම සදහා දින නියම කිරීම ද ශල්‍යකර්ම වලින් පසු රෝගී තත්ත්වය අඩු රෝගීන්ගේ ටිකට් කැපීමද අද සිදු වේ. පිරිවර සමග ඇවිදින යුවරජෙකු සේ ඔහු වාට්ටුවේ සිටින සියළුම රෝගීන්ගේ රෝහල් ආයු කාලය පිළිබඳ තීරණයකට පැමිණෙයි. 

වට්ටෝරු වෙදෙකු විසින් ප්‍රතිකාර කරන ලද රෝගියා කෙරෙහි ඔහුට ඇති වූයේ කෝපයකි. — මෝඩ මිනිස්සු..˜ ඔහු මනසින් ප්‍රතිරාව​ කළේය. —කකුලේ පොඩි ඇබ්සස් එකක් එන්න ඇති. මේ මෝඩයා වෙදා ලඟට ගියා.  වෙදා රටේ නැති බේත් ජාති අඹරලා කකුලේ ගාලා තියෙනවා. ඒකට හම පිච්චිලා. දැන් ඉන්ෆෙක්ට්˜ වෙලා. වැඩේ වැරදුණාම අපි ලඟට එනවා.˜ 

"අයිසේ, ඔහු යළිත් වරක් රෝගියා ඇමතීය. කකුලේ ගෙඩියට ඉස්පි්‍රතාලෙට ආවා නම් ඉවරයිනේ. එතකොට  ගෙඩිය පැළුවා. බේත් කළා. එැඩේ අහවරයි. දැන් වැඩේ කෙළවෙලා. මුළු කකුලම පැසවලා. කකුල කපන්න වෙයි."

රෝගියාගේ මුහුණේ ඇත්තේ තැතිගත් ස්වරූපයකි. ඔහු අසීරුවෙන් හිස එසවීය. 

"අනේ මහත්තයෝ මගේ කකුල කපන්න වෙයිද?

"ඔව්˜ ශල්‍ය වෛද්‍ය වල්ගම්පාය ජයග්‍රාහී ලෙස කීවේය.  තමුසගෙ ජීවිතය බේරගන්න කකුල කපන්න වෙයි."

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

ශල්‍ය වෛද්‍යවරයා හා රෝගියා

http://transyl2014.blogspot.com/2015/04/blog-post_23.html

අද කතාව ශල්‍ය වෛද්‍යවරයා සහ රෝගියා.....සවනට රචනා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග 





කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .


වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ සම්පුර්ණ කතා එකතුව සදහා  ට්‍රාන්ස් සිල්වේනියා 
 Transylvania  බ්ලොග් අඩවියට යන්න .


විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී

වසන්ත ලංකාතිලකයන්ට



කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූ වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ තවත් කථා .....

පිය සෙනෙහස .....




තම පුතු බලන්නට හමුදා කදවුරට ගිය බස් රියදුරුට වූ දේ .....

http://ahasgawwenehalokaya.blogspot.com/2021/07/blog-post_17.html

මෘතශීලියා සහ වැඩපොලේ මහත්තයා....


කාන්තා මෘත ශරීරයක් මත රැයක් නිදාසිටි මෝචරියේ මුරකරු .....

https://ahasgawwenehalokaya.blogspot.com/2019/12/blog-post_28.html

සීනි සම්බෝලය .......




කන්තෝරුවල කැපිලි කෙටිලි මැද්දේ රාජකාරි විදේශ සංචාරයකට ගිය කාර්මික නිලධාරියාගේ කතාව ..



මල්ටි කල්චරල්  ( බහු වාර්ගික විවිධත්වය )..........

Image result for multicultural faces

ලෝකයේ බහු වාර්ගික මිනිස් සමාජයක් අර්බුද අවම ලෙස සහජීවනයෙන් ජීවත්වන අයුරු කැනඩාවේ දී  තමන්  ලැබූ  පෞද්ගලික අත්දැකීම් ඇසුරින් කල අගනා රචනයක් ........


සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

               සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, August 28, 2021

පොත් පිටු අතරින් .......... ෆ්‍රීඩා විල්ලවාරයන්ගේ ගුරු සෙනෙහස සහ සුනිල් තන්තිරිගේ ගේ The House of Thousand Memories.....



පොත් පිටු අතරින් ..........කැනඩාවේ නිර්මාණ කරුවන්ගේ පොත් නිර්මාණ විමසුම .....






කැනඩාවේ වෙසෙන ලේඛක ලේඛිකාවන්ගේ අළුත් නිර්මාණ ඔබට හදුන්වා දෙන වැඩසටහන 


ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සම්පත් දායකත්වය - ෆ්‍රීඩා විල්ලවාරයන් සහ සුනිල් තන්තිරිගේ

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි



https://rupane.com/vimeo-video/rupane-episode-247-june-05-2021/


හදුන්වා දෙන අළුත්ම ගීතය 

තිබිරිගෙයින් දිවිසැරිය දිනූ දා ...

ගායනය - නිසල් ආරියරත්න, මල්මි ආරියරත්න, සෙනුල් ආරියරත්න

ගී පද - බන්ධුල කුරුවිටආරච්චි

සංගීතය - අජිත් දර්ශන ජයවීර 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, August 21, 2021

සදාදරණීය පරණ පෙම්වතා සහ දොලොස් මහේ පහන ........සොදුරු සිත බ්ලොග් අඩවියෙන් ........

 


සදාදරණීය පරණ පෙම්වතා 

**********************

"සුදත් "

"  කවුද මාෂි ඒ "

" නෑ ඉස්සර මගේ ඉස්කෝලේ යාළුවෙක් " 

" ආ අර කොල්ලද . පව් ඒ මනුස්සයගේ නෝනත් මෙහෙම තමයි ඉන්නෙ .

  ලැබුණු දරුවා මාස 3 කින් නැති වෙලා. එදා ඉදල ඒ ගෑණු මනුස්සයාගේ මොලේ හොද නෑ  "

 " මෙතන හිටියොත් මගේ නෝනා ගෙත් මොලේ නරක වෙයි "

දොළොස් මහේ පහන 

********************

" එහෙම කොහොමද හාමුදුරුවනේ එක එකාලට ඕන විදිහට පන්සලේ දේවල් අරගෙන යන්න දෙන්නෙ  " පන්සලේ සැදැහැවත්ම බෞද්ධයාගෙ හඩ  බණ මඩුවේ සිංහල උළු වහල දෙදරවා යන තරම් ..."

ඊළග දවසේ උදේ පන්සලේ තාප්පය පුරාත්, ඒ ආසන්න ගම පුරාවෙත්  ඇලවිලා තිබුණු කැලෑ පත්තර ලිව්වේ කවුද කියල දන්නෙ දෙවියොම විතරයි.

ඒවගේ ලියැවිලා තිබුනේ 

"  පොලීසියත් මකර කටේ . පහන් වැටත් උන්ගේ කටේ " "කියලා 


මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

අද කතාව

සදාදරණීය පරණ පෙම්වතා සහ දොලොස් මහේ  පහන ........සොදුරු සිත  බ්ලොග් අඩවියෙන් ........



විශේෂ
 ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී
වසන්ත ලංකාතිලකයන්ට



සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

               සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,

  මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Friday, August 13, 2021

දළදා පෙරහැර නුවරට එනවා..............අනුරුද්ධ වැලිගමගේ....


ඩ න්කුටු  ඩ න්කුටු  පෙරහැර  එනවා

හේවිසි හොර නෑ හඬ පැතිරෙනවා

ඇත්රජ මහ කරඩුව ව ඩමනවා

ඇසල මහේ මහ පෙරහැර යනවා


පන්තේරුව ලස්සන හැඩ මවලා

කොප්පර පහනින් රෑ එළි කරලා

බෙරහඩ තාලම්පට හා බැදිලා

උඩරට නැටුමින් දන මන දිනලා

 

කුබල් පෙරහැරින් ඇරබුම ලබලා

ඇත්රජ රන්දෝලිය පිට වඩලා

දිය කැපුමෙන් වැඩ අහවර කරලා

දළදා පෙරහැර නුවරට එනවා

 

අනුරුද්ධ වැලිගමගේ

රූපණ අන්තර්ජාල රූපවාහිනියේ ජයේ මාමාගෙන් අහන්න වැඩසටහන සදහා ලියැවුනකි. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, August 7, 2021

සරසවි යන දියණියට ...... අනුරුද්ධ වැලිගමගේ....

 

විසල් අහසේ ඉගිල යන්නට

කාලයයි කදිමයි

තුරුණු පිරිපුන් ජවය අරගෙන

දුරට පියඹන්නයි ....

  

සුදු සඳක මුදු මොලොක් රැස් සේ

එළිය පතුරන්නයි

සිනාසීගෙන හෙමින් ඇවිදින්

වැඩි දුරක් යන්නයි .....

 

උගත් ගුණ දම් සිරිත් මල්දම්

ලෙසින් පලදන්නයි

ඔබේ ගමනට සියළු බාධක

දුරුව හැඩ වෙන්නයි ......

 

අනුරුද්ධ වැලිගමගේ


2021 අගෝස්තු  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය

https://londonkavi.com/



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි