මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 26, 2024

ලොවටම බලපෑම් කළ බරපතල අනතුරු ගැන කෙරෙන විශ්ලේෂණයක් - Disaster Autopsy




ලොවටම බලපෑම් කළ බරපතල අනතුරු ගැන කෙරෙන විශ්ලේෂණයක්  - Disaster Autopsy


පහුගිය දවස්වල මම ආයෙමත් නිදි මරාගෙන වාර්තා වැඩසටහන් පෙලක් බැලුවා. පටන් ගන්නා තැන පටන් අවසානය තෙක් කුතුහලයෙන් බලන්නට පුළුවන් ඒ වැඩසටහන් පෙල  Disaster Autopsy.







National Geographic නාලිකාව නිෂ්පාදනය කල මේ වැඩසටහන් මාලාව වෙබ්ගත වුනේ 2024 අගෝස්තු මාසයේ පටන් . එහි පළමු අදියර යටතේ මේ වනවිට වැඩසටහන් 8 අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.  



ඒ එක වැඩසටහනකදී ලෝකයේ මේ වනවිට සිදුවූ බිහිසුණු අනතුරු 3 ක් ගැන පියවරෙන් පියවර තොරතුරු විශ්ලේෂණයක යෙදෙන්නේ ඒ ඒ විෂය පිළිබද හසල දැනුමැති විද්වත් මණ්ඩලයක් විසින් . එහි විශේෂත්වය වන්නේ එහි යටගියාව සහ දර්ශන දක්වන අතරේම ත්‍රිමාණ අනුරූ ( 3D Graphics ) මගින් තැනින් තැන නවත්වමින් අනතුර පටන් ගත් තැන පටන් එය පියවරෙන් පියවර විස්තර කෙරෙන අපූරුවයි. 

වැඩි තාක්ෂණික දැනුම් පසුබිමක් නැති මටත් ඒ පැහැදිලි කිරීම් අවසානයේදී ඒ සිදුවීම පිළිබද පැහැදිලි අවබෝධයක් ලැබෙනවා. ඒ වගේම අපි වැඩි වටිනාකමක් නොදෙන සුළු සුළු සිදුවීම් මහා විනාශයකට පාර කියන හැටි පැහැදිලි වෙද්දී හැම දෙයක්ම හරිහැටි වගකීමෙන් කිරීම ගැනත් බරපතල ලෙස දැනෙන්නට පටන් ගන්නවා.   

මින් පෙර මා තොරතුරැ ඉදිරිපත් කල අත්හැර දමන ලද තැන්  වල අභිරහස් - Mysteries of the abandoned වැඩසටහන් මාලාවේ සිටි සම්පත් දායකයින් රැසක්ම මේ තොරතුරුත් පැහැදිලි කරන නිසා  හුරු බවකුත් දැනෙන බව කිවයුතුයි.


මේ එහි දිගුවයි                                                                                                                                     

https://ahasgawwenehalokaya.blogspot.com/2023/01/500.html



මේ එහි වැඩසටහන් පෙලයි


Disaster Autopsy - Season 1   


පළමු අදියර - පළමු වැඩසටහන 

2003 පෙබරවාරි 1 - කොලොම්බියා අභ්‍යවකාශ යානා අනතුර ,
                                   ඇමෙරිකා එක්සත් ජනපදය 





2017 ජූනි 14 -    Grenfell Tower මහල් නිවාස ගින්න , මහා බ්‍රිතාන්‍යය 




1998 ජූනි 3 -  Eshede   අධිවේගී දුම්රිය අනතුර , ජර්මනිය  



පළමු අදියර - දෙවන  වැඩසටහන 

1980 සැප්තැම්බර් 19 - ටයිටන් මිසයිල  අනතුර , ඇමෙරිකා එක්සත් ජනපදය 





1994 සැප්තැම්බර් 28  -  MV Estonia   මගී පාරු අනතුර , බෝල්ටික් මුහුද 



1988 ජූලි 6  -   Piper Alpha  ඛනිජ තෙල් ළිං සංකීර්ණය පිපිරීම , උතුරු මුහුද  







පළමු අදියර - තෙවන  වැඩසටහන 

1999 මාර්තු 24  -    Mont Blanc මගී උමං මාර්ග ගින්න , ඉතාලිය සහ ප්‍රංශය අතර  

 

1995 ජූනි 29  -   Sampoong  සාප්පු සංකීර්ණය කඩාවැටීම , දකුණු කොරියාව  



1979 මාර්තු 28   -  Three Mile Island    න්‍යෂ්ටික බලාගාර අනතුර  , 
                                ඇමෙරිකා එක්සත් ජනපදය   
 






පළමු අදියර - සිව්වන   වැඩසටහන 

1970 අප්‍රේල් 13  -    ඇපලෝ 13 අභ්‍යවකාශ යානා අනතුර 
                                ඇමෙරිකා එක්සත් ජනපදය 


1980 නොවැම්බර්  21  - MGM Grand Casino  ගොඩනැගිලි සංකීර්ණ  ගින්න , 
                               ඇමෙරිකා එක්සත් ජනපදය  




2018 අගෝස්තු 14  -   Genoa පාලම  කඩාවැටීම , ඉතාලිය   





පළමු අදියර - පස්වන   වැඩසටහන 

2021 ජූනි 24  -    Champlain මහල් නිවාස සංකීර්ණය කඩාවැටීම  
                            ඇමෙරිකා එක්සත් ජනපදය 



2020 අගෝස්තු 12   - Kursk  සබ්මැරීන අනතුර  , බැරෙන්ට්ස් මුහුද   




1987 නොවැම්බර් 18  - Kings Cross  උමං දුම්රිය ස්ථානයේ ගින්න, මහා බ්‍රිතාන්‍යය  






   
                                    පළමු අදියර - හයවන   වැඩසටහන 

2008 පෙබරවාරි 7   -   Imperial සීනි කර්මාන්ත ශාලාවේ ගින්න   
                                    ඇමෙරිකා එක්සත් ජනපදය 





2013 ජූලි 6   -   Lac Magnetic දුම්රිය  අනතුර  , කැනඩාව  



2021 මාර්තු 23- 29  -  Ever Given    සූවස් ඇලේ හිරවූ ලොව විශාලතම බහාලුම් නැව,                                                   ඊජිප්තුව   






පළමු අදියර - හත් වන   වැඩසටහන 

2011 මාර්තු 11   -  Fukushima න්‍යෂ්ටික බලාගාර අනතුර, ජපානය   


  
                                    
2023 ජූලි 27   -   Manhattan දොඹකර  අනතුර  , ඇමෙරිකා එක්සත් ජනපදය 


1967 ජූලි 29 -   USS Forrestal යුධ නෞකා අනතුර, දකුණු චීන මුහුද  

 


පළමු අදියර - අට  වන   වැඩසටහන 

2010 අප්‍රේල් 20 සිට 2010 සැප්තැම්බර් 19 දක්වා  -   Deepwater Horizon සමුද්‍ර තෙල් කාන්දුව , මෙක්සිකෝ බොක්ක      

                                    

2000 ජූලි 25   -   කොන්කෝඩ් සුපර්සොනික් ජෙට් අනතුර , ප්‍රංශය  





2000 නොවැම්බර් 11 -   Kaprun Funicular අනතුර, ඔස්ට්‍රියාව     






සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.





Saturday, October 12, 2024

අඩු බජට් එකකින් යන්න පුළුවන් ටොරොන්ටෝව අවට අපූරු තැන් ටිකක්

අඩු බජට් එකකින් යන්න පුළුවන් ටොරොන්ටෝව අවට අපූරු තැන් ටිකක් 

 ගමනක මතකය

සංචාරය වෙනුවෙන් ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා කියල සමහරු හිතනවා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. අපට කිට්ටුවෙන් තියෙන සමහර පොඩි පොඩි තැන් වලත් අපට බලන්නට , දැනගන්නට බොහෝ දේ තියෙනවා. මේ අඩු බජට් එකකින් ටොරොන්ටෝව අවට අයට යන්නට පුළුවන් තැන් කිහිපයක්.



අද වැඩසටහනෙන් ඔබව එක්කගෙන යන්නේ 

Halton County Radial Railway






















Cheltenham Badlands


Casaloma

Black Creek Pioneer Village

බලන්න


2024 ඔක්තෝබර් 12 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය 

තුලින් වෙබ් ගත වූවකි

https://rupane.com/2024/10/12/rupane-episode-421-october-12-2024/

---------------------------------------------------------------------------------------

ඉදිරිපත් කිරීම  - කල්ප සමරතුංග

සම්පත් දායකත්වය -

 අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් රචක අනුරුද්ධ වැලිගමගේ

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

*********************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය  කරාවි.



Saturday, October 5, 2024

කෝටිපති ගෙටී ගේ කලාකෘති එකතුව බලන්නට ලොස් ඇන්ජලීස් නුවරට ගියදා

 





ජේ පෝල් ගෙටී  කියන්නෙ කලක ලෝකෙ අංක එකේ ධනවතා ලෙස හිටි කෙනෙක්. ඛනිජ  තෙල් කර්මාන්තය නිසා අති විශාල මුදල් සම්භාරයකට හිමිකම් කී ගෙටී බිරියන් පස් දෙනෙකු සහ දුසිමක තරමේ අනියම් කාන්තා ඇසුරක වාර්තා තිබූ අපූරු චරිතයක් .එංගලන්තය,  ඇමරිකාව ඇතුළුව ලෝකය පුරා විවිධ රටවල දේපළ සහ මුදල් ආයෝජනවලට හිමිකම් කී ඔහු සතුව තිබූ කලාකෘති වල වටිනාකම එදා 1976 දී මිලියන හතරකට වඩා වැඩි වූ බව  සඳහන්.



මේ ඔබට ජේ පෝල් ගෙටී ගැන වැඩි විස්තර සදහා දිගුව 


https://en.wikipedia.org/wiki/J._Paul_Getty


1930 දී නිව්යෝර්ක් නගරයේ දිවි ගෙවද්දී තමන්ගේ මහල් නිවාස හිමිකාරිනිය වූ එමී ගෙස්ගේ කලාකෘති දැකීමෙන් පටන් ගත් කලාකෘති එකතු කිරීමේ ආශාව වැඩිදියුණු වන්නට ජීවිතයේදී ඔහුට හමුවූ විවිධ කාන්තාවන්ගේ සහ මිතුරන්ගේ බලපෑම ද හේතුවන බව ඔහු ගැන කෙරුණු වාර්තා වැඩසටහන්වල කියවෙනවා.


කලක් තිස්සේ වෙහෙස මහන්සි වී කල ව්‍යාපාරික කටයුතු තම  පුත්‍රයාට  පවරා තමන්ගේ සිත් ගත් ග්‍රීක සහ රෝම ගෘහ නිර්මාණ ශිල්පයට නෑකම් කියන ගෙටී  විලා නම් ගොඩනැගිල්ල තුළ ඒ කලාකෘති තැන්පත් කිරීමේ කටයුතුවල යෙදෙන අතරතුර ඔහු මරණයට පත් වූ බවයි කියවෙන්නේ.


අතිවිශාල ධනයකට හිමිකම් කී ඔහුගේ අන්තිම කැමති පත්‍රයට අනුව පුතුන් දෙදෙනකුට සහ කාන්තාවන් දොළොස් දෙනකුට මුදල් වෙන් කර තිබුණත් ඔහුගේ වත්කම් වලින් වැඩි ප්‍රමාණය වෙන් කර තිබුණේ කලාකෘති සංරක්ෂණය සඳහා පිහිටුවා තිබූ ගෙටී භාරයටයි. 


මේ ඔහුගේ අන්තිම කැමති පත්‍රයේ දිගුවයි.  


https://www.getty.edu/about/getty/pdfs/gia_getty_comp_will.pdf


 ඒ සුවිසල් ධනය ආයෝජනය කරමින් එම භාරය මේ  වන විට ලෝකයේ  කලාවට කරන මෙහෙය අතිමහත්. පසුගියදා ලොස් ඇන්ජලිස් නගරයට ගිය මොහොතක ගෙටී කෞතුකාගාරයට  සහ ගෙටි විලාවලට යන්නට මම තීරණය කළේ ඒ ගැන අසා දැන සිටි තොරතුරුවලින් ඇතිව තිබූ උනන්දුව හින්දයි.




අන්තර්ජාලයෙන් කලින් නියමිත දිනය සහ වේලාව වෙන් කරවා ගැනීම් කරන්නට හැකි ගෙටී  සෙන්ටර් එකට යන විට කිසිදු ගාස්තුවක් අය කරන්නේ නැහැ. කැලිෆෝනියාවේ ප්‍රධාන අධිවේගී  මාර්ගයක් අසබඩ තිබෙන මේ පරිශ්‍රය තුළ තිබෙන බිම් ගත රථවාහන නැවතුමට නම් ඩොලර් 20ක ගාස්තුවක් ගෙවන්නට සිදුවෙනවා. 



Getty centre & Museum




 මම නවාතැන් අරන් හිටපු හෝටලයෙන් කුලියට ගත් වාහනයට නැග්ගා. ගූගල් සිතියමෙන් පාර අහගෙන ගියේ කැලිෆෝනියාවේ සුපුරුදු වාහන තදබදය මැද්දෙන්. වාහනය  රථ ගාලේ නවත්වලා ආරක්ෂක සෝදිසි කිරීම් වලින් පස්සේ කෞතුකාගාරයට යන ට්‍රෑම් රථයට නැගුනා . වාහන පාලනය කරන අරමුණින් කෞතුකාගාරය අද්දරට පුද්ගලික වාහන ගෙන යන්න ඉඩක් දෙන්නේ නැහැ. මා රැගෙන ගිය කුඩා ගමන් මල්ල සහ කැමරාව ඉදිරිපසට තියාගන්න කියන උපදෙස ලැබුණා. ඒ කලාකෘති වලට හානි වීම් වළක්වන්න වගේම අනෙකුත් නරඹන්නට වන හිරිහැර අවම කරන්නයි.




Santa Monica  කඳු අතර අක්කර 120 ක් පුරා පැතිරුණු ඉඩක පිහිටුවා තිබෙන මේ පරිශ්‍රය ඩොලර් බිලියන එකයි දශම හයක වියදමකින් නිම කරන ලද්දේ 1997 දෙසැම්බර් 16 වැනිදා. කිලෝ මීටර් එකයි දශම දෙකයි එකක දුරින් තිබෙන කඳු පාමුල වාහන අංගනයේ සිට කෞතුකාගාරයට පිරිස් ගෙනයන්නේ කේබල මගින් උඩ පහළ යන ට්‍රෑම් රටකට දෙකකින්. Richard Meier නම් ගෘහ නිර්මාණ ශිල්පියා සැකසූ මේ පරිශ්‍රය ජීවිතයේ වරක් හෝ බලන්නට වටිනා තැනක් .  GRI - Getty Research Institute , GCI - Getty Conservation Institute යන ආයතන දෙකත්  තිබෙන්නේ මේ පරිශ්‍රයමයි. මේ උද්‍යානය සැලසුම් කර තිබෙන්නේ රොබට් අර්වින් විසින්.(Gardener Jim Duggan and landscape architects Spurlock Poirier.)



Richard Meier



















Robert Irwin


උතුර, දකුණ , නැගෙනහිර, බටහිර ලෙසින් ගොඩනැගිලි සංකීර්ණ 5 ක් , පවුල් කාමරයක් (Family Room ) , විශාල ප්‍රදර්ශන ශාලාවක් , ශ්‍රවණාගාරයක් සහිත මේ පරිශ්‍රයේ විශාල මධ්‍යම උද්‍යානයක්  (Central Garden ) සහ පතොක් උද්‍යානයක් (Cactus Garden) තිබෙනවා. වාර්ෂිකව   මිලියන දෙකකට ආසන්න සංචාරක පිරිසක් පැමිණෙන බවට තොරතුරු වාර්තා වන මෙහි වින්සන්ට් වැන්ගෝ ගේ  චිත්‍ර මධ්‍යකාලීන යුරෝපීය චිත්‍ර,  විවිධ යුගවල ගෘහ භාණ්ඩ , පැරණි පොත් අත්පිටපත් , අලංකාර වීදුරු කැටයම්, පැරණි පෝසිලේන් භාණ්ඩ ,  ප්‍රතිනිර්මාණය කළ යුරෝපීය රජ මාලිගා විසිතුරු ගෘහ අලංකරණ උපකරණ සේම නූතන කලාකෘති ඇතුළත් සංකීර්ණ කිහිපයක්ම තිබෙනවා.දළ වශයෙන් විවිධ අයිතම 125,000 කට වඩා මෙහිදී දකින්නට පුළුවන් බවයි කියන්නේ .   මට සිහියට ආවෙ පැරීසියේ ලුවර් කෞතුකාගාරයට ගිය ගමන.


ඒ ලිපියේ බ්ලොග් සටහන් දිගුව  


https://ahasgawwenehalokaya.blogspot.com/2018/07/1.html





ගොඩනැගිලි වටා ඒ මත සහ ඒ වටා තිබෙන උද්‍යාන ඉතාමත්ම දැකුම්කළුයි.  මුළු පරිශ්‍රයම  විවිධ හැඩතලවල ප්‍රතිමා සහ කැටයම්වලින් අලංකාරව තිබෙනවා.  කලින් සඳහන් කළ පර්යේෂණ ආයතන දෙක හරහා විශාල තරුණ කණ්ඩායමකටත් කලාකරුවන් පිරිසකටත් මහත් මෙහෙයක් වන බව පෙනෙන්නට තිබෙනවා.



පෝල් ජේ ගෙටී  විසින් ජීවත්ව සිටියදී ඉදි කළ මුල් කෞතුකාගාරය මේ වන විට නම් කර තිබෙන්නේ ගෙටිවිලා යන නමින්. ඒ පරිශ්‍රය තිබෙන්නේ ගෙටී  සෙන්ටර් එකේ සිට පැය භාගයක තරමේ දුරින්.  ඔබ ගෙටි සෙන්ටර් එකේ කාර්යාලයෙන් ලබාගන්නා අවසර පතක් මගින් එදිනම එතැනට යන්නේ නම් යළිත් රථ ගාලට ඩොලර් 20ක් ගෙවන්නට අවශ්‍ය වන්නේ නැහැ . මම ආපහු රථයට නැග්ගේ ගෙටී විලා  එකට යන්නයි.ඒ තොරතුරුත් එක්ක ලබන මාසයේදී හමුවෙමු. 


අනුරුද්ධ වැලිගමගේ


ගෙටී මධ්‍යස්ථානය සතියේ සඳුදා දිනවල වසා තැබෙනවා. ගෙටී විලා එක වසා තැබෙන්නේ සතියේ අඟහරුවාදා දවසේයි. ඒ හින්ද මේ දෙකම එක දවසේ බලන්න හිතනවා නම් සති අන්තය අත ඇරලා බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දවසක උදේම පටන් ගත්තොත් නිවී හැනහිල්ලේ ඒ වැඩේ කරන්න පුළුවන්. මේ ඔබට කලින් වෙන්කරවා ගැනීම් සදහා දිගුව


https://tickets.getty.edu/Online/default.asp?BOparam::WScontent::loadArticle::permalink=center&BOparam::WScontent::loadArticle::context_id=




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය  කරාවි.