මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 21, 2019

ඔබේ දිරිය එක්ක අවුරුද්දක් - රූපණ ගැන කෙරුණු කෙටි සටහනක්


මව්බිමෙන් දුර ශීත රටක වෙසෙන අපි අපේකම හොයා යන ගමනක් .....

Image result for rupane tv




Image result for rupane tv

Image result for rupane tv


2017 දී රූපණ අන්තරජාල රූපවාහිනියට වසරක් පිරුණු දා කෙරුණු කෙටි සටහන ...

http://rupane.com/vimeo-video/rupane-episode-52-september-02-2017/



Image result for rupane tv

Image result for rupane tv

Image result for rupane tv


Image result for rupane tv

Image result for rupane tv



 
පිටපත සහ පසුබිම් කථනය  - අනුරුද්ධ වැලිගමගේ


නිෂ්පාදනය සහ අධ්යක්ෂණය -දිනේෂ් පීරිස්

විධායක නිෂ්පාදනයවීරා ෆොන්සේකා

කැනඩාවේ රූපණ  අන්තර්ජාල රූපවාහිනියේ  වැඩක් .....

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
             
සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,

Image result for rupane tv

Saturday, September 14, 2019

යලිදු ලංව ඔබ ළග හැංගෙන්න හිතෙනවා ……….අනුරුද්ධ වැලිගමගේ.....කවි....




Image result for couple in a park



කතා නොකර හිටි දවසට
මුහුණ හංග ගත් හවසට
ඔබ මා ළඟ ඇති දුර
කල්ප කාලයක් සේ සිතට දැනෙනවා
සත්තයි හිතට හැගෙනවා

ගව් සියක් ගෙවා අවසන
ගෙපැල අද්දරම ඇතිවිට
යොදුනක දුර මහ දුරකැයි සිතට දැනෙනවා
ගව් ගණනක දුරක් ලෙසින් හිතට දැනෙනවා

එලිය පිරුණු පසළොස්වක
සඳ තරු පිරි රෑ යාමෙක
නැති මිහිරක් අඩ සඳ තනි තරුව මවනවා
යළිදු ලංව ඔබ ළඟ හැංගෙන්න හිතෙනවා


අනුරුද්ධ වැලිගමගේ

Image result for couple in a park



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images,
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Saturday, September 7, 2019

මල්ටි කල්චරල් - ( බහු වාර්ගික විවිධත්වය ) - වෛද්‍ය රුවන් එම් ජයතුංග .....රේඩියෝ කෙටිකතා



උදේ නැගිටගත් මා අසල්වැසි ජීන්ට සුභ උදෑසනක් කීවෙමි.  ජීන් සුදු කැනේඩියානු කාන්තාවකි. ඇයගේ මුල් බිම් එංගලන්තයේ ය​.  ඇය පසුගිය වසරේ ලන්ඩනයට ගියාය​. මාගේ වම් අත පැත්තේ ඉන්නා අසල්වැසියන් අයිරීෂ් ජාතිකයන් ය​. ගෘහ මූලිකයා සෙන් පැට්‍රික් දිනයට කොළ පැහැති විශාල  ටොප් හැට් එකක් පැළඳ සිටිනවා මම දැක තිබේ. 

බල්ලා කූඩුවට දමා උදෑසන ආහාර ගත් මා බිරිඳ සමග වාහනයට ගොඩ වෙමි. මුලින්ම ඇයව ඇයගේ කාර්‍යාලයේ බස්සන මා මගේ සේවා ස්ථානයට යමි. බිරිඳ වැඩ කරන්නේ නීතීඥයන් කිහිප දෙනෙකු සමගය. ඉන් එක් නීතීඥයෙක් එස්තෝනියානු ජාතිකයෙකි. ඔහු ඉතා ප්‍රියජනක පුද්ගලයෙකි. රුසියන් වචන කීපයක් ඔහු දනියි. මෙම නීතීඥ කාර්‍යාලයේ ඉංග්‍රීසි ජාතික කෙරී සහ අයිරීෂ් ජාතික ඩන්කන්  නීතීඥයන් ලෙස​ට සේවය කරති. 

ඩොන් මිල්ස් මාවතේ ගමන් කරන මම කෝපි කෝප්පයක් බීමට ටිම් හෝට්න්ස් අවන්හලක ඩ්‍රයිව් තෘ හරහා යමි.

 " මීඩියම් කොෆී ඩබල් ඩබල්" මම කියමි. 


අවන්හලේ කවුළුව අසල සිටින්නේ ලංකාවේ ද්‍රවිඩ තරුණියකි. 1983 සරණාගතයන් ලෙස පැමිනි ඔවුන් ගේ දෙවන පරම්පරාව සමහර විට සිංහල අප කෙරෙහි සතුරු ආකල්පයකින් බලති. නමුත් මේ තරුණිය මට සිනහවකින් සංග්‍රහ කලාය​. 

1983 සරණාගතයන් ගේ දෙවන පරම්පරාවේ සමහර ළමුන් දැන් උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාලවල උසස් තනතුරු දරති. කලකට ඉහතදී යෝක් විශ්ව විද්‍යාලයේ පී.එච්.ඩී අපේක්‍ෂිකාවක් වූ ද්‍රවිඩ සිසුවියක් ඇයගේ තීසීසයට මගෙන් අදහස් ද ලබා ගත්තාය​. ඇයගේ තීසීසය පස්චාත්  ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) පිළිබඳවද සාකච්චා කෙරෙන්නකි. ඇයට මුලදී මම සිංහල ජාතිකයෙක් නිසා යම් කුකුසක් තිබුනා කියා සිතමි. නමුත් මම ඇයට උපකාර කලෙමි. ලබන වසර වන විට ඇය තම ආචාර්‍ය උපාධිය නිම කරනු ඇත​.

කෝපි කෝප්පය අතට ගත් මා එය වාහනයේ කෝපි රඳවනය තුල බහා ශෙපර්ඩ් වීදිය දක්වා යමි. ශෙපර්ඩ් වීදිය කාර්‍යබහුලය.  කොණ්ඩය කපන මගේ බාබර් ඉන්නේ ශෙපර්ඩ් වීදියේය ​. ඔහු ඉරාන ජාතිකයෙකි. ඔහු තමා පර්සියානුවෙකු බව කියයි. ඉරානය යන වචනයට ඔහු කැමති නැත​.  ඔහුගේ නම රුස්බෙක් ය​. රුස්බෙක් සමරිසියෙකි . ඔහු  ටොරොන්ටෝ හි වාර්ශිකව පවත්වන ගේ ප්‍රයිඩ්  එකට යයි. ඉරානයේ සමරිසියෙකු වීම මරණ දණ්ඩනය ලැබෙන වරදකි. එහෙත් මේ රටේ කිසිවෙකු රුස්බෙක්ව සමරිසියෙකු කියා අවමානයට පත් කරන්නේ  හෝ ඔහුව හෙලා දකින්නේ නැත​. 

ශෙපර්ඩ් වීදිය හරහා ගිය මම බේ විව් මාර්ගයට අවතීර්ණ වෙමි. හැකි ඉක්මනින් යෝක් විශ්ව විද්‍යාලයේ ග්ලෙන්ඩන් කැම්පස් වෙත යාම මගේ අරමුණයි. බේ විව් මාර්ගයේදී චීන තරුණයෙක් අපරික්‍ෂාකාරීව ඔහුගේ මස්ටෑං රථය දැමූ නිසා මගේ පය තිරිංගය වෙත ගියේය​. 

චීනුන්ට ඩ්‍රයිවිං බැරිය කියා කොමඩිකාරයෙකු වූ රසල් පීටර්ස් කියයි. රසල් පීටර්ස් ඉන්දීය සම්භවයක් තිබෙන කැනේඩියානුවෙකි. ඔහුගේ විහිළු වලට මම ප්‍රිය කරමි. නමුත් ඔහුගේ සමහර විහිළු වාර්ගික ඒවාය​. 

 

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

මල්ටි කල්චරල්




අද කතා  මල්ටි කල්චරල් - ( බහු වාර්ගික විවිධත්වය )..........සවනට රචනා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග



ලෝකයේ බහු වාර්ගික මිනිස් සමාජයක් අර්බුද අවම ලෙස සහජීවනයෙන් ජීවත්වන අයුරු කැනඩාවේ දී  තමන්  ලැබූ  පෞද්ගලික අත්දැකීම් ඇසුරින් කල අගනා රචනයක් ........

Image result for multicultural faces with canadian flag






 කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .



වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ සම්පුර්ණ කතා එකතුව සදහා  ට්‍රාන්ස් සිල්වේනියා  Transylvania  බ්ලොග් අඩවියට යන්න .

Image result for transylvania blog ruwan m jayathunga

Image result for transylvania blog ruwan m jayathunga


විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට

Image result for sawana radioImage result for sawana radio

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූ වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ තවත් කථා 


සීනි සම්බෝලය .......

කන්තෝරුවල කැපිලි කෙටිලි මැද්දේ රාජකාරි විදේශ සංචාරයකට ගිය කාර්මික නිලධාරියාගේ කතාව ......



Image result for multicultural faces

සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

               සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,