![Related image](https://i.pinimg.com/736x/7c/af/35/7caf356a2b2d10c8fdad4916abbf0903--fashion-drawings-fashion-sketches.jpg)
දෙවැට දිගේ වතුසුදු මල් පිපිලා
පාර දිගට මල් වරුසා වැහැලා
හිනැහෙන හිරු හා ඔච්චම් කරමින්
එන ඔබ හට මල් පාවඩයක් එලුවා
සිනා මලක් තොල්පෙති මත රන්දා
නීල නුවන් දෙකොනින් හැඩ ගන්වා
නගේ නුඹ එදා රහසක් කීවා
මුවින් එකදු වදනක් හෝ නොදොඩා
සිත්තම් පුවරුව මගේ ලෝකයේ
පාට පාට පැන්සල් රූ මැවුවා
සිතුවම ඇතුලේ සැගවුණු නංගි
හිතේ තියෙන හැම දෙයක්ම ඇහුවා
අනුරුද්ධ වැලිගමගේ
![Related image](https://images.designtrends.com/wp-content/uploads/2016/03/08113814/Stevie-Nicks-Face-Watercolor-Painting.jpg)
හරිම අගෙයි ! ලස්සන කවි සිත්තමක්
ReplyDeleteබොහොම ස්තූතියි ඔබේ අදහස් සහ දිරි ගැන්වීමට
Delete