මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 12, 2019

අත්තන මල් ඔසරි පොටේ……අනුරුද්ධ වැලිගමගේ.....කවි


Image result for funeral photos


අත්තන මල් ඔසරි පොටේ පිණි කදුළැලි බිදු රදවා
බිංදු බිංදු කෙණ්ඩි තුඩින් පැන් පින් පුරවා වැටුණා
ගාථාවේ පද පේලිය ඇහුණු නිසාවට කිවුනා
ඇගේ දෙනෙත් කොනේ බැල්ම කොහෙදෝ නැවතී තිබුණා

හබුන් කටයි බත් දෙකටයි රාවය නිති කිති කැවුනා
බාලොලි ලොලි බාල ලියා දෑස පියාගෙන හිටියා
පුංචි පුතා අකුරු කියන දවසට ඇය දින ගැ න්නා
ගෙදර එළිය කල පහනේ පහන් සිළුව අද මැ කුණා  

අත්තන මල් ඔසරි පොටේ පිණි කදුළැලි බිදු රදවා….
සරසවියේ වෙල් එළියේ ගෙවුණු සිනා හඩ මැකිලා
හදවත ඉකි බිඳින කලට චුටි පුතුගේ මුව දුටුවා
කිරි සුවදට ඉව වැටිලා රෑ හඬමින් දුක කිව්වා
ඒ දුක් ගී චිතකය මත වපුරා තව තව පිපුනා


අනුරුද්ධ වැලිගමගේ


Image result for funeral photos

2 comments: