මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 5, 2023

බැන්ෆ් වන පෙතේදී ......

 






බැන්ෆ් වන පෙතේදී ......


ග්ලැසියර කදු මුදුන්වල ඇත , තාමත්      සීතයි 

බැලු බැලු අතම , නිල්පාටයි           කොළ පාටයි 

ගලනා ගං දියකෙලිය නැටුමක හැඩ        පාටයි

යලි යලි ඇවිත් ඉන්නට හිතෙනව          සත්තයි 



වැටිලා හිරුඑළිය විල් දිය                     නිල්පාටයි

සෙවනැලි මවනකොට කදු එක එක         පාටයි

ඉර නගිනවා , බහිනවා බැල්මත්  පින්      පාටයි

රැස් කන පිරිස අතරට එක්වුනේ              ඒකයි 


ලොව දස අතින් ඇවිදින් රස බලන          ඇසින් 

කැමරා , ෆොටෝ මානා රැස්කරයි        හොදින් 

නොනසා පරිසරය ගෙවමින් දවස         හෙමින් 

මතකය අරන් යමු අපි මේ අසිරි                සිරින් 


අනුරුද්ධ වැලිගමගේ 






2023 අගෝස්තු  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි. 

4 comments:

  1. වැඩවලින් හෙම්බත්වුනු ජීවිතේට නිස්කානුස්වක් ගන්න නම් හොඳම විදිහ... සොබාදහම විඳින එක තමා

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඒක ඇත්ත නගරයේ කලබලකාරී, එකාකාරී ජීවිතයට නිදහස් පරිසර වලින් ලැබෙන සතුට හරිම ඉහලයි.

      Delete
  2. ඔහේ ග්ලැසියර දිය වෙන්නේ නැත්ද? මම අයිස්ලන්තේ ගිහින් ගහපු ෆොටෝස් දැම්ම ෆේස්බුක්. දැන් සිංහලෙන් ලියන්න ඕනේ ඒ ගැන . ලස්සන පින්තුර

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ග්ලැසියර දියවීම කැනඩාවටත් විශාල ප්‍රශ්නයක් තමයි. මේ දිගු වලින් ඔබට ඒ ගැන හොද අදහසක් ගන්න පුළුවන්.
      https://globalnews.ca/news/8154343/canadian-rockies-glacier-melt/
      https://www.youtube.com/watch?v=8tkmKAevkBU
      අයිස්ලන්තයේ ගමන ගැන ලියන්න. මමත් කවදා හරි යන්න හිතන් ඉන්න තැනක්.

      Delete