23 ශ්‍රී පාන් බාගේ
1975 අවුරුද්ද විතර වෙනකන් අපේ ගමට බස් එකක් ආවේ නෑ . පළවෙනියට බස් දාපු දවසේ 23 ශ්‍රී නොම්මර තියෙන පාන් බාගේ බස් දෙකක්‌ම ගමට ආවේ පොල්මල් එහෙම ගහල සරසවාගෙන.
එදා අපි උදේ හිට හවස් වෙනකම්ම ගමේ ඉඳන් කිට්ටුම නගරෙට වාර හතරක් විතර බස් එකේ ගියා ආවා . එක පැත්තකට බාගේ ටිකට් එකක් ශත දහයයි. මම එදා ගමන් බිමන් ගියේ කකුල් දෙකට දිග මේස් දෙකක් දාලා සපත්තු නෙවෙයි සෙරෙප්පු දෙකක් දාලා. වෙනද වගේ නිකම්ම රබර් සෙරෙප්පු දෙක දාගෙන යන එක හරි මදි වගේ හිතුනා.
පළවෙනි දවසෙම හැන්දෑවේ එක බස් එකක් ලොරියක හැප්පිලා පැත්තක් කුඩුපට්ටම් උනා. ඊට පස්සේ දිගටම ආවේ තනි බස් එකක්. රියදුරු දාවිත් මාමා , කොන්දොස්තර හුදුමාමා. අපේ ගමේ ඉඳන් දෙපැත්තේ ගම් දෙකේ හිටියේ.
කොළඹ නගරේ වාහනයක් පදවන එක කොයි තරම් මානසික පීඩනයක් දෙන දෙයක්ද. බස් එකකනම් කවුරුත් බහිනකන් පරක්කු උනොත් බස් පලුවන්ට වගේම අනිත් කට්ටියටත් නහුතෙට තද වෙනවා.
ඒ කාලේ හොඳයි දැන් නරකයි කියන්ට යනවා නෙවෙයි හැමදාම. ඒත් ඔය කියන තදියමක්නම් අපේ ගමේ පාන් බාගේ බස් එකට තිබ්බෙම නෑ.
උදේ පාන්දර ට්‍රිප් එක වෙලාව වරද්දන්නෙ නැතිව හරියට ගියේ ඉස්කෝලේ ළමයිනුයි රස්සාවලට යන කිහිප දෙනෙකුයි පරක්කු කරන්න හොඳ නැති හින්දා.
අනිත් ඒවා බොහොම නිවී සැනසිල්ලේ හෙමින් සැරේ ගිය ගමන්. ගමේ දානේ ගෙදරක් හරි උත්සවයක් හරි තිබ්බොත් එතැනට දාවිත් මාමයි හුදු මාමයි එක්කරගෙන ගිහිල්ල කෑම වේලක් දෙනවා. එතකන් බස් එක නතර කරගෙන හිටියට කවුරුත් දොස් කියන්න ආවේ නෑ. පෙළක් වෙලාවට බස් එකේ කට්ටියටම රස කැවිලි පාර්සලයක් හම්බ වෙනවා.
බස්එකේ පිටිපස්සේ වහලෙට නගින්න ඉණිමගක් තිබ්බා. වහලේ තිබ්බ යකඩ රාක්කෙට එළවලු ගෝනි පටවනකන්, බානකන් කවුරුත් ඉවසාගෙන හිටියා.
http://thilakasitha.blogspot.com/2013/12/23.html
දෙවන උපත
අම්මා ඔහුට මුව නොසෑහෙන සේ ස්තුති කළාය . 'අනේ පින් සිද්ද වෙනවා '.
ටීචර් එහෙම කියලා බෑ මම තව හතර දෙනෙකුට කීය කීය හරි දෙන්න පොරොන්දු වෙලා ඔය වැඩේ ඉක්මන් කලේ. කොටින්ම මට ඒ මිනිස්සුන්ට රෑට කෑම බීම ටීක අරන් දෙන්නත් රුපියල් දෙසීයක් විතර වියදම් කරන්න වෙනවා.
අපි දෙදෙනා ඔහු දෙස පුදුමයෙන් බලා සිටියෙමු. මනාව ඔප දමන ලද ඔහුගේ සපත්තු දෙකට එහෙන් මෙහෙන් මඩ වතුර ඉසී තිබුනේය.අපරාදේ අලුත් සපත්තු කුට්ටම .
ඒ අතරේ ඔහු නොනවත්වා හෑල්ලක් කියවාගෙන ගියේය. මේ ඔහු ඉල්ලන්නේ රුපියල් දෙසීයක පගාවක් බව ඒ වන විට අපට වැටහී තිබුණි. ඒ කාලෙත් සියයට දහයක්
අම්මාගේ මුහුණ පුදුමයත් කේන්තියත් ශෝකයත් විසින් විපිළිසර වෙද්දී මම අම්මාගේ අතින් ඇදගෙන එතනින් යන්නට පිටත් වුනෙමි. පාර දෙගේ ගලා යන වැහි වතුර තීරු මග හරිමින් සෙනග බේරමින් අපි ඉදිරියට ඇදෙද්දී බේබදු මහත්තයාද අප පසු පස්සේමය.
අපෙන් ප්‍රතිචාරයක් නොලැබු තැන ඔහුගේ කන්දොස්කිරියාව තීව්ර වුනේය.
'මිනිස්සුන්ට උදවු කරනවට අපිට හොඳ පාඩම්. අඩු ගානේ රුපියල් සීයක්වත් තිබ්බනම් මගේ ගෝලයෝ දෙන්නට මොනා හරි කන්න බොන්න අරන් දෙන්න තිබ්බා' කියමින් ඔහු අප දෙදෙනා ඉස්සරහ ආයිමත් සිට ගත්තේය.
http://thilakasitha.blogspot.com/2013/11/blog-post_26.html
*************************************************
කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
තිලකසිරි ඒකනායක ගේ සම්පුර්ණ කතා එකතුව සදහා තිලක සිත බ්ලොග් අඩවියට යන්න .
http://thilakasitha.blogspot.com/
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට
තිලකසිරි ඒකනායකගේ තවත් රේඩියෝ කෙටිකථා අහන්න
කහපාට ආදරය , පොකට් ගහන්නට බැරි ආදරය සහ කොස් නෝක්කාඩුව ....
http://ahasgawwenehalokaya.blogspot.com/2019/11/blog-post.html
හන්තාන පාමුල , අපේ ගෙදර ආ සේකර සහ අපේ බබා බත් කෑ හැටි .......
http://ahasgawwenehalokaya.blogspot.com/2018/10/1.html
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි
ඉතාම සොඳුරු ලියැවිල්ලක් ඔහුට තියෙන්නේ!
ReplyDeleteඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.
Delete