මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 17, 2021

පිය සෙනෙහස .....රේඩියෝ කෙටිකතා.....වෛද්‍ය රුවන් එම් ජයතුංග.....

 මුරකුටිය අසලටම පැමිණි ‚ සීමන් මුරකුටියේ නිදිකිරමින් සිටි සෙබලා දිටීය. "කට්ටිය නිදි වගේ˜ කියමින් සීමන් ඩ්‍රැයිවර් සෙබලාට වඩාත් සමීප විය. එසේ සමිපවී සෙබලාගේ උරහිසට තට්ටුකොට "මහත්තයෝ˜ කිවේ බිය මුසු ගෞරවයෙනි. අඩනින්දේ සිටි සෙබලාට සීතල ස්පර්ශයක් දැනුණි. තිගැස්සුණු ඔහු බිරාන්ත විය. තියුණු වක් පිහිය තම ගෙල හරහා තබන බව සිතාගත් සෙබලා වහාම කය පසුපසට නමා තමා ඉදිරියේ ඇති ඡායාවට වෙඩි තැබීය.

වෙඩි හඞත් සමග කඳවුරේ ඇතිවූයේ ගාලගොට්ටියකි. ටෝච් එළි සමඟ කටහ~වල් මුරකුටිය දෙසට ගලා ආවේය. ටෙරා, ටෙරා, සෙබලා කෑගැසීය,ඒ හඞ පරයා සාජන්ගේ කටහඞ ඇසුණි.

"කවුද? කෝප්‍රල් බණ්ඩාරද ?˜ සාජන් ඇසීය.

"ඔව් සාජන් මම ඩවුන් ගිහිං ඉන්නේ. වටේ බඩු ඇති.˜ මෙසේ කියමින් සෙබලා මුරකුටිය අසල තිබුණු පොල් ගස දෙසට බඩගෑවේය.

විනාඩි විස්සක් පමණ ගතවිය. සීමන්ගේ කෙඳිරිය හැර කිසිදු ශබ්දයක් නොඇසු‚. ඒ අතරතුරේ කඳවුරේ සෙබලූ අවට ප්‍රදේශය පරික්ෂාවට ලක් කළහ.

" කවුද වැටිලා ඉන්නේ සිවිලියන් කෙනෙක්ද?˜ ඛණ්ඩභාර ලූතිනන් වරයා ලේ විලක් මැද කෙදිරිගාමින් සිටින සීමන් දෙස බලා සිට කීවේය.

"කෝප්‍රල් බණ්ඩාර තමුසේ ටෙරා කියලා ෆයර් කරලා තියෙන්නේ සිවිලියන් කෙනෙකුටයි.˜ සාජන් දොස් පවරණ හඬින් කෝප්‍රල්වරයාට කීවේය. කෝප්‍රල් බණ්ඩාර තවමත් පොල් ගසට මුවා වූ ගමන්ය.

"නෑ සාජන් මූ ඇටැක් එකටයි ආවේ. මම හෝල්ට් කිවිවා. ඒත් කෙලින්ම පිහියක්ද මොකක්ද අරගෙන මට අනින්න ආවා.˜ සෙබලා නිදහසට කරුණු කිවේය.

න‍ැටී සිටි මිනිසා පරික්ෂා කල සෙබලූන්ට බිස්කට් ටින් එකක් හැර ආයුධයක් හෝ වෙන කිසිම දෙයන් සොයාගැනීමට බැරි විය.

"කෝප්‍රල් තමුසේ බුලක් ගහලා හොද වටයක් දැන් යන්න වෙයි. තුවාල කාරයා ඉස්පිරිතාලෙට ගෙනියන්න කැබ් එක ගේනවා.˜ යි ලූතිනන් වරයා විධානයක් දුන්නේය. ඉන්පසුව ලූතිනන්වරයා තුවාලකරු අමතා  "ඕයි තමුසේ මේ රෑ කෑම්ප් එකට රිංගුවේ මොකද?˜ යි ඇසීය.

තුවාලකරුට කථා කිරීම අපහසු විය. ඔහු අමාරුවෙන් කැස්සේය. කහිනවිට ලේ සහිත කෙළ මුවින් පිටවිය. ඒ   අතරවාරයේ කැබ් රථය පැමිණියේය. 

"අයිසේ මිනිහව ප්‍රවේශමෙන් උස්සලා කැබ් එකට දානවා˜ ලූතිනන් සෙබලූ දෙදෙනාට අණකලේ හැකි ඉක්මනින් තුවාල කරු රෝහලට පිටත් කිරීම සඳහාය. අනතුරුව පණිවිඩ හුවමාරු යන්ත්‍රයෙන් කඳවුරේ අණදෙන නිළධාරියා ඇමතීය.

"පූමා වන්..... 

"පූමා වන්.......˜

"සර් කඳවුරට අනවසරයෙන් ඇතුල්වෙන්න ට්‍රයිකරපු සිවිලියන් කෙනෙකුට වෙඩිතියලා දැන් ඉස්පිරිතාලෙට ගෙනියනවා ඕවර්.˜

ඊට පිළිතුරු වශයෙන් අණදෙන නිළධාරියාගේ  හඞ ගොර ගොර˜ ගාමින් පණිවිඩ  හුවමාරු යන්ත්‍රයෙන් පිටවිය.

" ඕකේ සර්. මැසේජ් අන්ඩස්ටුඩ් ඕවර්.˜ ලූතිනන් පිළිතුරු දුන්නේ ගෞරවයෙනි.


මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

පිය සෙනෙහස

http://transyl2014.blogspot.com/2015/04/blog-post_27.html

අද කතා   පිය සෙනෙහස..........සවනට රචනා කලේ වෛද්‍ය රුවන් එම් ජයතුංග    


 

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ සම්පුර්ණ කතා එකතුව සදහා  ට්‍රාන්ස් සිල්වේනියා 
 Transylvania  බ්ලොග් අඩවියට යන්න .


විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී
වසන්ත ලංකාතිලකයන්ට

කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූ වෛද්‍ය රුවන් එම් ජයතුංගගේ තවත් කථා .....

මෘතශීලියා සහ වැඩපොලේ මහත්තයා....


කාන්තා මෘත ශරීරයක් මත රැයක් නිදාසිටි මෝචරියේ මුරකරු .....

https://ahasgawwenehalokaya.blogspot.com/2019/12/blog-post_28.html

සීනි සම්බෝලය .......


Image result for seeni sambol"

කන්තෝරුවල කැපිලි කෙටිලි මැද්දේ රාජකාරි විදේශ සංචාරයකට ගිය කාර්මික නිලධාරියාගේ කතාව ..



මල්ටි කල්චරල්  ( බහු වාර්ගික විවිධත්වය )..........

Image result for multicultural faces

ලෝකයේ බහු වාර්ගික මිනිස් සමාජයක් අර්බුද අවම ලෙස සහජීවනයෙන් ජීවත්වන අයුරු කැනඩාවේ දී  තමන්  ලැබූ  පෞද්ගලික අත්දැකීම් ඇසුරින් කල අගනා රචනයක් ........


සේයාරූ - අන්තර්ජාලයෙන් - Google Images

               සියළු හිමිකම් මුල් අයිතිකරුවන් සතුයි ,


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


No comments:

Post a Comment