මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, December 4, 2021

සෙනෙහෙ විලයි ඔබ මට නිති සිසිලස කැන්දන..........අනුරුද්ධ වැලිගමගේ....

 

රෝස කැකුළු මට මොකටද , ඔබේ දෙතොල් ළග

සමණල තටු පහස තිබෙයි ඔබෙ දෙකොපොල මැද

කවි ගී වල ඇති වරුණා නැතිමුත් ඉග ළග

රැජිනයි මට සතුට සදන සැමදා මා ළග

 

බාධක කම්කටොළු නැත්තෙ මේ ලොව කොයිබද

දිරිය නුබයි මවට පසුව හිත සුව කැන්දන

රිදෙන විටදි සිත තැවිලා හිතේ රිදුම් දෙන

හද සනසන පැන් බිද නුබ දුක් දුරුලන

 

දුක සතුටත් සමව දරා යන මේ සක්මන

එළිය කරන සද එළියයි සොමි ගුණ පතුරන

දරුවන් මැද සතුටු සිනා උතුරා පතුරන

සෙනෙහෙ විලයි ඔබ මට නිති සිසිලස කැන්දන

 

අනුරුද්ධ වැලිගමගේ



2021 දෙසැම්බර් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

https://londonkavi.com/


විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න.

 ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

8 comments:

  1. Replies
    1. මහේෂ් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි....

      Delete
  2. Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .....

      Delete
  3. කවි චිතරණය කිරීමට ඇත්තේ නිසඟ හැකියාවක් ඔබ සතුය!

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි .....

      Delete
  4. අපූරු පද ගෙතුම්ක්.. නියමයි!

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි ....

      Delete