ඉතාලි සංචාරයක මතකය 5.
Piazza Del Campo
සියෙනා නගරය මැද තිබෙන සුවිශේෂී චතුරශ්රය හැදින්වෙන්නේ මේ නමින් . ලෝකයේ තිබෙන Shell shaped medieval squares අතරින් ප්රමුඛ එකක් වන මෙය පැලියෝ අශ්ව රේස් වලට අමතරව අදත් රැස්වීම් , සංදර්ශන සහ විවිධ උත්සව සදහා භාවිතා වන වැදගත් තැනක් .වසර 1300 ක් තරම් ඈත ඉතිහාසයකට උරුම කම් කියන මෙහි ඉහල කොටසේ තිබෙන Fonte Gaia වතුර මල බලන්න වටින එකක්.
Siena Cathedral
1501-1504 අතර කාලයේදී මයිකල් ඇන්ජෙලෝ විසින් කල කැටයම් රැසක් තිබෙන කළු සහ සුදු පැහැති මේ පල්ලිය හරිම සුවිශේෂී එකක් . ආගමික කථා ඇතුලත් සිතුවම් රැසකින් සමන්විත මේ පල්ලිය ඇතුලත සහ බිම බලන්නට බොහෝ දේ තිබෙනවා . බයිබලයේ සදහන් සිද්ධි සහ කිතු උපත දැක්වෙන Nicolas Pisano කල මේ පල්ලියේ Pulpit එක හරිම අගනා කලාත්මක නිර්මාණයක්.
Torre Del Mangia
සියෙනා නුවර තිබෙන සුවිශේෂී සංකේතයක් වන මේ කුළුණ පිහිටා තිබෙන්නේ නගර ශාලාවේ මැද්දට වන්නටයි . පඩි 400 ක් නැග ගිය විට ඔබට දකින්නට ලැබෙන දසුන හරිම ලස්සන එකක්
සියෙනාවට
යන කවුරුත් වගේ කන විශේෂ කෑම 2 ක් තියෙනවා . ඉන් පළමුවැන්න Pici කියන පැස්ටා විශේෂය . Pepper &
cheese හරි Tomato sauce එක්ක
හරි කන ඒක Spaghetti වලට වඩා තරමක් විශාල එකක් .දෙවැන්න Ricciarelli. කියන අතුරුපස . ඒක Almonds දාල සම්ප්රදායික විදිහට හදන cookie එකක්.
අපේ
ගමනෙදි සියෙනා වලින් අපි ඊළගට ගියේ වැනිසියටයි. ඒ ගැන අපි පහුගිය මාසෙ කියැවූ හින්ද ඊළගට යන්නේ මිලාන් වලටයි . ඇත්තටම කියනවා නම් මේ නගර දෙක අපේ ගමනේ අතරමග නැවතුම්පල දෙකක්.
Milan (Milano)
මිලාන් මේ
වෙනකොට
ජනප්රිය
වෙලා
තියෙන්නෙ
ලෝකයේ
විලාසිතා
නිර්මාණකරණයේ
අග
නගරයක්
විදිහටයි
. විලාසිතා
වලට
අමතරව
මිලාන්
වලට
ගියොත්
ඔබට
බලන්නට
පුළුවන්
තැන්
රැසක්
තිබෙනවා.
Milan Cathedral ( Duomo Di Milano)
Galleria Vittorio Emmanuele II
La Scala Opera
මිලාන්
පල්ලියට වම්පසින් තිබෙන මේ ගොඩනැගිල්ල විශාල නාට්‍ය ශාලාවක් . එහි පිටත මෙන්ම ඇතුලත තියෙන කැටයම් ඉතාලි නිර්මාණ ශිල්පීන්ගේ දස්කම් මොනවට කියා පානවා. 1778 දී ඉදිවුණු මෙය ලෝකයේ ඇති අතිශය ජනප්රිය රංග ශාලාවක්.
Sforzesco Castle & Sempione park
Castello Sforzesco 14
වන
සියවසේදී
ඉදිවුණු
සුවිසල්
මන්දිරයක්
. අප
යන
කාලයේ
ප්රතිසංස්කරණ
කටයුතු
කෙරෙමින්
පවතී
මෙහි
එක්
පසෙක
තිබෙන
සාම
කුළුන
සුවිශේෂී
එකක්
. මෙහි
ඉදිකිරීම්
සදහා
භාවිතා
කර
තිබෙන්නේ
ලංකාවේ
ගඩොල්
වැනි
ද්රව්යයක්
. මේ
වනවිට
මේ
මාලිගයේ
කොටස්
කෞතුකාගාර
, කලාගාර
සහ
පුස්තකාලයක්
විදිහට
ජනතා
සේවයට
යොදවා
තිබෙනවා
. Fontanadi piazza castello මේ උද්යානයේ
තිබෙන
සුවිසල්
අලංකාර
වතුර
මලක්.
ඉතාලිය සුවිසල්
සහ
සංචාරක
ස්ථාන
රැසක්
තිබෙන
රටක්
වුණත්
අපට
යන්නට
පුළුවන්
වුනේ
තැන්
කිහිපයකට
පමණයි
. ඒ
වගේම
අප
මේ
සංචාරය
සදහා
භාවිතා
කලේ
යම්
සංචාරක
ආයතනයක්
සංවිධානය
කල
සංචාරයක්
නිසා
අපට
ඔවුන්
ආවරණය
කරන
තෝරාගත්
නවතුම්වල
යම්
සීමාසහිත
කාලයක්
තුල
සංචාරයන්
නිමා
කරන්නට
සිදුවූ
බව
කිවයුතුයි
. ඒත්
වාහන
තදබදයෙන්,
වාහනය
නවත්වන්නට
තැන්
හොය
හොයා
නාස්ති
කරන
කාලයෙන්
මිදී
නියම
තැන්වලට
තදබදය
අඩු
වෙලාවලට
යන්නට
ඔවුන්ගේ
පලපුරුද්ද
වාසියක්
වූ
බව
කිව
යුතුයි.
ඒ
කොහොම
වුණත්
කුලියට
ගත්
රියක
තමන්ගේ
තාලයට
ගිහින්
මේ
තැන්
රස
විදින්න
ඔබට
බැරිකමක්
නැහැ.
සටහන - අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2021 නොවැම්බර් කලාපයේ පලවිය.
විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
අපට යන්නට පුළුවන් වුනේ තැන් කිහිපයකට පමණයි. - ඔය ගියපු ටිකත් මදෑ..
ReplyDeleteකෑම දැකල කටට කෙලත් ඉනුවා. Milan Cathedral එකනම් ගොඩක් ලස්සනයි
නමියා ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. ඇත්තටම කෑම රසයි. ඒ වගේම යන්න පුළුවන් වුනේ ඉතාලියෙන් කොටසකට පමණයි.
Deleteඉතාලිය මනරම්. කෑමත් ඉහලම රසයෙන්
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. වෙලාවක ආයෙමත් යන්න හිතාගෙන ඉන්නවා.
Delete