වදනින් කවි ලියන දහසක් දන අතරේ
කැමරාවෙන් ඔබ ලියන කවි සුවිසෙස් මිතුරේ
සම්මානයෙන් පුද ලද කවි පොත් අතරේ
මා මිනිසෙක් ඔබ ගඟක් නම් ඇත වතුරේ
පසළොස්වක සඳ මගේය කියනා ඔබෙ පද
සදුන් අරටුවත් දල්වන ඔබේම හැඩ පද
ගඟ වක්වී ගලනා තැන හිද බලනා සඳ
කවි විතරක් නොවේ ඔබේ රූප ද හැඩ පද
යන අතරේ උරුම අතර ඇති කවි පිය පද
ජීවිත විනිවිද දකිනා කාච ලියන පද
දශක හතක ගමනේදී දැනුමද බෙද බෙද
ගමන් යනෙන ඔබට පතමි සුබ පැතුමන් අද
අනුරුද්ධ වැලිගමගේ ©
විශේෂ ස්තූතිය- ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.





ඔහු අපූරු මිනිසෙක්. ඒත් මහේ "ඇඟේ මවිල් ඉස්මයිල්" කලේ මේ කවියයි.
ReplyDeleteකුසුම්
බසු මහත්තයා ඔබේ බෙදා ගැනීම හරි අගෙයි. ආසාවෙන් කියෙව්වා.
Deleteහ්ම්.....ලාල් හෑගොඩ, අනුර හෑගොඩ 🤔
ReplyDeleteබසු මහත්තයා ඔබේ ප්රතිචාරයට ස්තූතියි. අනුර හෑගොඩ කියන්නේ ලාල් හෑගොඩ ගේ බාල සහෝදරයා. ලන්ඩන් කවිය කරන්නේ ඔහු තමයි. ඔබේ කවිත් මේ දිගුවෙන් ලන්ඩන් කවියට යවන්න. https://londonkavi.com/%e0%b6%94%e0%b6%b6%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bd-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b7%96-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f/
Deleteහෑගොඩ පරපුරම කවියට, සලරුවට පෙම්බැඳි උදවිය. ජය!
Deleteනමියා ඔබේ ප්රතිචාරයට ස්තූතියි . ඔබ හරියට හරි.
Deleteනිහඬව හිනැහෙන මලක සුවඳ දකිනා සේ,
ReplyDeleteගඟක වක්වීමේ රසයත් විඳිනා නෙතේ,
අන් අය නොදුටු ලොවක සොඳුරු පැති සොයමින්,
ඔබේ කාචය ලියයි නිම නොවන කවි පොතේ.
මයියා ඔබේ ප්රතිචාරයට ස්තූතියි . ඔබේ කවිත් ලන්ඩන් කවියට යවන්න.
Delete1983 දී ඔහුගේ නිවසට ගියා , අපට දේශනයක් කළා මතකයි . කැමරාකරණය ගැන
ReplyDeleteඅජිත් ඔබේ ප්රතිචාරයට ස්තූතියි . අසා ඇති විදිහට ඔහු හොද ගුරුවරයෙක්.
Delete