මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 25, 2026

රූප කැමරා කවියාට සුබ උපන් දිනයක්

 






වදනින් කවි ලියන දහසක් දන අතරේ

කැමරාවෙන් ඔබ ලියන කවි සුවිසෙස් මිතුරේ

සම්මානයෙන් පුද ලද කවි පොත් අතරේ

මා මිනිසෙක් ඔබ ගඟක් නම් ඇත වතුරේ


පසළොස්වක සඳ මගේය කියනා ඔබෙ පද

සදුන් අරටුවත් දල්වන ඔබේම හැඩ පද

ගඟ වක්වී ගලනා තැන හිද බලනා සඳ

කවි විතරක් නොවේ ඔබේ රූප ද හැඩ පද


යන අතරේ උරුම අතර ඇති කවි පිය පද

ජීවිත විනිවිද දකිනා කාච ලියන පද

දශක හතක ගමනේදී දැනුමද බෙද බෙද

ගමන් යනෙන ඔබට පතමි සුබ පැතුමන් අද


අනුරුද්ධ වැලිගමගේ ©



2026 ජූලි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.





විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google images 

                    සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

10 comments:

  1. ඔහු අපූරු මිනිසෙක්. ඒත් මහේ "ඇඟේ මවිල් ඉස්මයිල්" කලේ මේ කවියයි.

    කුසුම්

    ReplyDelete
    Replies
    1. බසු මහත්තයා ඔබේ බෙදා ගැනීම හරි අගෙයි. ආසාවෙන් කියෙව්වා.

      Delete
  2. හ්ම්.....ලාල් හෑගොඩ, අනුර හෑගොඩ 🤔

    ReplyDelete
    Replies
    1. බසු මහත්තයා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. අනුර හෑගොඩ කියන්නේ ලාල් හෑගොඩ ගේ බාල සහෝදරයා. ලන්ඩන් කවිය කරන්නේ ඔහු තමයි. ඔබේ කවිත් මේ දිගුවෙන් ලන්ඩන් කවියට යවන්න. https://londonkavi.com/%e0%b6%94%e0%b6%b6%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b6%bd-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b7%96-%e0%b6%b1%e0%b7%92%e0%b6%bb%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f/

      Delete
    2. හෑගොඩ පරපුරම කවියට, සලරුවට පෙම්බැඳි උදවිය. ජය!

      Delete
    3. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . ඔබ හරියට හරි.

      Delete
  3. නිහඬව හිනැහෙන මලක සුවඳ දකිනා සේ,
    ගඟක වක්වීමේ රසයත් විඳිනා නෙතේ,
    අන් අය නොදුටු ලොවක සොඳුරු පැති සොයමින්,
    ඔබේ කාචය ලියයි නිම නොවන කවි පොතේ.

    ReplyDelete
    Replies
    1. මයියා ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . ඔබේ කවිත් ලන්ඩන් කවියට යවන්න.

      Delete
  4. 1983 දී ඔහුගේ නිවසට ගියා , අපට දේශනයක් කළා මතකයි . කැමරාකරණය ගැන

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . අසා ඇති විදිහට ඔහු හොද ගුරුවරයෙක්.

      Delete