මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Friday, June 15, 2018

උස් මිටි ......රේඩියෝ කෙටිකතාව .......මනුෂා ප්‍රභානි දිසානායක



මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...


එයා සේපාලිකා. හරි පොඩි පාටයි. පොඩි පාටයි කිව්වට පොඩිම නෑ. ඇඟේ උස් වෙන්න ඕන තැන් උසටත්, රවුම් වෙන්න ඕන තැන් රවුමටත්, හීනි වෙන්න ඕන තැන් හීනියටත් තිබුණා. හැමදේම ගාණට තිබුණට උස තමයි මදි. ඕන්නං අඩි පහක් උස ඇති. ඊටත් අඩුද මන්දා. මම හැමදාම ප්‍රාර්ථනා කළේ උස කෙල්ලෙක් මට ලැබෙන්න කියල. ඇත්තටම නං මම ලැබුණු දේවල් ගොඩක් ප්‍රතික්ෂේප කරපු කනෙක්. අවුරුදු තිස් අටක් තිස්සෙ ලැබුණු දේවල් මම ප්‍රතික්ෂේප කරල තියෙන්නෙ මේ කොට කෑල්ලට හිත යවාගන්නද ? මට වඩා අඩියක්ම කොට කෑල්ලක් ළඟ දෙකට නැවෙන්නෙ කොහොමද මම. මගේ ළඟටම උස රූප සුන්දරියො ඉඟිබිඟි පානකොටත් මම අහක බලාගෙන තියෙනවා. කොටින්ම කියනවා නං මගේ මාන්නෙ උසයි මටත් වඩා. ඒක අවුරුදු තිස් අටක් තිස්සෙ නොබිඳී පවත්වගෙන යනකොටම කරපු පෙර පව් පල දෙන්න පටන් ගත්තා. මේ කෙල්ල කොහොම මේ ඔෆිස් එකට ආවද මන්දා. මං හිතන්නෙ චෙයාර්මන්ගෙ කනෙක්ෂන් එකක් වෙන්න ඕන. ඇත්තටම නං සීවී එක ගියෙ මං හරහා මං ඒක ඕකේ කරානෙ. ඒත් සීවී එකකින් කොහොමද මූණ ඇඟ පත පේන්නෙ. අනික ඉතිං ඉන්ටර්වීව් කරත් මං කොහොමද දැනගන්නෙ මට මේකිගෙන් මෙහෙම බලපෑමක් වෙයි කියල. මම මේ ඔෆිස් එකේ ජෙනරල් මැනේජර්. මෙහෙම ගියොත් මගේ මැනේජර් පට්ටමත් කුඩු වෙලා යනවා. අවුරුදු පහක් තිස්සෙ මේ ඔෆිස් එකේ මම මගේ මාන්නෙ රැකගෙන ආවා. ඒත් මේකිව දැක්කම මගේ පපුව රත් වෙලා යනවා. ඒක වෙන්න පටන් ගත්තෙ ටික ටික. ටික ටික දැන් ගොඩ ගොඩ වෙලා. කවද වෙනකං මං මේ හැඟීම් හංගගෙන ඉන්නද ? මටත් වඩා උසට තිබ්බ මගේ අහංකාරකම, මාන්නක්කාරකම දැන් දැන් බල්ලට යාගෙන එන්නෙ. ඒකත් මේ අඩි පහක් උස කොට කෑල්ලක් හින්ද.

Tall guy, short girl <3 | Tall guys, Short girls, Tall boyfriend


සවනට රචනා කලේ මනුෂා ප්‍රභානි දිසානායක



කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  


2 comments:

  1. මමත් කොට නිසා නැගල ගියා කතාව හේ හේ :)

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි

      Delete