මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Thursday, June 7, 2018

දන්ත වෛද්‍යවරයා සහ නිල් ඇස්.....රේඩියෝ කෙටිකතාව .......නිලූක කදුරුගමුව




මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...

ගාර්ෂියා මාකේස් ගේ දන්ත වෛද්යවරයා


"තාත්තේ"


"මොකද ? "


" නගරාධිපතිතුමා අහනවා තාත්තට එයාගේ දත ගලවන්න පුළුවන්ද කියලා"


"කියන්න මම නෑ කියලා. "


ඔහු රත්රන් දතක් ඔප දමමින් සිටියේය. අතේ දුරින් එය අල්ලා ගත් හෙතෙම අඩවන් වූ දෑසෙන් එය පරීක්ෂා කර බැලීය. කුඩා අමුත්තන් පිළිගැනීමේ කාම‍රයේ සිට ඔහුගේ පුතා නැවතත් කෑ ගැසුවේය.


"නගරාධිපතිතුමා කියනවා තාත්තා ඉන්නවලු. තාත්තා කියන දේවල් එයාට ඇහෙනවා".



 සහ ඔක්තාවියෝ පාස් ගේ නිල් ඇස්


Beautiful Blue Eye Girl Image | Imagefully.com | Images, Quotes ...

මම නැගිට්ටෙ දාඩියෙන් තෙත් වෙලා. මේ දැන් වතුර ඉහපු රතු ගඩොල් අල්ලපු පොළොවෙන් උණුසුම් හුමාලයක් නැගුණා. ගිනිකණ වැටුණු, අලුපාට තටු තියෙන  සමනලයෙක් කහපාට විදුලි බුබුල වටේ කැරකෙනවා. එල්ලෙන ඇ‍‍ඳෙන් බැහැපු මම සෙරෙප්පු දෙකක්වත් දාගන්නෙ නැතුව කාමරය හරහා ඇවිදගෙන ගියේ තමන්ගේ ගුලෙන් එළි බැහැපු ගෝනුස්සෙක්වත් ඉඳියි කියන බයෙන් උඩින් අඩිය තිය තියා. පුංචි ජනේලෙ ළඟට ගිය මම මේ පිටිසරබද පළාතේ වාතය ආශ්වාස කළා. විශාල, ගැහැනු රාත්‍රිය හුස්ම ගන්න හඬ ඇහෙනවා. කාමරය මැදට ආපහු ඇවිද ගෙන ගිය මම ජෝග්ගුවේ තියෙන වතුර බෙලෙක් බේසමට හිස් කරලා ඒකෙ මගේ තුවාය පෙ‍ඟෙව්වා. තෙත් කරපු තුවායෙන් පපුවයි කකුලුයි අතුල්ලලා ඇඟ පිහ දමා ගත්තු මම ඇඳුම් ඇඳ ගත්තේ ඒවාගේ වාටිවල මකුණො ඉන්නවද කියලා හොඳට බලලයි. මම කොළපාට පඩිපෙළ දිගේ පහළට බැස්සා. නවාතැන්පොළේ දොර ගාවදී මම ඒකෙ අයිතිකාරයාගේ ඇ‍ඟේ හැප්පෙන්න ගියා. නවාතැන්පොළේ අයිතිකාරයා වැඩි කතාබහක් නැති එකැස් කණෙක්. මිනිහා වේවැල් බංකුවක වාඩිවෙලා දුම් බොනවා. මිනිහගෙ ඇහැ බාගෙට පියවෙලා. බැරෑඬි හඬකින් මිනිහා කතා කළා:

“කොහෙද යන්නෙ?”

“හරි ග්‍රීස්මයි. මං පොඩ්ඩක් ඇවිදින්න යනවා.”

“ම්.... දැන් කඩවල් වහලා. පාරේ එළියකුත් නෑ. ගේ ඇතුළට වෙලා හිටිය නම් තමයි හොඳ.”

 කථා සවනට පරිවර්තනය කලේ නිලූක කදුරුගමුව






කතාව කියවන්නට නිලූක කදුරුගමුවගේ පරිවර්තන බ්ලොග් අඩවියට ගොඩ වැදෙන්න .

පරිවර්තන....Parivarthana
විශ්ව සාහිත්‍යයෙන් බිඳක් සිංහල අන්තර්ජාල පාඨකයා වෙත ගෙන ඒමට දරන වෑයමකි.


http://nilukakadurugamuwa.blogspot.com/2011/10/blog-post_25.html

http://nilukakadurugamuwa.blogspot.com/2011/12/blog-post.html

විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට





සේයාරූ - අන්තර්ජාලයෙන් -

                Google Images  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි




මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.  



No comments:

Post a Comment