මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 16, 2018

සිංහල ගීතයේ පියගුණ ලකුණ...රූපවාහිනි අත්දැකීම ....නොමැකෙන ගී රස

Related image

තවත් මවුවරුන්ගේ දිනයක් ගෙවුනෙ පහුගිය මාසෙ . ජුනි මාසයේදී බටහිර ක්රමයට අනුව පියවරුන්ගේ දිනය ලබනවා. අපේ අප්පච්චිට, තාත්තාට එහෙමත් නැත්නම් පප්පට කියන්න බැරිවෙච්ච ආදරය කොච්චර තියෙනවද?.

අම්මා වගේම හැම වෙලේම තුරුළු කරගෙන හිටියෙ නැතිවුණාට තාත්තගෙ ආදරෙත් දරුවෙකුට කොච්චර වටිනවද ?. ඒක අපට මේ සමාජයේ මවකගේ පමණක් රැකවරණය ලබන දරුවන් තුලින්ම දැකගන්න පුළුවන්.

හුගක් දේවල් දන්න , නිර්බීත, මහා චරිතය ලෙස කුඩා කාලෙ දරුවන්ට තමන්ගෙ වීරයා වන , පැය විසි හතරේම දරුවන් වෙනුවෙන් වෙහෙසෙන අම්මාට සදහා රැකවරණය , අවශ් පහසුකම් සලසන තාත්තා , දුර ඉදගෙන දරුවන් දිහා විමසිල්ලෙන් බලනවා. අලුත් තාක්ෂණයත් එක්ක අනේ තාත්තා එච්චර දන්නේ නැහැනෙ කියල හිතන දරුවන් පස්සෙ කාලෙක ,  අදහස් වෙනස් වෙලා තමන් දරුවන් ලබා පියෙකු, මවක වූ විට අනේ කොහොමද මගෙ තාත්ත මෙහෙම කලේ කියල හිතනවා. අන්න තාත්තාව සිහි කරලා යමක් කරන්න සුබවාදීව බැලුවොත් මෙයත් හොද අවස්ථාවක්.

එදා කෘෂි සමාජයෙන් අද වෙළද සමාජයට , කාලයත් එක්ක විවිධ දෑ වෙනස් වුණත් , දහසකුත් එකක් සමාජ ගැටළු එක්ක , පවුල රැකගන්නට දහදුක් විදින තාත්තලා වෙනුවෙන් සිංහල ගීත සාහිත්යයේ ලියැවුණු ගීත කිහිපයක්ම තියෙනවා.

අද අපි කථා කරන්න යන්නෙ තාත්තලා ගැනයි.


Image result for fathers day

ජුනි 17 වැනිදාට යෙදෙන පියවරුන්ගේ දිනය වෙනුවෙන්  දුවක විසින් පිය ගුණ ගීත නිර්මාණ පිළිබදව විමසා බැලෙන වැඩසටහනක්

කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වෙබ් ගත අපුර්ව අත්දැකීම

http://rupane.com/vimeo-video/rupane-episode-41-june-17-2017/



විධායක නිෂ්පාදනය සහ සංස්කරණය - වීරා ෆොන්සේකා

අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්

සංකල්පය සහ පිටපත - අනුරුද්ධ වැලිගමගේ



වැඩසටහන ඉදිරිපත් කිරීම - අනුෂ්කා ගම්මුදලි

සම්පත් දායිකාව - කැනඩාවේ පලවන දසත පුවත්‍පතේ සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මිය



සංගීත අධ්‍යක්ෂණය - සුනිල් ජයසිරි

ගීත ගායනය - රෝහණ දිසානායක සහ පිරිස



http://rupane.ca/

Image result for rupane



No comments:

Post a Comment