මට
සැබෑ ලොවේදී ඔහු හමුවුයේ නැත. අඩුම තරමේ රුපවාහිනී සංස්ථා අලින්දයේදී හෝ ගුවන් විදුලි සංස්ථා පරිශ්රයේදී දකින්නට ලැබුනේ නැත.ටයිටස් තොටවත්තයන්ගේ රුපවාහිනී හඩ කැවූ " දොස්තර හොදහිත " සිංහල කාටුන් වලට පෙම් බැදි පාසැල් සිසුවෙකු සමයේ පටන්ම " ලා තණකොළ
පෙත්තාස් " කණ්ඩායම ගැයූ ගීත රචනා කල ඔහු මට වීරයෙකු ව සිටියේය. " බැයි කියල බැයි කියල බෑ " , " දේසේ හැටියට වාසේ ", " සැබැ මුහුණු හංගාගෙන " වැනි ගීත තවමත් මතකයේ රැව් දෙන්නේ ඒවායේ වූ සරල එහෙත් ප්රබල වචන මාලාව නිසාය . පසු කලෙක සෙනසුරාදා උදැසන ජාතික රුපවාහිනියේ ආයුබෝවන් වැඩසටහන අපූරුවට ඉදිරිපත් කල ඒ කුඩා , සිනා සපිරි මිනිසා තවමත් මා ඉදිරියේ මැවී පෙනෙන්නාක් මෙනි .
https://www.youtube.com/watch?v=8ZvHtfTSqak
1947 ජු
නි 3 දී ඉපද 1989 ජුලි 31 වැනිදා හදිසියේ අභිරහස් ලෙස ඝාතනය වුණු ඔහු පිළිබදව කෙටි සටහනක් තබන්නට මා පෙළබුනේ ඔහු සහ ඔහුගේ නිර්මාණ පසුබිම පිළිබදව බොහෝ දෙනා නොඇසු කරුණු කාරණා රැසක් ඇසුරු කරන්නට මා පින්වන්තයෙකු වීම නිසාය .
බොහෝ
දෙනා පොදු ව්යවහාරයේදී හදුන්වන " ප්රේම් " සැරිසර පුවත් සගරාවේදී ඉදිරිපත් කරන්නා ලෙස ඔහු හදුන්වා ගන්නේ " සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් " ලෙසිනි. එකල ගුවන් විදුලියේ දෙවන පෙල පරම්පරාවක් තැනූ " ළමා පිටිය " වැඩසටහනට ගීත ගායනය පිණිස ආනන්ද විද්යාලයේ සිසුවෙකු ලෙසින් සහභාගී වන ප්රේමකීර්ති එහි ලිපි කියවන්නෙකු වී පසුකාලීනව ගුවන් විදුලියේ දක්ෂ නිවේදකයෙකු වන්නේ ඔහුටම ආවේණික කථා ශෛලියත් , සැණෙකින් ඕනෑම දෙයක් මනාව ඉදිරිපත් කිරීමේ අපූරු හැකියාවත් නිසාය . ගුවන් විදුලි වංශකතාවේ තිලක සුධර්මන් සිල්වා ලොකු මාස්ටර් වන , අමරබන්ධු රූපසිංහ මැද මාස්ටර් වන නිවේදක කල්ලියේ පොඩි මාස්ටර් වන්නේ ප්රෙමකීර්තිය .
ප්රවීණ ගායක ආචාර්ය වික්ටර් රත්නායකයන් ගයන තනි තරුවේ , ආදරයේ උල්පත වූ අම්මා , අදුර බිදින්නට රැයක් දවාලු ඇතුළු ජනප්රිය ගීත රැසක් තුලින් ගීත රචකයෙකු ලෙස ජනතාව අතරට ගිය ප්‍රේම් ක්ෂේත්‍ර ගණනාවකම දක්ෂතා දැක්වූ අසහාය නිර්මාණ ශිල්පියෙකු බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. විටෙක ඔහු චිත්‍ර ශිල්පියෙකි. විටෙක
ජනප්‍රිය සගරාවන්ට ලිපි ලියු ලේඛකයෙකි . විරිතටත්, නිසදැසටත් කවි ලියමින් නොසැලෙන ඉන්ද්‍රඛීලය
නම් කවි පොත ලියු කවියාය . ඕනෑම වයස් පරාසයක පිරිස් අතරට කවර හෝ පණිවිඩයක් මනා සේ සන්නිවේදනය
කරන්නට හොද වචන කෝෂයක් දැරූ සන්නිවේදකයෙකි.ඔහු ඉදිරිපත් කරන්නේ ලොතරැයි ප්‍රචාරණ වැඩසටහනක්ද
, සජීවී විස්තර කථන යක්ද , සිනමා හෝ නාට්‍ය උළෙලක්ද කම් නැත . කම්මැලිකමකින් තොරව අසන්නා
දිගින් දිගටම ඒ සමග රදවා තබා ගන්නට සමත්වූ
අද සිය ගණනින් බිහිව ඇති දෙමලිච්චියන්ට ආදර්ශයට
ගත හැකි අපුරු ගුරුවරයෙකි .
ප්‍රේමකීර්ති හඩ ,,,,,,
https://www.youtube.com/watch?v=H84ISILDxzA
ඔහු
ලියු බොහෝ ගීත කඩිමුඩියේ ලියන ලද ඒවාය.
සරල අරුත්බර ඒ ගීත සදහා
ක්ෂණිකව ඔහුට අදහස්
ගලා ඒම පුදුම සහගතය
. සරල ගී වැඩසටහනකට ගීත ඉල්ලමින්
සිටි සුනිල් එදිරිසිංහ යන්ට අවසාන
මොහොතේ බස් ටිකට් එකක ලියු
ගීතයක් ලෙස " මිනිසෙකු පිට
නැගි අසරුවෙකි " සදහන්ය. එයට අදහස ජනිත වී ඇත්තේ ගුවන් විදුලිය ඉදිරිපිට එකල තිබු මාරගසක් යටට වී රේස්
පත්තරයක් කියවන මිනිසෙකුගේ දසුනකි .
විටෙක
අනුස්මරණ දේශනයකදී ප්රවීණ මාධ්යවේදී සමන් අතාවුදහෙට්ටි පැවසු පරිදි අන්
ගීත රචකයන් පොත්පත් අත්වල පුරවාගෙන සිටිද්දී කිසිදා පොතක් , පත්තරයක් අතේ
තබාගෙන සිටිනු මිතුරන් නොදුටු ප්රේම් ඇසූ පිරූ අත්දැකීම් වලින් පොහොසත් වුයේ කෙසේදැයි කිසිවෙකු නොදනී . එහෙත් ඔහු තමන්ගේ රචනා පිලිබදව මනා දැනුමකින් සිටි
බව රුපවාහිනී වැඩසටහනකදී ගායන ශිල්පී ටී එම් ජයරත්නයන් සිහිපත් කලේ වරෙක තමන් ගයන " පුංචි පන්තිවල හැබෑම හුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ " ගීතය අධීක්ෂණ නිලධාරියා විසින් " වැඩිහිටියන්ගේ නොමනාකම්
වල දුක් ගිනි විදිනා පොඩි දරුවෝ " යන යෙදුම හේතුවෙන් ප්රතික්ෂේප වෙද්දී " මනා නොවන්නේ යම් දේද එය නොමනා බැවින් " එහි කිසිදු වැරැද්දක් නැතැයි පහදදීමෙන් අනුමත වූ බවයි .
https://www.youtube.com/watch?v=OUYdnoI25Rs
ඉතා
සංවේදී මිනිසෙකු වූ ප්රේම් ගේ ගීත රැසක ඔහුගේ පෞද්ගලික අත්දැකීම් මුසුව තිබේ . මර්වින් පෙරේරා ගයන " මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි ", නිරංජලා
සරෝජනී ගයන " පුංචි දුවෙක් ඉස්කෝලෙට පාර පනිනවා ", සුනිල් එදිරිසිංහයන් ගයන " සියල්ල
ඉදිරී ගරා වැටුණු දා " ඊට නිදසුන් කිහිපයකි .
ඔහු
ඇසුරු කල හිත මිතුරන්ට අනුව සිනමා ගාමිණී
ෆොන්සේකා ඔහුගේ වීරවරයෙකු වූ බැවින් මැතිවරණයේදී උදව් කලමුත් පක්ෂ දේශපාලනයේ නොයෙදුනත්, ඉර්ෂියාව හා කුහකකම පිරි ශ්රී ලාංකික සමාජය තුල වරින් වර පාට ආදේශ කර ගුවන් විදුලියේ මහගෙදරින් ප්රාදේශීය ගුවන් විදුලි සේවාවන්ට මාරු කල සංස්ථා සේවකයෙකු බවට ප්රේම් පත්විය. එහෙත් යාල් දේවියෙන් යාපනයේ සිට කොළඹ බලා එන ගමනේදී ලියැවුණු ෆ්රෙඩි සිල්වා ගයන " මන්නාරම් පිටිවැල්ලේ " ගීතයත් , අනුරාධපුර රජරට සේවයේ
සිටියදී , රජරට රැජින දුම්රියෙන් කොළඹ එනවිට ලියු සුනිල්
එදිරිසිංහයන් ගයන "බානෙන්
බැද රජරට පෙදෙසින්නේ " ගීතයත්
ඔහු තම ජීවන වෙනස දෙස උපේක්ෂාවෙන් බලා කුහක සමාජයට දායාද කල උසස් නිර්මාණ ලෙස සටහන් කල හැකිය .
https://www.youtube.com/watch?v=KM_PlKcQj2g
නිරහංකාර
, පොදු මිනිසෙකු
වූ ඔහු ඇසුරු කල,නොකල බොහෝ ගායක ගායිකාවන්ට ඔවුන්ගේ අත්දැකීම් ඇසීමෙන් පසුව ලියන ලද ගීත ද වේ. නැසීගිය විශාරද මාලිනී බුලත්සිංහල ගුරුවරියකව සිටියදී අතදුන් ගායන ශිල්පිනියක් සංගීත සංදර්ශනයකදී පිළිවෙල සම්බන්ධයෙන් මතුකළ ගැටළුවක් " කන්ද කෙන්ද කරනු පිණිස " ගීතයෙන් විරචිතය .
වික්ටර්-ප්රේම් සුසංයෝගයෙන් බොහෝ ජනප්රිය ගීත බිහිවූ අතර , යම් කල්ලියක සාමාජිකයෙකු ලෙස සමහරු "ප්‍රේම් " ව හංවඩු
ගැසුවද ඔහුගේ නිර්මාණ නොගැයූ ගායන ශිල්පියෙකු, ශිල්පිනියක එකල නොසිටි තරම්ය. ගී පදවැලක් ඉල්ලු විට ආධුනිකයෙකුට වුවද ගීයක් දෙන්නට ඔහු පැකිලුනේ නැත . ෆ්රෙඩි සිල්වාගේ " අලුත් කලාවක්, ආරොන් මාමා , පාන් කිරිත්තා ", සමන් ද සිල්වාගේ " දවසේ පහන් නිවා හිරුද නිදැල්ලේ "දිනේෂ් නාකන්දලගේ " මගේ දෑසේ තිබු සිහිල් පෙම් මී බිදු ", ශ්රීමතී තිලකරත්නගේ " අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ", සුජාතා
අත්තනායකගේ "සදට අහස
ආදරේදෝ ", පුන්සිරි
සොයිසා ගේ " එකම මගක පියවර මැන යන්නයි ", එච් ආර් ජෝතිපාල ගේ " රත්තරන් සදක් පා යන්නයි " , ඇන්ජලින් ගුණතිලක ගායන " මල් වැහි සීතල මල් වැස්සේ "චිත්රපට ගීතයත්,
ප්රියා සුරියසේනගේ " ඈත රන් විමන් තුලින් ", එකල ළමා ගායිකා පේෂලා මෙන්ඩිස් ගැයු " වැලි පොල්කට්ටට බෙලිකටු හැන්දට "සේම, මොහිදීන්
බෙග් ගැයූ " ටිකිරි මැණිකෙ ඇබුල ගෙනැල්ලා " අප්රකට අරුත්බර ප්රේමණීය රචනාවන්ය .
වික්ටර්
රත්නායකයන් ගයන " අරුණලු පැතිරෙන හිමිදිරි යාමේ, සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට " වැනි
බුදුගුණ ගීත සදහා සරල වදන් යොදාගනිමින් ඔහු ලියු හරබර ගැඹුරු සදාතනික ධර්මතාවයන්ද , එඩ්වඩ් ජයකොඩි , බන්දුල විජේවීර හා සුනිල් එදිරිසිංහ මංගල තෑග්ග චිත්රපටියට ගැයූ "එක යායේ කකා වැටී , එකා වගේ එකට හිටී " ගීතයත් විවේකීව
රසවිදින මොහොතක ඔහුගේ වචන හැසිරවීමේ පරාසය කෙතරම් සුවිසල් ද යන වග ඔබටම වැටහෙනු නියතය . යමෙකුට හෝ කණ්ඩායමකට නිර්මාණ ශිල්පියෙකුගේ කය වෙඩි තබා විනාස කල හැකි වුවද අමරණීය නිර්මාණ තුලින් නාමය විනාස කල නොහැකි බව පසක් වෙද්දී මට හැගෙන්නේ ඔහු අපට වඩාත් වැදගත් වන්නේ එදාට වඩා අද බවය .
අනුරුද්ධ වැලිගමගේ
මේක හරිම අහම්බයක්. අද උදේ මම පෝස්ටුවක් ලියමින් උන්නා ප්‍රේම් ගැන. ඔබගේ ලිපිය නොකියවායි මේ කමෙන්ටුව දමන්නේ, මොකද නොදැනීම හෝ සමාන දෙයක් ලියැවුණොත් ඔබටත් මටත් දෙදෙනාටම හොඳ නැහැ කියා හිතෙනවා. :) මගේ පෝස්ටුව ලියැවෙන්නේ වෙනත් විදියකට, නමුත් එය ප්‍රසිද්ධ කළ පසු එන්නම් මේක කියවන්න :)
ReplyDeleteඔබේ ලිපිය කියවන්න බලාගෙන ඉන්නවා . ප්‍රේමකීර්ති ගැන මා රූපණ අන්තර්ජාල රූපවාහිනියට කල වැඩසටහනත් විවේක වේලාවකදී බලන්න . ඔහු ගැන කල රේඩියෝ කෙටිකතාව ඊලග අවුරුද්දේ ඔහුගේ සැමරුමට පුදන්න හිතාගෙන ඉන්නවා .
Deleteබොහොම ස්තූතියි වටිනා ලිපියට. ප්‍රේමකීර්ති මගෙත් ප්‍රියතම කලාකරැවෙක්.
ReplyDeleteබොහොම ස්තූතියි
ReplyDelete