මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Sunday, July 1, 2018

කැනඩා දිනය පිළිබද කෙටි සටහන ......රූපවාහිනි අත්දැකීම ....

Feds tighten rules for foreign investment and takeovers ...

දිනදසුනෙන් රන් පිටුවක්.....

වසර 150 ක් සපිරෙන කැනඩාව .........

කැනඩාවට එම නම ලැබුනේ,  ජැකුවස් කර්ටියර්,  ශාන්ත ලෝරන්ස් ගඟ දිගේ,  ඉහලට එද්දී,  හමුවූ ස්වදේශිකයින් භාවිත කල,  "කනාටා " යන නමින් .

කාර්මික විප්ලවයට පාර කැපෙද්දී , නව බිම් ප්‍රදේශ සොයා ගිය,  යුරෝපීයන් අතුරින්,  ලොම් ( Fur) සහ  නව  යටත් විජිත සොයා,  ප්රංශයෙන් නැව් නැගුණු , ජැකුවෙස් කාටියර් ( Jacques cartier)

ශාන්ත  ලෝරන්ස් ගග  දිගේ ,  පැමිණ,  ප්රංශ  යටත් විජිතයක්,  පිහිටවූ බව ඉතිහාසයේ සදහන් . පසුව දේශීය ගෝත්රික නායකයාගේ පුතා,  සහ දියණිය,   ප්‍රංශ සංචාරයකට කැදවා ගෙන  යාමෙන්  පසු , මොන්ට්‍රියල් , සහ පැරණි කුවිබෙක් නගරවල,  ජනාවාස පිහිටුවීමට,  අවසර  ලැබුණා . සෙබළුන් , පුජකයන් , ගොවියන් සහ ඔවුනට බිරින්දෑවරුන් ලෙසින්,  ප්‍රංශ ජාතිකයන් මෙහි  පැමිණ තිබෙන්නේ,  යටත් විජිතය ස්ථාවර කිරීමටයි. ඒ අතර බ්‍රිතාන්‍යයන් උතුරු ඇමෙරිකාවේ විවිධ ප්‍රදේශ අත්පත් කර ගත්තේ  ස්වදේශිකයින් සමග ඇති කරගත් විවිධ සමබන්ධතා සහ තුවක්කුවේ බලයෙන් . 1759 සැප්තැම්බර්  13 වන  දින , අද  පැරණි ක්විබෙක් නගරය  අසල,  අබ්‍රහිම් මාර්ටින් මහතාගේ , ගොවිපොළ බිමේදී විනාඩි 15 කින් නිමාවූ යුද්ධයෙන්,  ( Battle of the Plain of Abrahims) මේ ප්‍රංශ  කොලනිය,  බ්‍රිතාන්‍ය පාලනයට,  නතු වුණා . හඩ්සන් බේ වැනි ආයතන , සහ , බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය,  සතුව පැවති,  බිම් කොටස් සියල්ල එකතුවීමෙන්,  කැනඩාව බිහිවුණා .

Founding Fathers Of Canadian Confederation Painting | Flickr

එඩ්වඩ් කුමාර දිවයින , නෝවා ස්කොෂියා , කුබෙක් සහ ඔන්ටාරියෝ පළාත් , එකතුවී , ඇමෙරිකානු ආක්‍රමණයකට එරෙහිව,  එක්ව කටයුතු කිරීම සදහා,  කතිකාවතක් බිහිවුනේ,  1864 දී  එඩ්වඩ් කුමාර දිවයිනේ චාලටවුන් හිදී . පසුව 1867,  ජුලි පළමුවැනිදා , අත්සන් තැබුණු , ගිවිසුමක් අනුව , ඔන්ටරියෝ , කුබෙක් සහ නෝවා ස්කොෂියා පළාත් එක්ව,  කැනඩා රාජ්‍යය,  පිහිටුවා ගනු ලැබුවා . අද අපි  කැනඩාවේ,  150 වන සංවත්සරය  සමරන්නේ,    නිමිති කරගෙනයි .

කැනේඩියන් පැසිෆික් දුම්රිය මාර්ගය  හරහා,  මැනිටොබා , සස්කාචුවන් , ඇල්බෙර්ටා , සහ බ්‍රිටිෂ් කොලොම්බියා යන පළාත් , කැනඩාවට එක්වුණා . එම දුම්රිය මග තැනීමේදී,  කම්කරුවන් ලෙස පැමිණි,  චීන ජාතිකයින් නිසා,  චීනුන්ගේ සංක්‍රමනයත් , ප්රෙයරි තනබිමේ,  වටිනා ඉඩම්,  ගොවිපොල පිහිටුවීම සදහා ලබාදීම තුලින්,  යුක්රේන ජාතිකයිනුත් , වහල් වෙලදාමේදී,  ගෙන ආ,  කළු ජාතිකයිනුත්,  කැනඩාවට එක්වුණා . සංක්‍රමණික පිරිස් සදහා,  කවදත් අවස්ථා තිබුණු කැනඩාවට,  යුරෝපයෙන් බොහෝ දෙනා පැමිණියේ , විවිධ රැකියාවන් සහ , ව්‍යාපාර සදහා .

පළමු සහ දෙවන ලෝක මහා සන්ග්රාමයන්හිදී,  කැනඩාව,  මිත්‍ර පාක්ෂික හමුදාවන්ට සහය දැක්වීම නිසා , බොහෝ කැනේඩියා නුවන් , යුධ බිමට පිවිසුණා . යුද්ධයෙන් පසුව බිහිවුණු , " Baby Boomers" පරපුරේ , ජනගහණ වර්ධනය , අවම වූ නිසා,  උගත් , දක්ෂතා ඇති ආසියානුවන් හටත් , විවිධ , සිවිල් සහ වාර්ගික යුද්ධ වලින්,  සරණාගත  වූ විවිධ පිරිස් සදහාත්,  කැනඩාවේ ඉඩ වෙන්වුණා

World Environment Day is hosted by Canada this year but are we ...

අද වනවිට කැනඩාව,  ලෝකයේ,  ජීවත්වීමට සුදුසු,  රටවල් දර්ශකයේ,  පළමු අංක 10,  තුල ඇති,  බහු වාර්ගික,  බහු ආගමික රටක් .

භුමි ප්‍රමාණයෙන් කැනඩාව , ලෝකයේ විශාලත්වයෙන් දෙවන රටයි . සංහිදියාවෙන් පවතින,  ලෝකයේ විශාලතම දේශ සීමාව,  ඇත්තේ,  කැනඩාවත් ඇමෙරිකා එක්සත් ජනපදයත් අතරයි . බීමට සුදුසු ජලය බහුලව ඇති  රටවල් අතර,  මුල් පෙලේ සිටින කැනඩාව,  වනාන්තර , ස්වභාවික සම්පත් වලින්,  පොහොසත් රටක් .

ඔබත් , මමත් හුස්ම ගන්නා කැනඩාවට,  සුබ උපන් දිනයකට , සුබ පතන , රූපණ අපේ මේ වෑයම , ඔබ සතුටින් රසවිඳිනු ඇතැයි , අප උදක්ම , බලාපොරොත්තු වෙනවා .

පිටපත සහ පසුබිම් කථනය - අනුරුද්ධ වැලිගමගේ


Stanley Park Seawall, Vancouver, Canada 🇨🇦 ➡ Season Autumn 🍁🍃🍂


කැනඩාවේ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ වෙබ් ගත අපුර්ව අත්දැකීම

http://rupane.com/vimeo-video/rupane-episode-43-july-01-2017/


කැනඩාවේ 150 වන සංවත්සරය වෙනුවෙන් පසුගිය වසරේ සැකසුනකි .


1.26- 5.33 වෙලාවේදී බලන්න

Canada Day Parade in Niagara Falls | Marriott on the Falls


විධායක නිෂ්පාදනය සහ සංස්කරණය - වීරා ෆොන්සේකා


අධ්‍යක්ෂණය - දිනේෂ් පීරිස්


පිටපත සහ පසුබිම් කථනය  - අනුරුද්ධ වැලිගමගේ

Image result for rupane
www.rupane.ca

සේයාරූ   අන්තර්ජාලයෙන්  Google Images

              සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

Canada Travel Guide | 10 Best Places To Visit | Discover Fantastic ...

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 


No comments:

Post a Comment