මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Friday, July 20, 2018

කැලේ පිපුණු මල් සේරම ........ජාතික රූපවාහිනියේ රුපවාහිනී ළමා ගීත ....අනුරුද්ධ හරිස්චන්ද්‍ර වැලිගමගේ



Image result for wild flowers

කැලේ පිපුණු මල් සේරම .......

 

කැලේ පිපුණු මල් සේරම

අතින් නෙලා වට්ටියකට

මුනිදුගේ පායුග වදින්න

ආසයි මට පෝය දිනක .....

  

බැද්දෙ ඉදෙන මාදන් වල

සුවද හමන වසන්තයට

ලේන ගිරා වෙස් අරගෙන

රහ බලන්න ආසයි මට ....

 

කැලේ පිපුණු මල් සේරම...

 

සීතල නිල් දිය අතරේ

ලස්සන මාළුන් බලමින්

පුංචි මාළුවෙකු වාගේ

පීනන්නට ආසයි මට ....

 

කැලේ පිපුණු මල් සේරම...

 

අහසේ තරු මල් පිපිලා

ලස්සන සිතුවම් මැවිලා

දේදුන්නක නැගිලා ගිහින්

ආසයි තරු අල්ලන්නට

 

කැලේ පිපුණු මල් සේරම...

  

අනුරුද්ධ හරිස්චන්ද් වැලිගමගේ

ගායනය - උපමාලි මුනින්ද්රදාස ඇතුළු පිරිස

 සංගීතය - ප්‍රියනාත් රත්නායක



ස්තුතිය - ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ ළමා ගී නිෂ්පාදක කණ්ඩායමට සහ සංස්කරණය කල දිනේෂ් පීරිස් සොයුරාට

1993 ජුලි 02 දින ජාතික රූපවාහිනියේ ළමා ගී වැඩසටහනින් විකාශය විය .



 ජාතික රූපවාහිනියේ විකාශය වූ මේ ගීතය VHS පටිගත කිරීමකින් . උපුටාගෙන ඇති බැවින් එහි ශ්‍රව්‍ය දෘශ්‍ය තත්වයේ අඩුපාඩු ගැන කමා කරන්න
මේ නිර්මාණ වලට දායක වූ යමෙක් වේ නම් හදුනා ගන්නට මගේ මුහුණු පොත හෝ අහස් ගව්ව විද්‍යුත් තැපෑල මගින් අමතන්න .





සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට

අපහසු වීම ගැන මගේ කණගාටුව




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි


No comments:

Post a Comment