මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 21, 2018

CN කුළුණ මුදුනේ සිට නයගරා ඇල්ල බලන්නට .........ටොරොන්ටෝ නගර සංචාරයක මතකය ….


CN Tower offering nightly light shows to "brighten the mood" | News


කැනඩාව ලෝකයට ගෙනගිය සංකේතයක් ලෙස  CN කුළුණ අපට අභිමානයෙන් හදුන්වා දිය හැකිය. එහි සුවිශේෂ හැඩය මෙන්ම ඔන්ටාරියෝ විල අසබඩ පිහිටා තිබීම හේතුවෙන් එයට එක්වුණු මනස්කාන්ත බව නිසා එයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි . වෙනත් රටකින් පැමිණි ඔබේ නෑදෑ හිතවතෙකු පහසුවෙන් කැදවා ගෙන යන්නට බොහෝ දෙනා පෙළබෙන්නේ එනිසාය . මැනැවින් හිරු පායා පැහැදිලි අහසක් ඇති දිනක ඔන්ටාරියෝ විලේ අනෙක් පස පිහිටි නිව්යෝර්ක් ප්රාන්තයත් , නයගරා ඇල්ලත් එහි මුදුණත දී දැකගත හැකිය .

Image result for niagara falls canada

Visiting the CN Tower: What You Need to Know | CityPASS Scrapbook



CN කුළුණ ( CN Tower)

CN Tower, Toronto, Ontario, Canada - Culture Review - Condé Nast ...

ජෝන් න් දෘ , වෙබ් සෙරෆා සහ මෙන්කෙස් හුස්ඩන් මෙහි සැලසුම් කරුවන්  ලෙස හැදින්වෙනවා . මෙය ඉදිකිරීමේ  මූලික  අරමුණ වුයේ සන්නිවේදන කුළුණක් ලෙසින්. එකල කැනඩාවේ ප්රමුඛතම දුම්රිය සමාගම වූ CN කැනඩා ජාතික දුම්රිය (Canadian National Railway) 1968 දී සැලසුම් කල මෙහි ඉදිකිරීම් පටන් ගත්තේ 1972 දී. 1976 දී  මිලියන 63 ක් වියදමින් නිමවන විට එය එකල ලොව ඉදිකර තිබු උසම ඉදිකිරීම වුනේ කැනඩාවට ජාත්යන්තරයේ කීර්තිය ගෙනදෙමින්. එහි සම්පුර්ණ උස අඩි 1815 ක්.
ටොරොන්ටෝ නගර මධ්යයේ යුනියන් දුම්රියපල ඔන්ටාරියෝ විල අසබඩ විනෝදාස්වාදන කලාපය අද්දරම පිහිටි මේ සංචාරක කේන්ද්රස්ථානය ලොකු කුඩා සැමට මවිතය ගෙනදෙන තැනකි . වේගවත් විදුලි සෝපානයේ ගමන් කරනවාට අමතරව බොහෝ ක්රියාකාරකම් මේ පරිශ්රයේදී සිදුකල හැකියි . කැමති නම් ඔබට පඩිපෙල දිගේ ඉහලට නගින්නට පුළුවන්. මුදුනේදී එහි අග එල්ලී ( Edge Walk ) ත්රාසජනක අත්දැකීමක් විදගන්නත් පුළුවන් .. රවුමට කැරකෙන 360 අවන්හලේ කෑම ගන්නා ගමන් වටපිට පෙනෙන කදිම දසුන් දැකිය හැකිය. දවාලට සේම රාත්රියේදී විදුලි බුබුළු වලින් ආලෝකමත් වූ විට මේ අටල්ලමවන්නේ  මනස්කාන්ත දසුනක් . විවිධ දින සහ සැමරුම් වෙනුවෙන් .LED. තාක්ෂණය සහ පරිගණක මෘදුකාංග මගින් ඒවා ක්රියාත්මක වන රාත්රියට මවන දසුන් අසිරිමත් .

CN Tower : Digital Archive : Toronto Public Library


Why CN Tower is the most overrated attraction in Toronto - Lily ...

Ripley's Aquarium In Toronto Adults Only Paint Nite This Fall 2019 ...



Ripleys මින් මැදුර (  Ripley’s Aquarium)



 දස දහසක් කුඩා මාළු , රෑන් ගැසුණු විට කොච්චර ලස්සනද ? ටොරොන්ටෝ නගර මද්යයේදී ඒවගේ අත්දැකීමක් කෙතරම් සුන්දරද ?  CN  කුළුණ අසබඩ පිහිටි මේ මින් මැදුර ඩිස්නි ලෝකයේදී, නයගරා ඇල්ල අසබඩ මැරීන් ලන්තයේදී, මොන්ට්රියල් නගරයේ ජිව විවිධත්ව මන්දිරයේදී සේම ට්රුඩෝසක් හිදී අප කල තල්මසුන් බැලීමේ සංචාරයන්  සිහිපත් කලා . සත්ව යින්  16000 ක් වතුර ගැලුම් මිලියන 1.5ක් තුල කැටි කල විට දැකිය හැකි විසිතුර තවමත් මගේ මතකය අවදි කරනවා. කිමිදුම් කරුවෙකු මාළුන්ට කෑම දෙන අවස්ථාව කල් ඇතිව සොයාගෙන එය නරබන පරිශ්රයට එක්වීම වෙනස් අත්දැකීමක් ගෙන දෙන බව කිව යුතුයි .අන්තර්ජාලයෙන් ටිකට් පත් වෙන්කර ගැනීම කාලයත් , මුදලුත් ඉතිරි කර දෙන බව කිව යුතුයි . සවස කෙටි කාලයකට යන්නේ නම් වට්ටම් සහිත ප්රවේශ පත් තිබෙනවා .

10 things to do in Toronto today

ප්රදර්ශන කුටි 10 කදී වෙනස්ම අත්දැකීම් විදින්නටත් , මෝරුන් සමග දිය යට දර්ශන බලන්නටත් , දේදුනු වර්ණ මාළු රෑන් අසලින් ඇවිද යන්නටත් මෙය කදිම තැනක් . ගමනට පෙර  ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසීමෙන් කාලීනව ඔවුන් පවත්වන විවිධ අංග සහ සංගීත සන්ධයාවන් පිළිබදව දැන ගන්නට පිලිවන් . කුඩා දරුවන්ගේ පටන් මහල්ලා දක්වා සැමට විනෝද වන්නට විවිධ අංග ඇති බැවින් ඔබේ කැමරාව හෝ ජංගම දුරකථනයේ මතක පත් ( Memory cards) සහ බැටරි තත්වය පරීක්ෂා කරගෙන යාම සුදුසුයි . ප්රවේශපත්රය වෙනුවෙන් ගෙවන මුදල වැඩි නිසා නැවත නැවත එහි යාම ලාබදායක වන්නේ නැහැ .


Ripleys Aquarium! | t.listed


Roundhouse Park - Wikipedia


Round house Park

Toronto Railway Museum | Ontario Museums



CN කුළුණ අසලම පිහිටි අක්කර 17 ක් බිම්කඩක් වන මෙය ටොරොන්ටෝ නගර සභාවට අයත් දේපලක්. 1929-31 කාලයේදී ඉදිකල ජෝන් වීදියේ දුම්රිය එන්ජින් සේවා මධ්යස්ථානය වන මෙය අඩ කවයක් ලෙස තනා ඇත්තේ අතීතයේදී ගල් අගුරු දුම්රිය එන්ජින් හැරවීමේ ක්රමවේදයට පහසු වනු පිණිසයි. අද මෙය ක්රියාත්මක වන්නේ දුම්රිය කෞතුකාගාරයක් ලෙසින් . අතීත දොන් දුම්රිය ස්ථානය , සේවයෙන් ඉවත් කල විවිධ මාදිලියේ දුම්රිය එන්ජින් සහ මැදිරි මෙන්ම ඩීසල් දුම්රිය එන්ජිමක සිමියුලේටරයක් මෙහි තිබෙනවා .
කිලෝමීටර භාගයක් දුර දිවෙන කුඩා දුම්රිය මගක් මත කුඩා වාෂ්ප එන්ජිමක නැගී රවුමක් යන්නටත් ඔබට පුළුවන් . එයට අමතරව ඩීසල් දුම්රිය ඇන්ජිමක රියදුරු කුටියේ වාඩිවී කදිම අත්දැකීමක් ලබන්නටත් පුළුවන් .





වරාය මුවදොර ( Toronto Harbour Front)



සංචාරය සදහා හැම විටම අත දිගහැර වියදම් කරන්නට අවශ් වන්නේ නැහැ . සති අන්තවල සවස් වරුවේ සහ ගිම්හාන සමයේදී ඔන්ටරියෝ විල අසබඩ නගර මද්යයේ පිහිටි මේ පරිශ්රයේ අනුග්රාහක සමාගම් මගින් පවත්වන බොහෝ ක්රියාකාරකම් තිබෙනවා . එහි ඇති එළිමහන් වේදිකාවේ  සංගීත සංදර්ශන , නැටුම් , ගැයුම් , සංස්කෘතික අංග පැවැත් වෙද්දී විල්තෙරේ ඉර බසින සද නැගෙන නෙත්කළු දසුන් විදිමින් අවන්හලකින් සප්පායම් වන්නටත් පුළුවන් . කැමති නම් රුවල් නැවක හෝ බෝට්ටුවක නැගී රවුමක් යන්නටත් පුළුවන් .
වාහන නැවැත්වීමේ අපහසුතා නිසා GO සහ TTC පොදු ප්රවාහන මාධ්යයකින් සති අන්ත Family Pass එකක් ගැනීම ලාභදායී විකල්පයක්.



Image result for go trains


හැඩතල කෞතුකාගාරය ( Design Exchange)

Image result for design exchange toronto

Image result for design exchange toronto


 ටොරොන්ටෝ කොටස් වෙළද පොල පිහිටි පැරණි පරිශ්රය මේ වනවිට ප්රතිනිර්මාණය කර තිබෙන්නේ කෞතුකාගාරයක් සහ ප්රදර්ශණ පැවැත්වීමේ මධ්යස්ථානයක් ලෙසින් . ටොරොන්ටෝ නගර මධ්යයේ යුනියන් දුම්රිය සහ බස් නැවතුම්පල අසල පිහිටි මෙහි සති අන්ත සහ ගිම්හාන කාලයට ළමයින් වෙනුවෙන් ක්රියාකාරකම් කදවුරු පැවැත්වෙනවා . ගෘහ නිර්මාණ ශිල්පය සහ ඇතුලත හැඩතල ( Interior  Designing) පිළිබද උනන්දු වන සැමට මෙය අගනා තැනක් .

රෙඩ්පත් සීනි කෞතුකාගාරය ( Redpath Sugar Museum)

Image result for Redpath sugar museum toronto

Image result for Redpath sugar museum toronto


 සීනි අපට නැතිවම බැරි දෙයක් . තේ කෝප්පයේ පටන් දහසකුත් එකක් විවිධ කෑම සදහා එක්වන සීනි , උක්ගසින් පටන් ගෙන යන ගමන දුරයි . ගැන තොරතුරු දැක බලාගන්නට හැකි මේ පරිශ්රය ඇත්තේ ටොරොන්ටෝ නගර මධ්යයේ . එය ක්රියාත්මක වන වෙලාව එහි වෙබ් අඩවිය බලා දැනගැනීම සුදුසුයි .

ඔන්ටරියෝ චිත් කලාගාරය ( AGO-  Art Gallery of Ontario)



සේයාරූ කලාව දියුණු වන්නට පෙර බොහෝ පුද්ගල රූප (Portraights) බිහිවුනේ සිතුවම් ලෙසින්. සොබාවික පරිසරය සහ ජන ජීවිතය පිළිබද සාක්ෂිත් එසේමයි .කැනඩාවේ ඉතිහාසය දෙස වෙනස් ඇසකින් බලන්නට යායුතු අගනා තැනක් ලෙස මෙය හදුන්වා දිය හැකියි .
පැරණි චිත් සේම නුතන චිත්රත් , යුග යුග වෙනස් වෙමින් කෙරුණු චිත් සහ මුර්ති , කැටයම් සහ ප්රතිමා විශාල ප්රමාණයක් මේ කලාගාරයේ තිබෙනවා . මෙහි පිටත හැඩයත් ඇතුලත ආලින්දයකුත් එකතු කොට කර ඇති සැකැස්ම මන බදනා එකක් . කුඩා සහ තරුණ ළමයින් වෙනුවෙන් ගිම්හාන කදවුරු සහ ක්රියාකාරකම් , වැඩසටහන් රැසක් මෙහි තිබෙනවා .
අන්තර්ජාලයෙන් මෙහි ඇති ප්රදර්ශන සහ තේමා ගැන දැනගෙන ඔබේ ගමන සැලසුම් කරන්න පුළුවන් . ඔබ පොදු ප්රවාහන මාධ්යය පාවිච්චි කරන්නේ නම් St. Patrick Subway Station තිබෙන්නේ මෙයට නුදුරින්.

Image result for art gallery of ontario



ටොරෝන්ටෝවේදී දැකිය හැකි තවත් තැන් ....

Image result for st lawrence market

යෝර්ක් කොටුව ( Fort York)
 කැම්ප්බෙල් නිවහන ( Campbell House)
පැරණි සහ නව නගර ශාලා (Old & New City Hall)
ශාන්ත ලෝරන්ස් වෙළදපල ( St. Lawrence Market)
ඊටන් මධ්යස්ථානය ( Eaton Centre )

Image result for eaton centre



ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .
ටොරෝන්ටෝවට නුදුරින් පිහිටි තවත් තැන් කිහිපයක් සමග ඊළග කලාපයෙන් හමුවෙමු ...


සටහන

අනුරුද්ධ වැලිගමගේ


සේයාරූ -  හෙසදී වැලිගමගේ

* අන්තර්ජාලයෙන්


Image result for st lawrence market

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017 අගෝස්තු   කලාපයේ පලවිය .


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට


http://dasatha.com/

Image result for toronto city hall

Image result for campbell house toronto

No comments:

Post a Comment