මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Sunday, July 26, 2020

හීන වලට පාට දෙන්න.... අනුරුද්ධ වැලිගමගේ ......කවි.....

Group of Happy Young Men and Women Dancing and Singing, Students ...

හීන වලට පාට දෙන්න

දේදුන්නක නැගල එන්න

ලස්සන සිතුවම් මවන්න

එක රෑනේ ඉගිල එන්න

 

පාට පාට මල් පොකුරක්

වාගේ එකමිට බැදෙන්න

වෙනසම ලස්සන කරලා

හිත් යායේ පුබුදුවන්න

 

තරු කැට ඉහෙනා අහසේ

නෙක නෙක හැඩතල මවන්න

මුතු ඇමිණු මාලය වී

එකමුතු වී නිති හිදින්න

 

අනුරුද්ධ වැලිගමගේ


Songs for Best Friends

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

 


2 comments:

  1. හරි ළස්සනය් දිගටම ලියන්න

    ReplyDelete
  2. හරි ළස්සනය් දිගටම ලියන්න

    ReplyDelete