මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Tuesday, July 28, 2020

බලා හුන්නෙමි කල්ප කල් හිද .....අනුරුද්ධ වැලිගමගේ.....කවි......

man standing on stone looking at sunset photo – Free Nature Image ...


බලා හුන්නෙමි කල්ප කල් හිද 
ඈත දුර අහසේ 
හාදු දෙන රළ කැරලි කැලතෙන 
නිල් සයුරු අරුමේ ........

ශීත සොමිගුණ සපිරි මහකුළු 
නොසැලි සිටි දවසේ 
යුගෙන් යුග ඒ කල්ප කාලය 
පාව යන අරුමේ 

කුළුණු සුවිසල් ගගන තලයට 
අත වනන මොහොතේ 
බිදෙන් බිද නෙතු පියන් අද්දර 
මියෙන තුරු අතරේ
 

අනුරුද්ධ වැලිගමගේ

man standing on top of mountain Image - Free Stock Photo

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.



5 comments:

  1. මේක ලස්සන ගීතයක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . බලමු .

      Delete
  2. ගැලපෙන තනුවකුත් සකස් කර ගායනා කරන විට සොඳුරු සිතුවම් මැවෙන ළයාන්විත ගීතයක් වේවි.

    ReplyDelete
    Replies
    1. දයාරත්න මහත්මා තව ඉල්ලීම් තියෙනවා බොහොම ස්තුතියි අදහසට ඉදිරියේදී බලමු

      Delete