මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 30, 2021

ටක් .... ටක්.... ටක් .....අනුරුද්ධ වැලිගමගේ......

Cuckoo Clock Sale Wall Clock With Bird Sound Coo Coo Clocks In ...

හිරුද එබෙනවා ටක් ......ටක්... ටක්..

 කුකුළා හඩලයි ටක් .... ටක් ... ටක්...

පාසැල් යන්නට වෙලාව හරි දැන්

 නැගිටින් ළමුනේ ටක් .... ටක් .... ටක්...

 

මුහුණ දොවනවා ටක් ..... ටක් .... ටක්...

 දතුත් මදිනවා ටක්.... ටක්.... ටක්....

විගහට , හනිකට ලෑස්ති වෙන්නකො

අකුරු කරන්නට ටක් .... ටක් .... ටක්..

 

අත හැඩකරනා ටක් ..... ටක් .... ටක්

තත්වය රකිනා ටක් ..... ටක් .... ටක්

රටින් රටට යන අරුමැකි මෙහි හඩ

දිගටම දිගටම ටක් .... ටක්.... ටක් ....

 

බිත්තියේ එල්ලෙයි ටක් .... ටක්.... ටක් .

 හඩදී හඩලයි ටක් ....ටක් ....ටක් ....

හැමටම වෙලාව හරියට කියනා

කවුදැයි කියමුද ටක් .... ටක්.... ටක් .....

 

අනුරුද්ධ වැලිගමගේ 


Polygonal Dial Design Watch For Women's Luxury Fashion - Leather ...

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

 

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

 Group of Vintage Alarm Clocks | Cottone Auctions

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.


No comments:

Post a Comment