මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 18, 2021

හිතට ආඩම්බරයක් ගෙනෙන අපේ හෙළ බස ......අනුරුද්ධ වැලිගමගේ.......

 





සිංහල පන්තියට රැගෙන යන සෑම සෙනසුරාදා දිනෙකම ලංකාවේ උපන් , සිංහලයෙන් උසස් පෙළ දක්වා අධ්යාපනයක් ලැබූ අප වැනි දෙමාපියන් දෙවන පරම්පරාවට සිංහලය කාවද්දන්නට දරන උත්සාහය කැපී පෙනේ. ඉංග්රීසි හා ප්රංශ භාෂාවන් භාවිතයෙන් සිප්හලේදී අකුරු කරන දරුවන්ට සිංහලය කියා දීමට ජාත්යන්තර භාෂා පන්තිවල ගුරු භවතුන් දරන අපමණ වෙහෙස මහන්සිය පැසසුම් කටයුතුය. සිංහල පන්තියට දරුවන් රැගෙන ඒමෙන් පමණක්ම ඔවුන්ගේ සිංහල දැනුම වැඩිදියුණු නොවන බව බහුතරයක් අදහන නමුදු තම දූ දරුවන් සිංහලයෙන් කවියක් කියන විට, පත්තරයක සිරස්තලය කියවා ගැන විස්තර අසන විට , තතන තතනා හෝ සිංහලයෙන් යමක් කියන විට දැනෙන සතුට කියා නිම කල නොහැකිය

සංකර වූ හඩකින් මව්බිමෙහි ජනප්රිය මාධ් බස වනසන කල්හි මෙපුර පැවැත්වෙන ඇතැම් උත්සවයක මැනවින් බස හසුරුවන නිවේදකයින් දකින කල සිතට ආඩම්බරයක් දැනේ. එහෙත් මොඩ් කල සිංහලයෙන් උත්සව හසුරුවන්නන් දකින බහුතර උත්සව සිතට ගෙන එන්නේ ඔවුන් දෙවන පරම්පරාවට දෙන වැරදි ආදර්ශය කෙතරම් භයානකද යන අදහසයි. විවිධ වූ හේතු කාරණා කරුණු කොට මව්බිමෙන් පිටමංව සතර ඉරුතුවේ වෙනස්කම් දකිමින් මේ හීතල රටේ උදෑසන සිට රෑ වනතුරු දිවි සරි කරනට වෙහෙසවන සැමියා සහ බිරිද වෙත මසකට වරක් කියවන්නට ලැබෙන මුද්රිත ප්රකාශනයන්හි බස සුරැකීම සැබැවින්ම අගය කල යුතුය

මා මේ ලිපිය ලියන , ඔබ කියවා රස විදින සන්නිවේදන මාධ්යය සිංහල භාෂාවයි. කාලයත් සමග පරිණාමයට ලක්වෙමින් මිලියන ගණනක් මානවකයින්ට ජීවිතයේ හරය කියාදුන් ජීවනාලිය හෙළ බසයි. වරින් වර සිදුවූ විදේශ ආක්රමණයන් සමග පොර බදිමින් ශ්රී ලාංකේය දු දරුවන්ට දැනුම බෙදා දුන් සිංහල භාෂාව ලෝකයේ ඇති දහසකුත් එකක් භාෂාවන් අතුරින් සුළුතර ගණයෙහි ගැනෙන්නක් වුවද භාවිත කරන පිරිස සංඛ්යාත්මකව අඩු ගණනකින් යුක්ත වුවද ගුණාත්මක බවින් හා රසවත් බවින් එහි ඇති වටිනාකම අතිමහත්ය. වියත් පඩිවරුන් බොහෝ දෙනෙක් සිය දේශනවලදී සිහිපත් කරන ලද්දේ සිංහල භාෂාව කාව්යාත්මක බසක් ලෙසිනි.

සිංහල

ශ්රී ලංකාවේ රාජ් භාෂාව වන සිංහලය භාවිත කරන පිරිස සංඛ්යාත්මකව මිලියන 18 ක් පමණවේ. භාෂා වර්ගීකරණයට අනුව සිංහල භාෂාව ඉන්දු යුරෝපීය භාෂා පවුලේ ඉන්දු ආර්ය උප ගණයට අයත්ය. ප්රාග් අයිතිහාසික යුගයේ පටන් පැවත එන සිංහල භාෂාව විදේශ ආක්රමණයන්  හා යටත් විජිත පාලනයන් නිසාවෙන් ඉන්දියානු සහ පෘතුගීසි, ලන්දේසි , ඉංග්රීසි යන යුරෝපීය භාෂාවන් සමග සම්මිශ්රණය වීමෙන් වත්මනෙහි වහරන සිංහල භාෂාව දක්වා පරිණාමයට ලක්ව ඇත

සිංහල යන වදන සංස්කෘත භාෂාවෙන් පැවත එන්නකි. සිංහ වංශිකයන් වහරන හෙළ බස යන්න එහි අදහසයි. 5 වන සියවසේදී උතුරු ඉන්දියාවේ සිට පැමිණි වග මහාවංශයේ සදහන් වේ.

සිංහල සාහිත්යයට විශාල ආභාෂයක් ලැබී ඇත්තේ බෞද්ධ සාහිත්යයෙනි. දකුණු ඉන්දීය සොලී ආක්රමණ නිසා දමිළ භාෂාවෙන්ද යටත් විජිත සමයන්හිදී එම භාෂාවලින්ද සිංහල භාෂාවට බොහෝ වචන එකතුවී ඇත.

ලංකාවේ පලාත්බදව ව්යවහාර කරන ආකාරය විවිධ වුවද සිංහල භාෂාව ප්රවාහනය කරන ලිඛිත මාධ්යය සිංහල අක්ෂර මාලාවයි. මිශ් සිංහල හෝඩිය අකුරු 54 කින් සමන්විත වේ


පොදුවේ යම් භාෂාවක් වැදගත් වන්නේ යමෙකුගේ සිතෙහි පහලවූ අදහසක් තවෙකෙකු සමග හෝ පොදුවේ මහජනතාව අතරට සන්නිවේදනය කිරීම සදහාය. කථිකයෙකු සිය දේශනය තුලින්, රචකයෙකු සිය ප්රකාශන තුලින් පමණක් නොව නාට්, චිත්රපට හෝ ගීත රසවිදින ප්රේක්ෂක , ශ්රාවක පිරිසට තම අදහස ප්රේෂණය කරන්නේ භාෂාවයි.

අතින් ගත් විට සිංහල බස අනෙකුත් භාෂාවන්ට වඩා පොහොසත්ය. තනි වචන, උපමා, උපමේය ප්රස්තාව පිරුළු ආදියෙන් අනූනය. අර්ථ රසය, ශබ්ද රසය මෙන්ම හාස් රසය දනවන යෙදුම් රැසක් ගොනුකර ගැනීමට පොත්පත් කිහිපයක් පරිශීලනය ප්රමාණවත්ය. එකම වචනය හෝ පදවැල ඉදිරිපත් කරන ආකාරය අනුව වෙනස් තේරුම් ගෙන දීමට සමත්ය.


සිංහලය බුදු දහම සමග නිතැතින්ම බැදී පවතී. බුදු දහම නිසා පාලි හා සංස්කෘත වචනද සිංහලට එකතු වී තිබේ.පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියවා ජීවිතය අවබෝධ කරගන්නටත් බෝධීන් වහන්සේ සෙවණේ බණ පොත් කියවන්නටත් පුරුදු වූ ගැමියෝ පන්සලේ හාමුදුරුවන්ගෙන් වැලිපීල්ලේ  අයනු ආයනු කීවේ ජීවිතය යහපත් කරගනු පිණිසය.   

කටපාඩමින් පැල් කවි, පාරු කවි, කරත්ත කවි කියමින් කාන්සිය පාළුව, දුරු කරගන්නටත් ගොයම් කවි , පතල් කවි කියමින් කාන්සිය මකා දමන්නටත් , සරල දිවි පෙවෙතකට හුරුව සිටි නූගත් ගැමියන්ට උදව් වූයේ සිංහල භාෂාවයි.

ගමේ නැකත්කරුට හෝ පන්සලේ හාමුදුරුවන්ට කියා දරුවාගේ ජන්ම පත්රය සාදවා ගන්නටත් , ගෙපැල කැපීමට , මල්වර වූ දියණිය මෙන්ම විවාපත් වන යුවලට සුබ වේලාවක් ලියවා ගන්නටත් යන සාමාන් ජනතාවට තරු පන්ති පිහිටීමෙන් සහ ග්රහලෝකවල ගමනින් වෙනස් වන නැකත් දැනගත හැකි වූයේ සිංහල භාෂාව නිසාය.   

  සංස්කෘත හා පාලි බසින් රචිත ග්රන්ථ ඇසුරේ ලියැවුණු පොතපතට සීමා වී තිබූ සිංහල භාෂාව නිදහස් අධ්යාපනය ඇසුරේ බිහිවූ අධ්යාපන විප්ලවය තුල සාමාන් මහජනතාව අතරට ගියේ කුමාරතුංග මුණිදාස ශුරීන් ප්රමුඛ හෙළ හවුලේ ක්රියාකාරීන්ගේ අප්රතිහත කැපවීම නිසාය. පුවත්පත් කලාවේ දැවැන්තයින් වන ඩී . බී  ධනපාලයන් , මාර්ටින් වික්රමසිංහයන් නිසා සරල සිංහලය සෑම සියළු දෙනාගේම අවධානයට යොමු විය.

භාෂාවක් වැදගත් වන්නේ යමක් කියැවීමට පමණක්ම නොවේ. ඉන් ඔබ්බට ගොස් ජීවිතය රස විදින්නට මානවයන්ට උදව් වන්නේ භාෂාවයි. රූප කියවා ශබ්දය හදුනාගන්නා ළදරුවාගේ පටන් හැරමිටියෙන් යනෙනා මහල්ලා දක්වා ශ්රී ලාංකිකයන්ගේ හැගීම්, දැනීම් ප්රකාශනයට සිංහලයෙන් වන මෙහෙය වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය.  

සිංහලය කතාකරන බහුතරය ශ්රී ලාංකික බෞද්ධයින් වුවද අන් ආගමික හා අන් ජාතික මිලියන 3 පමණ පිරිසක්ද සිංහලය වහරයි. සියළු මිනිසුන් අතර සාමය, සමගිය , සහජීවනය ඇති කරන්නට බසක ඇති බලය කෙතරම් දැයි දැනෙන්නේ 1956 දී ඇති වූ " ශ්රී " අක්ෂර අර්බුදය පිළිබද කියවන විටය.

 

අනුරුද්ධ වැලිගමගේ

2014 සැප්තැම්බර් දසත කලාපයේ පලවිය.         

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.   

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි   

9 comments:

  1. සිංහල භාෂාව ගැන ඒ වගේ ආදරයක් තියෙන එක හොඳයි. ඔය පොෂ් සිංහල සමහර වෙලාවට අවශ්‍ය වෙන්නේ නාලිකාවල ජනප්‍රිය කම් ගන්න නේද

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ලෙන්ගතු ප්‍රතිචාරයට ස්තුතියි. මට හිතෙන්නෙ සමහරු හිතන්නෙ පොෂ් වචන දාන එක තමන් ඉංග්‍රීසි දන්නව කියල පෙන්නන්න කරන උත්සාහයක් කියලයි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පෘතුගීසි, ලංදේසි භාෂා වලින් ආභාෂයක් ලැබුණා වගේ ඉංග්‍රීසි භාෂාවෙනුත් ඒවගේම දෙයක් නෙමේද වෙන්නෙ🤔

    ReplyDelete
    Replies
    1. නවීන් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි. ඔබ කියන දේ ඇත්ත. ඉංග්‍රීසි භාෂාවෙන් අපට ගොඩක් වචන එකතු වෙලා තියෙනවා. ඒවගේම සමහර වචන අපේ එදිනෙදා භාවිතයේදී සුලබ වෙලා තියෙනවා. බස් එක, ලොරිය හොද උදාහරණ දෙකක්. ඒත් සමහරු හිතන්නේ ඉංග්‍රීසි අනවශ්‍ය විදිහට මුසු කිරීම තමන්ගේ ලොකු කම පෙන්වන දෙයක් කියලයි

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අර වීඩියෝ එක දැම්මද

    ReplyDelete
  6. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

    ReplyDelete